මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය ලක්ෂ 2 සිට ලක්ෂ 10 දක්වා වැඩිකිරීමට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කතානායකවරයා මේ බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.

පවතින ආර්ථිකය තත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළගොස් ඇති හෙයින් එම රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පවසා ඇතැයි වාර්තා වේ.

යම්කිසි ප්‍රතිපාදනයක් වැඩිකරන ලෙස ඉල්ලූ විට ආණ්ඩුව පාර්ශවයෙන් නගන අදෝනාව වන්නේ මුදල් නොමැති බවයි. මෙවනෛව්ට රෝහල්වල ඖෂධ නැත. ජනතාවට ආහාර පාන සපයා ගැනීම පවා ගැටළුවක් වී තිබේ. පසුගියදා පාසල් සඳහා ආහාර වේල් දීමට අදාළව එක් දරුවෙකු වෙනුවෙන් වෙන්කරනු ලැබුවේ රු 60ක මුදලකි. නමුත් මැති ඇමති වරප්‍රසාද වැඩිකරගැනීමේ දී බදු මුදල් වියදම් කිරීම සිදුකරන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...