මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය ලක්ෂ 2 සිට ලක්ෂ 10 දක්වා වැඩිකිරීමට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කතානායකවරයා මේ බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.

පවතින ආර්ථිකය තත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළගොස් ඇති හෙයින් එම රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පවසා ඇතැයි වාර්තා වේ.

යම්කිසි ප්‍රතිපාදනයක් වැඩිකරන ලෙස ඉල්ලූ විට ආණ්ඩුව පාර්ශවයෙන් නගන අදෝනාව වන්නේ මුදල් නොමැති බවයි. මෙවනෛව්ට රෝහල්වල ඖෂධ නැත. ජනතාවට ආහාර පාන සපයා ගැනීම පවා ගැටළුවක් වී තිබේ. පසුගියදා පාසල් සඳහා ආහාර වේල් දීමට අදාළව එක් දරුවෙකු වෙනුවෙන් වෙන්කරනු ලැබුවේ රු 60ක මුදලකි. නමුත් මැති ඇමති වරප්‍රසාද වැඩිකරගැනීමේ දී බදු මුදල් වියදම් කිරීම සිදුකරන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...