Breaking News

දේශපාලනඥයන්ට යමක් ලැබෙනකොට ජනතාව ඒ දිහා වෛරයෙන් ක්‍රෝධයෙන් බැලීම වැරදියි – නාලක ගොඩහේවා

ජනතාව සිතන තරම් සුඛෝපභෝගී වාහන අමාත්‍යවරුන් සතුව නොමැති බවත් ඔවුන්ට රජයෙන් යම්කිසිවක් ලැබෙන විට ඒ දිහා වෛරයෙන් සහ ක්‍රෝධයෙන් නොබලන ලෙස රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාලක ගොඩහේවා කියා සිටියේ තමාට නිල වාහන තුනක් ලබා ගැනීමට අයිතියක් තිබුණද ඔහු රජයේ වාහනයක් සහ තවත් පෞද්ගලික වාහන දෙකක් නිල කටයුතු සඳහා භාවිතා කරන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

“ඇමතිවරයෙකු වශයෙන් මට වාහන 3ක අයිතිය තියෙනවා. එක වාහනයක් මගේ. අනෙත් 2ක පෞද්ගලික. මොකද දීලා තියෙන වාහන 2ම කැඩිලා. දෙකම ගරාජ් එකේ. ඒක තමයි යථාර්තය. අද ගිහින් බලන්න ඇමතිවරුන්ගේ තත්ත්වය කොහොමද කියලා. දුවන වාහන මොනාද කියලා බලන්න. ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරු ගාව නෑ. ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරු ගාව නෑ. ඇමතිවරයාට හැම තිස්සෙම ලැබෙන්නේ හිටපු ඇමතිවරයාගේ වාහනය නෙමෙයි. ඊට කලින් හිටපු ඇමතිවරයාගේ වාහනය. මොකද කලින් ඇමතිවරයාගේ වාහනය තමුන් එන්න කලින් කවුරුහරි නිලධාරියෙක් අරගෙන. ඔය කරුණ ගැන මම කතා කරන්න කැමතිත් නෑ. මොකද වාහන බලාපොරොත්තුවෙන් මම බලයට ආවෙත් නෑ. මේ වෙලාවේ පුද්ගලික වාහනවලින් දුවන්නෙත්”හැමවෙලේම දේශපාලනඥයා දිහා වෛරයෙන් බලන්න එපා. මිනිස්සුන්ට කරදරයක් වුණාම දේශපාලනඥයින්ගෙන් ආධාර බලාපොරොත්තු වෙනවා. ඊට පස්සෙ දේශපාලනඥයන්ට කියනවා පඩිවත් ගන්න එපා කියලා. හැමදේම පරිත්‍යාග කරන්න කියනවා. ඉතින් ඒවා සාධාරණ ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර දේශපානඥයන් ඉන්නවා අපි අතර පාර්ලිමේන්තුවට බස් එකේ එන්නෙ. ඔබ කියන්නෙ දේශපාලනඥයන්ට පුළුවන්තරම් හොරකම් කරලා මේවා ඕන නෑ කියන්නද? ඇඟිල්ලවත් දික්කරන එක අසාධාරණයි. ඒ තරම් අහිංසක මිනිස්සු. එතරම් පිරිසිඳු මිනිස්සු. ඒ මිනිස්සුන්ට රජයෙන් යම්කිසි දෙයක් ලැබෙනවානම් තමන්ගේ වැඩකටයුතු කරන්නට ඒ දිහා ක්‍රෝධයෙන් වෛරයෙන් කතා කරන එක හරි නැහැ. ”

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග අදහස් දක්වමිනි.

නාලක ගොඩහේවා කියන ආකාරයේ ‘අහිංසක දේශපාලනඥයන්’ දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් බලන මහජනතාවට නැවත මතක් කිරීමක් ලෙස පහත ඡායාරූපය පළකරන්නෙමු.

leave a reply