රෙද්ද සංකේතයක් මෙන්ම හැවකි

ඕන රෙද්දක් කියා හිත හදාගන්න පුළුවන් කාලයක් නොවුනත් අපි ඔක්කොම එලෙස හිත හදාගනිමින් සිටිමු.

රෙද්ද ලංකාවේ කවදත් අංක එකේ වටිනාකමක් සහිත සංකේතාත්මක භෞතික වස්තුවකි.

උපතේ ස්ත්‍රී පුරුෂබව කම්බා සරම් රෙද්දෙන් සංකේතවත් වේ.කසාදයේදී අම්මාගෙන් බිව් කිරට වන්දිය රෙද්දෙන් සංකේත කරයි. මනමාලිය වටා ඔතන රතු රෙද්ද හා ඇඳුම් මල්ලට ඔබන සුදු රෙද්ද තවත් රෙදි සංකේතයන්‍ ය.

මරණයේ පාංශුකූල රෙද්ද ජීවනාර්ථයකි.හිමිනමක් වැඩිකළ සුදුරෙද්ද එළා ගෞරවය සංකේතවත් කරමු.සමහර රෙදි දැක්ක ගමන් අපේ චර්‍යා වෙනස්වන්නේ ඒ රෙද්දට හිමි සංකේතාත්මක වටිනාකම නිසාය.

රෙද්ද සංකේතයක් මෙන්ම හැවකි.හැව පැළඳි කළ ඒ පසුපස නිර්මිත බෝහෝ දේය.

හැවට ලංකාවේ ඉහළ වටිනාකමක් ඇත.

වෛද්‍යවරයා වෙදනලාව සමඟ ඊට සම්බන්ධ හැව පළදී.නීතිඥවරුන් කළු හැවද,පූජකයන් සුදු,තැඹිලි,කළු හැවවල් ද,හෙදියන් තව හැවක්ද ,ත්‍රිවිධ හමුදාව,ශිෂ්‍ය ප්‍රජා එකිනෙකාට ආවේනික හැවවල් පළදී.මේ හැවවල්වලට හිමිවෙන ඉහළ වටිනාකම්‍ ය.

එහෙත් නගරසභා කම්කරුවා පළදින ,සාමාන්‍ය සිවිල් පුරවැසියා පළඳින රෙදි හැවවල්වලට මෙවන් වටිනාකමක් හිමි නොවේ.

මෙනයින් හැඟෙන පරිදි රෙද්ද යනු අතිශය වටිනාකමක් සහිත මාතෘකාවක් බව පෙනී යනු ඇත.

ඒ නිසාම පසුගිය සතියේ සාරි රෙද්ද ද ජනගත මාතෘකාවක් විය.

සාරි රෙද්ද ගලවා සැහැල්ලු සිතින් ගුරුවරු කීප දෙනෙක්ම කළ එළි බැස්ස වගද අප නෙත ගැටුණි.

එහෙත් ලංකාවේ රෙද්දේ ඇති සංකේතාත්මක වටිනාකම අනුව තවත් අවුරුදු ගණනක් ගියත් අපි සාරි රෙදි හැව ගැලවීමට කැමති නොවනු ඇත.

මන්ද අපේ රෙද්දේ අරමුණු විළිවසා ගැනුම හෝ කරදර උපද්‍රවවලින් බේරීම පමණක් නොවන බැවිනි.

මා මුලින් කී පරිදි අපිට රෙද්ද අවශ්‍ය සංකේතාත්මක වටිනාකම් උදෙසායි.රෙද්දේ සැඟවුණු දේශපාලනික,ආර්ථික ,සංස්කෘතික වටිනාකම් ඇත.

එනිසාම ගුරුවරු දෙතුන් පිරිසක් සාරි රෙද්ද ගැලෙව්වාට අති බහුතර ගුරුවරු සාරි රෙද්ද ගලවන්නේ මියගිය පසුය.

පංති කාමරයේ ඇවිදිද්දී,ළමුන් අතරට යෑමේදී,ක්‍රියාකාරකම් කිරීමේදී,ප්‍රවාහනයේදී මේ මොන ආකාරයේ ගැටලු ආවත් සාරිය ගැලවීමට අපේ බහුතර ගුරු ප්‍රජාව අකමැති වනු ඇත.

එනිසා රෙද්දෙන් වහන් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කිරීමට කාලය ගතකළ යුතු නැත.

රෙදි ගැලවීමට වඩා අප දැන් අවධානය යොමුකළ යුත්තේ රෙද්දක්වත් මිලදී ගැනීමට නොහැකි ව නිරුවත්වන රටේ ආර්ථිකය ගැනයි.

රෙදිවලින් වසා රැකිය නොහැකි රටේ සංස්කෘතිය ගැනයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...