උඹල තුත්තිරි වගේ……..!!!

විශ්වාසය තියල තියෙන්නෙ උඹල ගැන විතරයි ……….!
අරගල බිමේ කොඩිය බිමට වැටුනු හැම මොහොතකම උඹල ඒක උස්සගත්ත.
මූණිස්සම්, කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර උඹලව හොයාගන එද්දි උඹල පරඬැල් නොවී වානේ කඳන් වගේ ඒවට මුහුණ දුන්න .

උඹලගෙ උන් මැරුණ. මැරුණු තැන්වලින් සිය දහසක් ආයෙ ඉපදුනා.
උඹලව සමතලා කරන්ඩ බැරි ජාතියක්.
උඹල මේ බිමේ පැලවෙන ජාතියක්.
උඹල තුත්තිරි වගේ වඳ කරන්ඩ බැරි ඒත් කාටවත් නොපෙනෙන නොදකින ආදරණීය මල් ජාතියක් .
පාලකයො හැමනෙද්දි උඹල ඇමිනෙන්න පුළුවන් ජාතියක් . තුත්තිරි වගේම තමා……!!!

අද උඹලගෙ දවස.
අපේ හෙට දවස හදන උඹලගෙ අද දවස.

.දිරිය පතනව උඹලට.
ජයග්‍රහණයම පතනව උඹලට.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා…..!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ජයවේවා……..!!
අරගලය දිනේවා …….!!!

බෙනා

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...