උඹල තුත්තිරි වගේ……..!!!

විශ්වාසය තියල තියෙන්නෙ උඹල ගැන විතරයි ……….!
අරගල බිමේ කොඩිය බිමට වැටුනු හැම මොහොතකම උඹල ඒක උස්සගත්ත.
මූණිස්සම්, කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර උඹලව හොයාගන එද්දි උඹල පරඬැල් නොවී වානේ කඳන් වගේ ඒවට මුහුණ දුන්න .

උඹලගෙ උන් මැරුණ. මැරුණු තැන්වලින් සිය දහසක් ආයෙ ඉපදුනා.
උඹලව සමතලා කරන්ඩ බැරි ජාතියක්.
උඹල මේ බිමේ පැලවෙන ජාතියක්.
උඹල තුත්තිරි වගේ වඳ කරන්ඩ බැරි ඒත් කාටවත් නොපෙනෙන නොදකින ආදරණීය මල් ජාතියක් .
පාලකයො හැමනෙද්දි උඹල ඇමිනෙන්න පුළුවන් ජාතියක් . තුත්තිරි වගේම තමා……!!!

අද උඹලගෙ දවස.
අපේ හෙට දවස හදන උඹලගෙ අද දවස.

.දිරිය පතනව උඹලට.
ජයග්‍රහණයම පතනව උඹලට.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා…..!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ජයවේවා……..!!
අරගලය දිනේවා …….!!!

බෙනා

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...