Breaking News

මාව ඇහෙනවද? – කෙටි කතාව

මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය කළුගල්ලේ උපනන්ද හාමුදුරුවෝ

සිරිදාස කියන්නේ බොහෝ දේ දැන උගත් ස්කෝලේ මහත්තයෙක් එතුමාට පාසල කියන්නේ තමන්ගේ ජීවිතේ වගේ ඒත් ඉතින් මේ කොරෝනා රෝගයත් එක්ක ඔහුටත් ගෙදරට වෙලා ඉන්න වුණේ ස්වභාව ධර්මයෙන් දුන්න දඬුවමට වෙන කරන්න දෙයක් නැති නිසා සිරිදාස මේ ගැන ළතවෙමින් හැමදාම හිතුවේ මට ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් මොකක් ද කියලා ඒ ගැන හිතලා දවසක් සමරසේකර ඉස්කෝලේ මහත්තයට තමන්ගේ දුරකථනයෙන් කතා කරන්න හිතුවා.

හලෝ… සුභ උදෑසනක් වේවා..

මේ කථා කරන්නේ සමරසේකර මහත්තය ද?

ඔව්… සුභ උදෑසනක්

මම සිරිදාස මහත්තයා

අප්පා… හුග කාලෙකින් මොකද මේ දවස්වල කරන්නේ.

ගෙදරට වෙලා ඉන්නවා ළමයි ගැන මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා.

අපි නම් ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ

ඒ මොකද?

ඔන්ලයින් උගන්නවා නේ ඒ හින්දා ටිකක් වැඩ වැඩි

අනේ… ඔබතුමා ඔන්ලයින් උගන්නනව ද මට ඕක තේරෙන්නේ නෑනේ…

අපෝ සිරිදාස මහත්තයා ඒක හරිම සිම්පල් වැඩක්, මම කියලා දෙන්නම් කෝ…

හොඳයි හොඳ..යි

සමරසේකර මහත්තයා කියන්නේ ඉතාමත් ගුණ යහපත් වගේ ම යම් දෙයක් ඉතා ඉක්මනින් ඉගෙන ගන්න හැකියාවක් තියෙන කෙනෙක් ඒ වගේ ම හරිම පින්වන්ත කෙනෙක් බව ඕනෑ කෙනෙකුට දැකීමෙන් ම පේනවා එතුමා පාසලේ සිටින කොටත් තමන්ගේ රාජකාරිය හරියට ම කරන ඉතා දක්ෂ ගුරුවරයෙක්.

දිනක් සමරසේකර මහතා සමඟ නගරයට ගිය සිරිදාස ස්කෝලේ මහතා මෙම කටයුත්තට ගැලපෙන දුරකථනයක් මිල දී ගෙන ඊට අදාළ සියලු කටයුතු අකුරක් නෑර අසා දැන ගත්තේ කුඩා දරුවෙකු මෙනි.

සමරසේකර මහත්තයෝ… මන් සමහර කරුණු පොතක ලියා ගන්නවා හැම වෙලේ ම ඔබතුමාට කරදර කරන්න බෑනේ.

ආ… ඒකට කමක් නෑ… අපි මේ කරන්නේ ලොකු පිංකමක්නේ දෙයියනේ කියලා මේ කොරෝනා කලේ කාලාබීලා හරි ඉන්න අපිට පඩියක් ලැබෙන්නේ මේ රස්සාව හින්ද නේ සිරිදාස මහත්තයෝ.

ඒක නම් ඇත්ත… මටත් දැන් මහ විසාල සතුටක් දැනෙනවා… මට නිකන් පඩිගන්නවා තරම් මහ කරුමයක් නෑ කියලා මට හැම වෙලේ ම හිතෙනවා දැන් ඕන් ඒකත් ඔබතුමාට පින් සිද්ධ වෙන්න හරි ගියා.

සතිගානක් ගෙවි ගොස් සිරිදාස මහතා තමන් මේ සිදු කරන මහා කටයුත්ත නිසා නැවත ජීවයක් ලැබූවෙකු බවට පත් වී තම පාසල් හිතමිතුරන් කීප දෙනෙකුටත් පාසලේ ඉගැන්වීම් කරන භික්ෂුන් වහන්සේලා සමඟත් මේ පිළිබඳ කතා බහ කරන්නට හැකියාව ලැබුණත්, ඔවුන්ගේ ඒ කතා බහෙන් එතරම් සෑහිමකට පත් නොවුයේ ඔවුන්ගේ මන්දොස්සාහි බාවය නිසා ය.

අවුරුද්දකට අදික කාලයක් පාසල වසා තබා ඇති වකවානුවක සමහරුන් තාමත් whatsApp හෝ Zoom, MS Teams යන ඇප් ගැනවත් නොදන්නවා මෙන් සිටීම හාස්‍යයට කරුණක් සේ දැනෙන්න විය.

තම බිරිඳගේ ද සහයෝගය උපරිම ලෙස ලබාගෙන ඉතා සතුටින් online පාඩම්, කාල සටහනකට අනුව කරගෙන යාම සිරිදාස ස්කෝලේ මහතාට මහත් ම සතුටක් වුයේ තම දරුවන් ද මේ තුළින් යමක් ඉගෙන ගැනීමට වෙහෙස දරන ආකාරය පෙනීමෙනි.

ඔයා උදේට තමා කෑවේ නැ…නේ ද කාල හිටියනං හොඳයි…

හෙට පන්ති දෙකක් ම තියෙනවා එකට ටිකක් සුදානම් වුණා මේක පන්තියේ උගන්නවා වගේ නෙවේ නේ ටිකක් නුහුරුයි නේ ඒකයි…

ඒකනම් ඇත්ත… හැබැයි ඉතින් ඔයා ඔයතරම් මහන්සි වුණාට ඔය ස්කෝලේ ගොඩක් අය නම් ඔහොම නෑ කියල.. යි නයනා මැඩම් කීවේ…

ඔව්… ඔව්…. ඒක ඇත්ත සමහරු සිග්නල් නෑ කියනවා…, සමහරු පහසුකම් නෑ කියනවා…, සමහරු තෙරෙන්නෑ කියනවා… කියලා දවසක් විදුහල්පතිතුමා මාත් එක්ක කීවේ…
ඒත් ඉතින් ගුරුවරයෙක් කියන්නේ මඟ හරින කෙනෙක් නම් නෙවේ කියලයි අපි නම් හිතුවේ..

ඔව්… ඔව්.. හැමෝ ම නෙවේ සමහර අය, කොහොම වුනත් අපි මේවාගේ වෘත්තියක් කිරීමට එකතු වුණේ පෙර පිනට නේ… අපිට අපේ දරුවෝ දෙන්නත් හරි පාසලේ දරුවොත් හරි
ඔව්… ඔව්… ඒක නම් අපේ දෙන්නත් කියනවා.

සිරිදාස මහතාගේ බිරිඳ ද පිනට දහමට ලැදි ඉතා හොඳ සත්පුරුෂ කාන්තාවකි. ඇය නිතර කියන්නේ වැඩ නොකර පඩිගන්න එපා, ඒ කෙන් වන්දි ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ට ලෙඩදුක් හැදිලා කියලා… නැත්නම් අපිට මන්ද බුද්ධිකයෝ වෙලා ඉපදෙන්න වෙලා කියලා… බුද්ධිය දෙන්න ඕනෑ පිරිසක් අතරට එකතු වෙලා ඒක නොදි සිටීම අනුවණයන් වෙලා ඉපදෙන්න හේතු වෙනවා කියලා…

හැබැයි සමාජය හරිම වෙනස් මිනිස්සු තියා හාමුදුරුවරුත් පින්පව් හිතන්නැති කාලයක් මේක.

බිරිඳ කියන මෙවන් වදන් සිහිවෙන විට මට සිතෙන්නේ මම පාසලට.. දරුවන්ට.. ණය නැති කෙනෙක් වෙන්න ඕනෑ කියන එකමයි…

ඉතින් පිනට ලැබුණු ගුරු ජීවිතය පවට යොමු කරන්නට වෙහෙසෙන්නේ නැතිව එහි වටිනාකම දැනගෙන කාලයට ගැලපෙන දේට අනුව සේවය කිරීම මොන තරම් මානසික තෘප්තියක් ද…

රාත්‍රි 12.00 ට පමණ නින්දට ගිය සිරිදාස මහතා පසුව දා උදෑසනිම්ම නැගිට ලාහිරු පායා එන අයුරු දැක තම සිත ප්‍රබෝධයෙන් පුරවා ගනිමින් මේසය අසල ඇති පුටුව මත වාඩි වි තම සිංහල පාඩම ආරම්භ කලේ වෙනදාටත් වඩා හැඟිමකින් බව තම බිරිඳට දැනුනු නිසා බිරිඳ ඉතා ඉක්මනින් උදෑසන ආහාර වේල සකස් කොට ඔහුට උදව් වීමට සිතුවා ය

දරුවනේ… මාව ඇහෙනව ද?

ඔව් සර්…

අපි පන්තිය පටන් ගමු

 

 

leave a reply