අර්බුදය විසදීමට තරුණ නීතිඥයන්ගෙන් යෝජනාවලියක්

තරුණ නීතිඥ සංගමය ලෙස රටේ තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය විසදීමට අදාළව යෝජනා පහක යෝජනාවලියක් එළිදක්වා තිබේ.

ඊයේ (18) ගෝඨාගෝගම මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තරුණ නීතිඥ සංගමය නියෝජනය කළ නීතිඥවරුන් පැවසුවේ පවතින විරෝධතා ව්‍යාපාර විසින් ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවට වූ සටන් පාඨය නිවැරදිව ගෙනෙන නමුත් ඉන් අනතුරුව කුමක් කරන්නේද යන්න ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත්ව නොමැති නිසා එයට අදාලව මෙම යෝජනා මාලාව ඉදිරිපත් කරන බවයි.

යෝජනා 05 පහත දැක්වේ.
01) ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.
02) සීමිත කාර්යභාරයක් සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ අන්තර්වාල පාලනයක් පිහිටුවිය යුතුයි. එම අනුප්‍රාප්තික ජනාධිපත්වරයා නිශ්චික කාලයක් ඇතුළත ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට එකඟ විය යුතුයි.
03) දූෂිත ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම, දූෂණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඇති කිරීම
04) ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී මානව අයිතිවාසිකම් , විශේෂයෙන්ම සමාජ හා ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ප්‍රතිමාන ගරු කළ යුතුය.
05) මහජන ව්‍යාපාරයේ ඉල්ලීම් පිළිබිඹු වන සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා දේශපාලන පක්ෂවලට බල කිරීම සඳහා අඛණ්ඩ වූ ද සක්‍රීය වූ ද මහජන – පුරවැසි ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාම
සමගාමී යෝජනාව විදියට සමිපූර්ණ පාර්ලිමේන්තුව සහ විධායක ක්‍රමය ඉවත් කර මහජන කමිටු හරහා පත්වන නියෝජිතයන් හරහා සකස්වන මහජන කවුන්සිලයක් මගින් සකස් කරන ව්‍යවස්ථාවක් මගින් මහජන බලයක් ස්ථාපිත කල යුතු බවට යෝජනා විය

මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ තනුක මාධව නන්දසිරි, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් එක්ව සිටින ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...