අර්බුදය විසදීමට තරුණ නීතිඥයන්ගෙන් යෝජනාවලියක්

තරුණ නීතිඥ සංගමය ලෙස රටේ තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය විසදීමට අදාළව යෝජනා පහක යෝජනාවලියක් එළිදක්වා තිබේ.

ඊයේ (18) ගෝඨාගෝගම මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තරුණ නීතිඥ සංගමය නියෝජනය කළ නීතිඥවරුන් පැවසුවේ පවතින විරෝධතා ව්‍යාපාර විසින් ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවට වූ සටන් පාඨය නිවැරදිව ගෙනෙන නමුත් ඉන් අනතුරුව කුමක් කරන්නේද යන්න ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත්ව නොමැති නිසා එයට අදාලව මෙම යෝජනා මාලාව ඉදිරිපත් කරන බවයි.

යෝජනා 05 පහත දැක්වේ.
01) ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.
02) සීමිත කාර්යභාරයක් සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ අන්තර්වාල පාලනයක් පිහිටුවිය යුතුයි. එම අනුප්‍රාප්තික ජනාධිපත්වරයා නිශ්චික කාලයක් ඇතුළත ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට එකඟ විය යුතුයි.
03) දූෂිත ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම, දූෂණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඇති කිරීම
04) ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී මානව අයිතිවාසිකම් , විශේෂයෙන්ම සමාජ හා ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ප්‍රතිමාන ගරු කළ යුතුය.
05) මහජන ව්‍යාපාරයේ ඉල්ලීම් පිළිබිඹු වන සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා දේශපාලන පක්ෂවලට බල කිරීම සඳහා අඛණ්ඩ වූ ද සක්‍රීය වූ ද මහජන – පුරවැසි ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාම
සමගාමී යෝජනාව විදියට සමිපූර්ණ පාර්ලිමේන්තුව සහ විධායක ක්‍රමය ඉවත් කර මහජන කමිටු හරහා පත්වන නියෝජිතයන් හරහා සකස්වන මහජන කවුන්සිලයක් මගින් සකස් කරන ව්‍යවස්ථාවක් මගින් මහජන බලයක් ස්ථාපිත කල යුතු බවට යෝජනා විය

මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ තනුක මාධව නන්දසිරි, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් එක්ව සිටින ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...