Breaking News

බිරිඳක්

සංජිවනි රෑපසිංහ

මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා. ඒත් මට යන්න පුළුවන් වෙයි ද මේ හැමදේම අතහැරලා. මිනිහෙක් කාගේ හරි මල්ලකට වැටෙනවා කියන්නෙම ඒක ගැලවෙන්න බැරි උගුලක්. මට ගැලවෙන්න පුළුවන් වේවිද? මම ඇත්තටම ගැලවෙන්න ඕන මේ මිනිහාගෙන් නෙමෙයි, මගෙන්. ඇහි පිල්ලමක් ගානේ මං ආදරය කළ මිනිසාගෙන් මට ගැලවෙන්න අවශ්‍යයි කියලා දැනෙන එක කොයි තරම් පුුදුම සහගත ද? වෙලාවකට මට මං ගැනම පුදුමයි. ඒ තරම් ආදරයක්, භක්තියක් තිබ්බ තැනක් අද වහකඳුරු වෙන්න තරම්..

මාව පිළිගන්න කවුරු හරි මේ ලෝකේ ඉඳීවිද? නිකම්ම නිකම් මිනිහෙක්ගෙන් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් වේවිද? හැමදාම මම සන්සන්දනය කරාවි. නැතිවුණේ හොඳම දේ කියලා හිතාවි. මේ තරම් උගත්, මේ තරම් බලවත්, මේ තරම් ධනවත්, මේ තරම් ප‍්‍රතාපවත් මිනිසෙක් මට මුණගැසේවිද කසාද බඳීන්න. බැඳපු දවසේ ඉඳන් ඒ මිනිහාගේ අඩුපාඩුම මට පේන්න පටන් ගනීවි. මට පුළුවන් ද කොහෙ හරි යන පෙන්දෙක් කසාද මිනිහා කර ගන්න? ආදරය කියන සරුවපිත්තල කඩදාසියෙන් ඔතලා සම්ප‍්‍රදායික පෝරුවක් උඩ නැගලා, මුද්දක් දාන්න පුලූවන් ද මට? ඒ ආදරය මට වටීද? මේක අලූත් ලෝකයක්. පරණ හණමිටිකාරයෝ දැන් නෑ. කන්‍යාභාවය වගේ ඒවා කාටවත් වැදගත් නැහැ. ඒත් වෙන මිනිහෙක්ගෙන් සැනසෙන්න මට පුළුවන් වේවිද?

කවදා හරි එයා දික්කසාද වෙලා ඇවිත් මාව බඳීවි. මට හිතෙන්නේම එහෙම. කොයිම වෙලාවක හරි එයා ඇත්ත ආදරේ මොකද්ද කියලා හඳුනා ගනීවි. මගේ කැපවීම තේරුම් ගනීවි. එයා කවදා හරි මට ආදරය කරාවි. එයාගේ බිරිඳ හරිම අවලස්සන ගෑණියෙක්. සල්ලිවලට බඳීන්න ඇත්තේ. අද එයා විඳීන සියලූ සැප සම්පත් බිරිඳගේ පැත්තෙන් ලැබුණු මහා ධනස්කන්ධයලූ. එයාට තිබ්බේ උගත්කමයි රස්සාවයි විතරලූ ඉස්සර. අනුරාධපුරේ දුප්පත් ගමකින් එයා කැම්පස් ඇවිත් තියෙන්නේ. එයා ඔය කැත ගෑණි දාලා ඒවි. එයා සංස්ථාවක සභාපතිකමක් භාර ගනිද්දී මට එයා එක්ක එතනට ගිහින් ෆොටෝ ගන්න පුළුවන් වේවි. එයාගේ පිටිපස්සේ හිටගෙන. හැමෝම කතා වෙයි එයාට ලස්සන තරුණ බිරිඳක් ඉන්නවා කියලා. ඒවා පත්තරවලත් යාවි. අපේ ගමේ මිනිස්සු ඒවා බලලා පුදුම වේවි. මට ඊරිසියා කරාවි. ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියාවි. මේ වගේ හීන එක්ක දැන් අවුරුදු දහයක් ගෙවී ගිහින්. යථාර්ථයයි හීනයයි අතර දවසින් දවස ලොකු පරතරයක් මැවෙනවා. මං බලන් ඉන්නවා. වෙන මොනවා කියලා මං කරන්නද?

හැමදාම එයා කිව්වේ මං එයාගේ කියලා. මාව ඉම්ඹේ ‘‘ඔයා මගේ විතරයි’’ කියලා. ‘‘ඔයා මගෙද’’ කියලා අහන්න මට දිරියක් තිබ්බේ නැහැ කවදාවත්. මං ඉස්සරත් එයාට බයයි. තාමත් බයයි. මං දවසක් එයා ගාව හොඳටම ඇඩුවා ‘‘මං ඔයාට බයයි’’ කියලා. ඒකෙන් පස්සේවත් මාව බය කරන් තියන් ඉන්න එක ඉවර වුණේ නැහැ. බයයි කියන එකෙන් එයා ආඩම්බර වුණා.

අපි අතර කිසිම දෙයක් සම්බන්ධ සමානත්මතාවයක් තිබ්බේ නැහැ. ප‍්‍රශ්න කිරීමකින් තොරව සුවච කීකරු බිරිඳක් විදිහට මං වැඩ කළේ. එයා කියන්නේ මොකද්ද මං කළා. කිසිම පිරිමියෙක් එක්ක මට කතා කරන්න බැහැ. මගේ ෆෝන් එකේ එයා නොදන්න පිරිමි ඉන්න බැහැ. කිසිම වෙලාවක මගේ ෆෝන් එකට එයා කෝල් කරද්දී ලයින් බිසී වෙන්න බැහැ. කෝල් වේටින් වෙන්න බැහැ. අඩුම තරමින් අම්මාට තාත්තාට කතා කළත් ඒක කියලා තමා කෝල් එක ගන්න ඕන. විනාඩි දෙක තුනකට වඩා දිගට ඒත් කෝල් එකක ඉන්න බැහැ. පිරිමි යාලූවෙක් තියා ගෑණු යාලූවෙක්වත් මට හිටියේ නැත්තේ ඔහොම.

‘‘ඔයා මේක යාලූවෙකුට කිව්වොත් එතනින් කටින් කට යාවි. මට ලොකු කැලලක් වේවි. පත්තරකාරයෝ බලන් ඉන්නේ මට මඩක් ගහන්න’’ එයා නිතරම මාව හංගලා තිබ්බේ එයා වෙනුවෙන්. එයාගේ ගෞරවය වෙනුුවෙන්. මට මගේම කියලා ලෝකයක් තිබ්බේ නැහැ. මගේ ලෝකේ මධ්‍ය ලක්ෂයයි පරිධියයි ඔක්කොම වුණේ එයා.

මගේ හුදෙකලා ඇනෙක්ස් එකෙන් එළියට බහිද්දී නළල ඉඹලා එයා කිව්වේ හැමදාම ‘‘ඔයා මගේ’’ කියලා. ඔව්. එහෙම. ඒක කිසි දා නොමැරෙන ප්‍රේරමයක් කියලා. විවාහ නොවූ හැම කෙනෙක් ළ`ගම එහෙම ප්‍රේරමයක් තියනවා කියලා එයා කියනවා මාව එයාගේ උරහිසේ නිදිකරවගෙන. පුදුම දාර්ශනික කතා කියන්නේ. පිස්සු. කතා විතරක් අහන් ඉඳලා උද්දාමයට පත් වෙන්න පුළුවන් කාලයක්, එම කාලයට සීමාවක් තියෙනවා. එයාගේ සදාකාලික රහසිගත පේ‍්‍රමය මම කියලා හිතාගෙන ආඩම්බර වුණු කාලයත් දැන් හුඟක් මහලූයි. මට දැන් එයාගේ හොර ගෑණි විදිහට ජීවත් වෙලා ඇති වෙලා.

ඔව්. මං යනවා. සරල සම්ප‍්‍රදායික ජීවිතේකට යනවා. ළමයි හදාගෙන උයාගෙන පිහාගෙන ඉන්නවා. නෑ. ඒක කරන්න බැහැ. මට බැහැ සම්ප‍්‍රදායික බිරිඳක් වෙලා හරිම නීරස ජීවිතේක කොටු වෙන්න. හුඟාක් සල්ලි තියෙන මිනිහෙක් හොයා ගන්නවා. මගේ පෙනුමට ඒකට හොඳටම ප‍්‍රමානවත්. අතට පයට වැඩකාරයෝ තියාගෙන සැපට ඉන්නවා. ළමයි හදන්නේ නෑ. ඒ මොන කරදරයක් ද? ෆිගර් එකත් අවුට් යයි. හොඳ ගුණයහපත් කෙනෙක් මට මුණ ගැසේවි. ‘‘අතීතයෙන් වැඩක් නෑ මැණික. අපි අලූත් ජීවිතයක් පටන් ගමු’’ කියාවි. වෙන මිනිස්සු හම්බෙන්නේ කොහෙන්ද මට මම එළියට බහින්නේ නැතිව. ත‍්‍රීවීලර් ඩ‍්‍රයිවර් කෙනෙක් විතරයිි මට මුණ ගැහෙන්නේ. ඔෆීස් එකේ තට්ට තනියම. එයාගේ වැඩ. එයා භාර ගන්න වැඩ. ඒවා ඔක්කොම ලිපි ගොනුවල වැඩ. සතියකට සැරයක් සුද්ද කරන්න එන ගැහැණිය විතරයි මම ළඟට දකින එකම මනුෂ්‍ය ප‍්‍රාණියා. ෆේස් බුක් වගේ සමාජ ජාල මට තහනම්.

මං නුවර ඉඳන් කෝල් කළේ දැන් මං නුවරින් පිටත් වෙනවා කියන්න. එදා කාලෙකින් ගෙදර ගිය දවසක්. අම්මා අප්පච්චීට මගේ කසාදේ ගැන අහලාම ඒ ගැන මතක් කරලාම දැන් එපා වෙලා. මං මාස හයකට විතර වරක් උදේ ගෙදර ගිහින් හුඟක් වැඩ තියනවා කියලා හවස් වෙද්දී ඇනෙක්ස් එකට එනවා.

‘‘ඔතන තියෙනවා ලස්සන සාරි තියෙන තැනක්. ඔය වැව රවුමේ එහා පැත්තේ. එතනින් සාරියක් ගන්න. මාත් නුවර ගියාම එතනින් සාරි ගන්නවා’’

එහෙම ගත්ත එක සාරියක්වත් මට නම් ගෙනත් දීලා නැහැ. ඒවා දෙන්න ඇත්තේ බිරිඳට වෙන්න ඇති. එයාට තවත් ගෑණු ඉන්නවා කියලා නම් මං හීනෙන්වත් හිතන්නේ නැහැ. දවසක් මං එයාගේ කාර් එකට නගිද්දී පිටිපස්සේ සීට් එකේ තිබ්බා අත්යන්ත‍්‍ර රෙදි පිළි තියෙන ප‍්‍රසිද්ධ වෙළඳ සැලක ලොකු බෑග් එකක් පුරවලා සාරි. මං ඇහුවේ නෑ ඒවා කාටද කියලා. මං දන්නවා ඒවා බිරිඳට. එතකොට මං? මං එයාගේ කාර් එකට නගින්නේ ඉතාම පොඩි දුරකට පමණයි. බොහෝ විට මට යන්න ත‍්‍රීවීලර් එකක් ගෙනත් දෙන එකයි කරන්නේ. ඒත් ඒකේ ගාස්තුව ගෙවා ගන්න ඕන මම.

ඒත් එයාගේ බිරිඳට වෙනම කාර් එකක්, දරුවෝ පාසල් යවන්න රියදුරෙකු සම`ග වෙනම වාහනයක්. එයාට වෙනම වාහනයක්. අඩුම තරමින් පොඩි කාර් එකක් ගන්න, මම ලීස් එක ගෙවන්නම් කියලා මට කියන්නේ නැහැ.

මට කොහොමත් පාරේ බස්වල යන්න පුළුවන් විදිහට නෙමෙයි එයා මට අදින්න කියන්නේ. හොඳටම කොට සායවල්. යන්තම් තට්ටම් විතරක් වැහෙන්න. අත් රහිත, පපුව හොඳටම පේන බ්ලව්ස්. ඒවා ඇඳන් පාරේ යන්න අමාරුයි. හැම විටම ලස්සනට මේකප් කරලා රතුම රතු පාටට ලිප්ස්ටික් ගාලා නියපොතු පොලිෂ් කරලා ඉන්න ඕන. ඇහිබැම යන්තම් වැවිලා තිබ්බොත් එයා මට බනිනවා. ඇඟේ , කිහිලි යට අනවශ්‍ය රෝම යන්තම් තිබ්බොත් බනින නිසා හැම විටම මට ඉන්න වෙලා තිබුණේ මගේ ශරීරයේම ඇහැ තියාගෙන. එයාට ඕන විදිහට මං ඇන්ඳේ. ආභරණ පැළඳුවේ. ‘‘ඔයාගේ ලස්සන පේන්න අ`දින්න’’ එයා හැමවෙලාවෙම කිව්වේ එහෙම. ‘‘ලස්සන තියෙන්නේ මිනිස්සුන්ට බලන්න. හංගන්න නෙමෙයි’’ එයා කියනවා. එයා ඔෆීස් එකට ඇවිත් ගවුම ඇතුලෙන් එළියට බාගෙට බාගයක් ඇවිත් තියන මගේ පපුව දිහා වරින් වර ආසාවෙන් බලනවා. එයා ඉස්සරහා පුටුවේ මං වාඩි වෙද්දී, නැගිටිද්දී එයාගේ ඇස් ඇලවිලා තිබුණේ මගේ පපුවේ. ඒවායින් මං ආඩම්බර නොවුණා කියලා මට කියන්න බැහැ.

’’ඔයාගේ ඇඟේ හැම අංශූවක්ම, හැම අස්සක් මුල්ලක්ම මාව පිස්සු වට්ටනවා’’ ඔහු කියනවා මගේ සියලූ ඇඳුම් ගලවලා ඉන්න මොහොතක.

කිසිම සුවඳ විලවුන් වර්ගයක් එයා මට භාවිතා කරන්න දෙන්නේ නැහැ. ගෙදර උයලා දාඩිය දාපු වෙලාවල පවා මාව ඇඳට ඇඳගෙන කිහිලි, ඉකිලි ලෙවකන්න එයා පුදුම තරම් ආසයි. ඒ දාඩිය රසයට එයා ආසයිලූ. ගෙදර බෙල් එක ගහලා මං දොර ඇරියම අනික් අතිත් දොර වහගෙන එකපාරම මගේ දෙතොල් විකාගෙන එයා ගෙට පවා ආවේ. එයා ඉන්න වෙලාවට ගෙදර පවා ඇඳුමක් ඇඳන් ඉන්න මට අවසර තිබුණේ නැහැ. ඉව්වේ පවා මම නිර්වස්ත‍්‍රයෙන්. සමහර විට පොඩි කොට කලිසම් කෑල්ලක් විතරක් ඇඳන්. නැත්නම් පෑන්ටිය විතරක් ඇඳන්. පස්සේ මං ඒකට පුරුදු වුණා. මං ගෙදර එයා නැති දවසටත් අමු නිර්වස්ත‍්‍රයෙන් හිටියා. ඒක කොයි තරම් නිදහස් ද?

කෑම ගැන ලොකුවට එයා වද වුණේ නැහැ. මං හදලා දෙන ඕන එකක් කනවා. ඒත් කවදාවත් එයා එක්ක එළියට කෑමකට යන්න මට බැහැ. ඒ්ත් එයා ළමයි බිරිඳ එක්ක විවිධ ප‍්‍රසිද්ධ ආපන ශාලාවලට නිතරම යන බව සමහර කතාවලින් මට තේරිලා තියනවා. සමහර දවසට පුතා කතා කරලා කියනවා මට ඇහිලා තියනවා, ඉක්මනට එන්න අද අපි පීසා හට් යමු කියලා. තවත් සමහර සවසට එයා දුවට කෝල් කරලා කියනවා ‘‘ලෑස්ති වෙලා ඉන්න අපි අද ශාන්ති විහාර් යමු කියලා.

‘‘ඉතිහාසයේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ මහ කුහකයෝ’’ මගේ නිරුවත් සිරුර දිහා බලාගෙන එයා එහෙම කියනවා.

‘‘ඇඳුම් නැතිව ඔයා කොයි තරම් ලස්සනද? ඇඳුම් ඇන්දම ඒ ඔක්කොම වැහෙනවා.’’

මාත් ආස වුණා ඇඳුම් නැතිව නිතරම මගේ ඇඟ දකින්න. නිතරම නිරුවතින් ඉඳන් ඡුායාරූප ගන්න. ඒක විශාල කාමයක්.

කවදාවත් එයාගේ ආසාවල් සංසිඳුනෙත් නැහැ. ඒවාට මං පුරුදු වුණා. ඒවායින් මං සතුටු වුණා. මට පුලූවන් මේ තරම් ලොකු මිනිහෙක් වශී කරගෙන ඉන්න කියලා මං ආඩම්බර වුණා. අධික වේදනාව ඇතුලේ පවා මිහිරක් තිබුණා. ලිංගික සම්භෝගයට පෙර ගුටි කන එකේ මිහිරක් තිබුණා. අශාවන්ගෙන් මත් වුණු සිරුරකට ඒ රිදුම රිදුමක් විදිහට දැනුණේ නැහැ. හැගීම් අවුස්සලා ඔහු දිගින් දිගටම පහර දෙනවා. මං ඉන්නේ උමතු වෙලා. මට රිදෙන්නේ නැහැ ඒ වෙලාවට. ඉක්මනින් නිමාවක් නැති සම්භෝගයකට ශරීරය උමතුවෙන් සැරසෙනවා. මෘදු මොලොක් ආදාරණීය ලිංගිකත්වයකින් මාව ආපහු කවදාවත් සනසන්න බැරි වෙයි කියලා මට හිතෙන්නේ ඒකයි. මං දැන් මේකට පුරුදු වෙලා. වියරු රමණයකින් පමණයි මාව වෙළන්න පුළුවන් වෙන්නේ. තොල්වලින් ලේ එද්දී, පියයුරුවලින් ලේ එද්දී රිදෙන්නේ නැහැ. ඒක වියරු රමණයක්. ඔහු ගියාට පසුවයි ඒ හැම වේදනාවක්ම පුපුරු ගහන්නේ. නානාකොටයි ඇඟේ නිල් වූ තැන් මතු වෙන්නේ.

එතකොටයි මට මතක් වෙන්නේ මගේ කාලකණ්ණිකම. මගේ තනිකම. බිත්තිවලට පයින් ගහලා පුපුරවන්න මට හිතෙන්නේ ඒ වගේ හුදෙකලා රාත‍්‍රීන්වලට. නගර සභා ලොරියේ කුණු අදින මිනිහා එක්ක හරි පැනලා යන්න හිතෙන්නේ ඒ වගේ වෙලාවට. ඒ තනිකම දැනෙන රාත‍්‍රීන්වලට කවුරු හරි පිරිමියෙක් හිටියනම් ඒ කවුරු වුණත් කමක් නැහැ මං ඒ මිනිහව රාගයෙන් උමතු කරනවා කියලා මට හිතෙනවා. ඒත් මගේ පරම ආදාරය ඔහු පමණයි. මං ජීවත් වෙන්නේ ඔහු වෙනුවෙන්.

එක දවසක් බතික් සාරියක් ගන්න ගිහින් සිල්ක් බතික් සාරි මං අත ගගා ඉන්නවා දැකලා එතන වැඩ කරන ළමයා ඇවිත් කිව්වා ‘‘ඊයේ මහත්තයෙක් ඇවිත් සිලික් බතික් සාරි හයක් අරන් ගියා’’ කියලා. කොල්ලා හිනා වෙවී කිව්වා ‘‘ඒ මහත්තයාගේ හොර ගෑණුන්ට මිස්’’ කියලා. හතලිස් පන්දාහ ගානේ සාරි අරන් දෙන ඒ මිනිහාට හොර ගෑණු හයක් හිටියත් ඒ හය දෙනාම මට වඩා වාසනාවන්තයි කියලා හිතිලා මට හීල්ලූණා. කොට්න් බතික් සාරියක් අරන් ඉක්මනට මං එළියට ආවා. එයා ආස නෑ මං සාරි අඳීනවාට. අදිනවානම් හොඳටම අත් කපපු හැට්ට එක්ක නාභියෙනුත් පහළට සාරිය අඳීන්න ඕනේ. ඒත් සමහර උත්සවවලට සාරි ඕන වෙනවා. ඒ වගේ දවසට ඇන්`දත් නෑන්දා වගේ වෙන්න සාරි අඳීන එක මං කරන්නේ. එකමෙක සාරියක්, ගවුමක්, ඇඳුමක් තියා කොණ්ඩ කට්ටක් තරම් දෙයක් එයා මට දීලා නැහැ. උපන් දිනේකටවත්.

එයාව මට මුණ ගැහුණේ මගේ ආයතන ප‍්‍රධානියා විදිහට. එයා පුදුම විදිහට මගේ සේවය අගය කළා. නිතර නිතර වැඩවලට කාමරේට කතා කළා. ඒ හැම විටම ඇස් තිබ්බේ මගේ පපුවේ.
‘‘ඔයාට ලස්සන ෆිගර් එකක් තියෙන්නේ’’
‘‘තෑන්ක් යූ සර්’’
‘‘ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා පුදුම දක්ෂ ගෑණු ළමයෙක්’’

එයා හැමවිටම කිව්වා. ආයතන ප‍්‍රධානියාගේ ප‍්‍රශංසා අබියස මං උද්දාමයට පත් නොවුණා කියන්නේ කොහොමද? සමහර ගමන් සඳහා මාවම තෝරා ගත්තා. ඒත් වාහන දෙකක. එයා දිගටම විවාහයේ කටුකත්වය කියන්න ගත්තා. වෙන්වෙන්න බැරි දරුවෝ නිසා බව කිව්වා. කිසිම උත්සවයකට බිරිඳ එක්ක ආවේ නැහැ. ‘‘ඔයා මං වෙනුවෙන් ඉන්න’’ එයා කිව්වා. සමහර රාජකාරී දින දෙක තුන එළියේ ගත කරන ඒවා කර ගත්තා. ඒවා සඳහා නිතරම තෝරා ගත්තේ මාව. ඒ වගේ ගිය රාත‍්‍රීවල එයා මට ආරාධනා කළා ෂැම්පේන් බොන්න. මං ඕවා බීලා නැහැ කියලා කියන්න මං ලැජ්ජා වුණා. ඒ සමාජයට නැගගන්න, එයාට ගැලපෙන්න ඉන්න මටත් ඕන කළා. අප්පච්චිවත් රා අරක්කු උගුරක් තොල නොගෑ ගෙදරක ලොකු දූ රාත‍්‍රියේ මැදිවියේ මිනිසෙක් එක්ක හරි හරියට බිව්වා. එයා මාව ඔසවගෙන කාමරයට ගියේ. ගැහැණුන්ගේ සංවේදී අවයව හොඳීන්ම අඳුරන තරම් මුහුකුරා ගිය මිනිසෙක් ආතා බූතා නැතිව ඇඟට කඩා පනින හදිස්සිකාර තරුණයෙකුට වඩා හුඟාක් සූක්ෂමයි සහ රසවත් කියලා මං දැන ගත්තේ එයාගෙන්. හුඟාක් රිදුම්, රිදුම් විදිහට නොදැනෙන්න තරම් මං උත්තේජනය වුණේ ඒ මත්බවින් ද එහෙමත් නැත්නම් ඔහුගේ ආලිංගනයෙන් ද කියලා මට මතක නැහැ. අවුලවන්න පුළුවන් පිරිමියෙක් වුණත් ඔහු නිවන්න දන්න පිරිමියෙක් වුණේ නැහැ. එයා නිවා ගත්තා මිසක.

‘‘ඔයා මලක් වගේ බලාගන්න ඕන. රැජිනක් වගේ තියන්න ඕන කෙල්ලෙක්’’ අවසානයේ ඔහු කිව්වා. එයා මවපු ෆැන්ටසියේ හිටිය රැජිණ ඇත්ත සමාජයේ හිඟන්නියක්.

මේ මැදිවියේ විවාහක මිනිසා මට ආදරය කරන බව මට දැනෙන්න ගත්තා. ඒක ආදරය ද අනුරාගය ද කියලා මං හිතන්න ගියේ නැහැ. ඒ්ක තේරුමක් ඇති දෙයක් ද? මම රැවටෙයි ද? මගේ අනාගතේ අඳුරු වෙයි ද වගේ ප‍්‍රශ්න මගේ හිතට එන්න එයා ඉඩ දුන්නේම නෑ. හිත පුරවලා දාන ආනන්දයක්ව එයා මගේ හදේ දවසින් දවස ලොකු වුණා. ලස්සන ලස්සන කතා කිව්වා. සුන්දර ලෝ්ක මැව්වා. අපි හිටියේ වරක ජපානයේ සකුරා මල් පිපිලා පාර සරසපු පාරක, තව දවසක නවසීලන්තේ තොරක් නොපෙනෙන තණ බිමක. පිටරටවල ඇවිදිමු කියලා නිතරම ඔහු කිව්වා. හිම බලන්න යමු කිව්වා. නයගරා දිය ඇල්ලේ ලස්සන කිව්වා. ඇල්ල පේන තැන හෝටලේක කාමරේ මට මවලා දුන්නා.

එයා ටීවී එකේ කතා කරද්දී, ඒ කතා කරන දේවල් මට තේරෙන්නේ නැති වුණත් මං පුදුම තරමට ආඩම්බර වුණේ. මේ රටක් ලෝකයක් දන්න මිනිසාගේ රහසිගත ආදරය මම නේද කියලා හිතලා. මම තනිවම ආඩම්බර වුණා. කාර්යාලයේ කිසිවෙකුට මෙය දැන ගන්න ඉඩ තියන්න එපා කියලා එයා කිව්ව නිසා ඒක අපි දෙන්නා හිතන් හිටියේ අපි දෙන්නා විතරයි දන්නේ කියලා. ඒත් ඉක්මනින්ම මට රැකියාවෙන් අස් වෙලා එයාගේ ව්‍යාපාරයක් බලාගෙන ඉන්න මට සිදු වුණා. ඒතක් එයා කළේ එයාගේ ආරක්ෂාවට.

සතියකට වරක් දෙවරක් සමහර හුඟාක් කාර්යබහුල කාලෙට, මං කිව්වේ එයා රාජකාරි වැඩත් එක්ක දිවා ? නැතිව වෙහෙසෙන කාලෙට මාසෙකට දෙකකට වරක් දෙකලවා පුපුරවන වේදනාවෙන් පෙළෙන්න පමණක් ද මං ඉන්නේ? එයා ඇවිත් ගියාට පස්සේ චූ කරන්නට වැසිකිලියටවත් යන්න බයයි මම. පිපිරුම් තුවාලවල චූ ගෑවිලා එන දැවිල්ලට. එයාට තිබ්බේ සාමාන්‍ය ලිංගික හැසිරීමක් නෙමෙයි. ගහලා හපලා මිරිකලා මගේ ඇගේ නිල් වෙලා කලූ නොවුණු තැනක් නැති තරම්. සමහර දවසට තොල්වලින් ලේ පෙරුණා. එයා ඒ ලේ මගේ මුහුණ පුරා ගෑවා. ආපහු ඒවා ලෙවකෑවා. මගේ ඇඟේ මී පැණි තවරලා තියනවා වගේ ඔහු මාව ලෙවකෑවේ. මේ උමතු අනුරාගය ආදරය කියලයි මං හිතුවේ. ඒත් මගේ හිතෙන් මම ආදරය ප‍්‍රශ්න කරනවා දැන්. පියයුරු තුඩු තුවාල වෙලා දින ගණනක් රිදුම් දුන්නා. තුවාල වේලෙද්දී ආපහු ඇවිත් තුවාල කළා. ඔහොමයි ජීවිතේ ගෙවුණේ. ඒක මිහිරි නැහැ කියන්නේ කොහොමද මම?

පිටරට සංචාරවල දෙතුන් පාරක් එක්ක ගියා තමයි. ඒත් අපි මවපු හීන ඒවා ඇතුලේ තිබුණේ නැහැ. ඒවාට හැම වියදමක්ම දැරුවේ රජය. නැත්නම් එයට අරමුදල් දුන් ආයතනය. එහෙම රජයෙන් හෝ වෙනත් තැනකින් මුදල් ගන්න පුලූවන් සංචාර විතරයි මාව එක්ක ගියේ. හොටල් ගාස්තු, ගුවන් ටිකට්, කෑම බීම මේ හැම දේම රජය දැරුවේ. ඒ ගිය වාරවල හරි උනන්දුවෙන් මාල වළලූ, කරාබු, ඇඳුම් තෝර ගන්න කිව්වා තමයි. ඒත් ඒවායේ බිල් ගෙව්වේ මම. තෝරගෙන එන්න මං එළියේ ඉන්නම් කියලා එයා කිව්වේ. ඒත් හරිම ලාබ බඩු ඒවා. මිළ අධික ඇඳුම් තියෙන තැන්වල එයා මාව එක්ක ගියේ නැහැ. අපරාදේ මොකටද ඔච්චර සල්ලි වියදම් කරන්නේ ඒ තැන්වල හරි ගණන් කියලා කිව්වේ. ඒත් හු`ගාක් ගණන් සාරි තියන කඩ වලින් බෑග් පිරෙන්න සාරි අරන් තියෙනවා මං දැකලා තියනවා. හිත හිරි වැටි වැටි මං හිටියා.

ඒ වගේමයි වැදගත් මිනිස්සු හම්බෙන්න තියෙන තැන්වල ගියේ තනියම. මාව හෝටල් කාමරේ තනිවම තියලා. වැඩ ඉවර වෙලා එළියට යන්න ආසාවෙන් මං හිටියේ. ලංකාවේදී කවදාවත් මුහුදු වෙරළක එයා එක්ක ඇවිදින්න නොලැබෙන බව මං දන්න නිසා. එළියට බැහැලා නිදහසේ එයාත් එක්ක අවිදින්න, ඇඳුම් සාප්පුවකට ගිහින් එයා එක්ක ඇඳුම් ගන්න, ඔයාට මේක ලස්සනයි කියලා ඇඳුම් තොරලා දෙනවා දකින්න, නිදහසේ මුහුදු වෙරළක එයත් එක්ක අත් අල්ලන් රැල්ල පාගන්න වගේ බොළඳ ආසාවල් මටත් තියෙනවා. කවදාවත් කාටවත් නොකියපු.

ඒත් ? වෙලා මට සිද්ධ වුණේ කලවා පුපුරවා ගන්න. රාත‍්‍රියේ නිදියන්න එපා කියලා බල කරන එක. යන්තම් නින්ද එද්දී ආපහු මාව ඕන කියන එක. පිස්සුවෙන් වගේ මාව හපලා මට තුවාල කරන එක. මොනතරම් ක‍්‍රීම් ජාති ගෙනත් තිබ්බත් එයා ගුද මාර්ගය විවර කළේම කෙලවලින්. ගුද මාර්ගය පුපුරා යන වේදනාව දැනෙන්නේ පසුව වුවත් එය සුවවෙන්න පෙර නැවත තුවාල කර ගන්න මට සිදු වුණා. දහ දොළොස් වතාවක් වමනෙට යන්න එන එක. ඒත් නවත්තෙන්නෙම නැතිව උගුර කෙලවරටම ඔහු පීඩනය යොදන එක. හුස්ම හිරවෙන්න ආවත් මට බැහැ නවත්තන්න. මං ලිංගික වහලියක් කියලා මට දැනෙන්නේ ඒ වෙලාවට. අවසානයේ පිටවන සියල්ලම ගිලින්න කියලා වද දෙන එක. මට අප්පිරියාම එක ඒක. එතකොටලූ එයාට මං එයාගේ කියලා දැනෙන්නේ. මට අප්පරියා වුණු හුඟාක් දේ එයාට අප්පරියා වුණේ නැහැ. මගේ ශරීරයෙන් පිටවන හැම ශ‍්‍රාවයක්ම හරිම උමතුවෙන් එයා ලෙව කෑවේ. ඇඟිල්ල දාලා ඇඟිල්ලේ දැවටෙන දේ සූප්පු කළේ අමෘතය වගේ. මගේම ශරීරයෙන් ගත් දේවල් මගේම තොල්වල ගාලා ඒවා යළිත් ලෙවකෑවා.

අන්තිමට මං හිතාගෙන යන දිය ඇලි, මුහුදු වෙරළවල්, කඳු වෙනුවට මට ලැබුණේ අත් කලවා පියයුරු දෙතොල් තුවාල කරන් එන්න. ඒත් කිසිම වෙලාවක එයා මගේ සතුට ගැන හිතුවේ නැහැ. එයාගේ සතුට, වින්දනය පමණමයි. එහි අතුරුඵල ලෙස මම ලබන සතුට තමයි මගේ සතුට වුණේ. ගැහැණුන්ට සුරතාන්තයක් තියනවා කියලා එයා දැනන් හිටියේ නැහැ. ගැහැණු ඉන්නේ පිරිමි සුරතාන්තයට පත් කරන්න විතරයි.

එයාට තිබ්බ පොඩිම ව්‍යාපාරය තමයි මං බලා ගත්තේ. එහෙම ව්‍යාපාරයක් තියෙනවා කියලාවත් බිරිඳ දැනං හිටියේ නැහැ. එත් එකෙනුත් ලක්ෂ පහක විතර ශුද්ධ ලාභයක් එයාට තිබ්බා. මට ලක්ෂයක් පඩි ගෙව්වා තමයි. එත් ඇනෙක්ස් එකේ කුලිය මං ගෙවා ගත්තේත් මගෙ වැටුපෙන්. ත‍්‍රීවීලර්වලට ගමන් ගාස්තු ගෙවා ගත්තෙත් මම. කෑම බීමට, විශේෂයෙන් එයා ආපු දවසට උයන පිහින දේකටවත් එයා කිසිවක් ගෙනාවේ නැහැ. වෙනත් කිසිම දෙයකට කියලා එයා මං වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ. එයා කියන්නේ ඒ බිස්නස් එක පවත්වා ගන්නේ මං හින්දා කියලා. එහෙනම් එකෙන් එන සම්පූර්ණ ලාභයම මට ගන්න කියන්න තිබ්බානේ. එහෙම කරන්නේ නැහැ. මාසෙකට ඒ ලක්ෂ පහ හරි එයා මං ලව්වා හම්බ කර ගත්ත එක කළේ.

ඉතාම අහම්බෙන් පොඩි දුරකට ඇරෙන්න එයා මාව එයාගේ වාහනේට නංවාගෙන නැහැ. හැම ගමනක්ම මං ගියේ ත‍්‍රීවිලර්වල. වෙන හොර ගෑණු හිටියේ කොළඹින් හොඳ එපාර්ට්මන්ස් අරන්, වාහන එහෙම තියාගෙන. මං නම් මහ කාළකණ්ණි දුප්පත් හොර ගෑණියෙක් කියලා හිතෙද්දී හොර ගෑණියෙක් කියලා හිතෙනවාට වැඩිය හුඟාක් දුකයි.

විස්කි, බ‍්‍රැන්ඩි, ෂැම්පේන් වගේ ඒවට පුරුදු වුණා. අධික වධහිංසාවට පුරුදු වුණා. ඒත් මට පුරුදු වෙන්න අමාරුම එක තවත් ගැහැණියෙක්, තවත් මිනිහෙක් අරන් එන එක. නා`දුනන පිරිමියෙක් එක්ක එයා ඉස්සරහා රමණය කරන්න කියලා බල කරන එක. හැමවිටම ඇඳ පේන්න ලොකු කණ්නඩියක් එල්ලන්න එයා බල කළා ඉස්සර ඉඳන්ම. ඒ එයා ඒක බලන්න ආස නිසා බව මං දැනන් හිටියා. ඒත් වෙනත් පිරිමියෙක් එක්ක මාව දකින්න ආස කරන එකේ මොන ආදරයද? මං ආදරය සැක කරන්න ගත්තේ එහෙම. වෙන මිනිස්සු එක්ක කතා කරන්න එපා කියලා හිර කරන එක ඇතුලේ ආදරය තිබුනා කියලා මං හිතුවා. වෙන මිනිසෙක් සමඟ එයා ඉස්සරහා රමණය කරන්න කියන එකේ කුමන ආදරයක්ද? ඒත් මට ඒකත් කරන්න වුණා. මුලින් බලා ඉන්නට එයා ආස කළත් පසුව එයත් ඒකට සහභාගී වුණා. මුලින් ඇඟ කිලිපොලා යන මේ දේවල්වලට කාලයක් යද්දී මං ඉබේම පුරුදු වෙලා.

‘‘සෙක්ස් කියන්නේ හරිම ලිබරල් දෙයක්. ඔයාට ආදරේ කියන්නේ ඔයාටත් වෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඉඩ දෙන එක. ඒත් ඒක මගේ ඉස්සරහා විතරයි’’ එයා කිව්වේ එහෙම.

මුලින් වෙන මිනිසෙක් එක්ක ඉන්න කිව්වම මං මළ කඳක් වගේ ඔහේ ඉන්නවා. මං අසරණ දෑසින් ඔහු දිහා බලනවා. ඒ අසරණකමට එයා කෑදරයි. එයා ඒක වින්දනය කරනවා මට පේනවා. මම අසරණ වෙනවට එයා කැමති වුණාට මං මළකඳක් වගේ හැසිරෙනවට එයා කැමති නැහැ. ඇක්ටිව් වෙන්න කියලා කෑ ගහන්නේ හරියට ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වගේ. අරන් එන මිනිහා සමහරවිට එයාගේ සුවච කීකරු ඩ‍්‍රයිවර් කෙනෙක් වෙන්න ඇති. ඒ මිනිහා මාව ලෙවකද්දී මට එන අප්පරියාව…, සමහර විට ඒ මිනිහා සුරතාන්තයට පත් වෙන්න කලින් පුකට පයින් ගහලා ඒ මිනිහාව පන්න ගන්නවා. ‘‘ඔය ඇති. පලයන් බල්ලා’’

ඒ මිනිහාත් බල්ලෙක් වගේ නැගිටලා යනවා. ඒ අසරණ මිනිහා පිස්සු බල්ලෙක් වගේ උත්සාහ කරනවා ආපු ආවේගය නිමා කර ගන්න. මම නිරුවතින් උඩුකුරුව අසරණව බලන් ඉන්නවා ඊළඟ අණ නිකුත් වෙනකල්. ඒ වගේ මිනිස්සුන්ටයි මටයි හැමවිටම ඉන්න දුන්නේ බිම. ඒ වෙලාවට ඇඳ තහනම්. යක්ෂාවේෂ වෙලා ඒ මිනිහා පන්නලා දාලා මට කෑගහන්නේ එයාට හොරෙන් හොර මිනිහෙක් එක්ක ඉඳලා අහුවෙලා වගේ. ‘‘පලයන් බැල්ලී ඉක්මනට හෝදගෙන වරෙන්’’ ඊට පස්සේ මාව ඇදලා ගන්නේ පුුදුම තරහින්. පුදුම වේගයකින්. එතකොට මමත් උමතුවෙන් වගේ හැසිරෙන්න ඕන. නැත්නම් ගහනවා. විශේෂයෙන් තට්ටම්වලින් ලේ එන්න ගහනවා. අර මිනිහා එයා කරන හැම එකම බලා ඉන්න ඕනේ. ඒ මිනිහාට ඇඳ ළඟින් එහාට යන්න තහනම්. පිස්සු බල්ලෙක් වගේ එයා එයාගේ ඇඟේ හයිය පෙන්නනවා ඒ අසරණ මිනිහාට. අර මිනිහා ත‍්‍රාසයෙන් ඇලලී යන්න තරම් රමණය අතරතුර මට ගහන්නත් තුවාල කරන්නත් මගේ කෙඳරියෙන් තව තවත් ආවේගශීලී වෙන්නත් පටන් ගන්නවා. මං අඩද්දී, මං වේදනාවෙන් කෑ ගසද්දී එයා වැඩිපුර උත්තේජනය වුණා. වේගයෙන් සහ අතිශය උද්වෙව්ගකර ආකාරයෙන් ඔහුට එසේ හැසිරෙන්න පුළුවන් වෙන්නේ යම්කිසි මත් ද්‍රව්‍යයක් හෝ ලිංගික උත්තේජක පෙත්තක ආධාරයෙන් වෙන්නැති කියලා මං හිතුවා. එක දිගට පැය ගණනක් ඔහු ගතකළේ එහෙම වෙන්න ඕන කියලා මං උපකල්පනය කළා.

පස්සේ ඒ වගේ මිනිහෙක් අරන් ආපු දවසට එයාත් ඒකට හවුල් වෙන්න පුරුදු වුණා. එතකොට ඒ දෙන්නාම එකවර සතුටු කරන්න මට සිදු වෙනවා. මං අමු වේස ගෑණියෙක් කියලා මට දැනෙන්න ගන්නේ එතකොට. ඔවුන් දෙදෙනාගේම ලිංගේන්ද්‍රියන් එකවර කටට ගන්නත් හති දාගෙන ඔවුන් සතුටු කරන්නත් මට සිදු වුණා. එක් අයෙක් එක් අන්තයකිනුත් අනෙකා අනෙක් අන්තයෙනුත් රමණය කරද්දී පුදුම තරම් ශරීර ශක්තියක් අවශ්‍ය වුණා. ඒත් ඒකේ ආනන්දයක් තිබ්බේ නෑ කියලා මට කියන්න බැහැ. දෙපසකින් කිටි කිටියේ තද වුණු වින්දනයක අසාමාන්‍ය සුවයක් තිබ්බා. මට සම්ප‍්‍රදායික බිරිඳක් වෙන්න බැරි වෙන්නේ ඒකයි කියලා මට හිතෙනවා. කිසිම සම්ප‍්‍රදායික මිනිසෙක් තමන්ගේ බිරිඳ  තව කෙනෙක් එක්ක රමණය කරනවා දකින්න කැමති වෙන එකක් නැහැ. පස්සේ පස්සේ මට දැනෙන් ගන්නවා මට එක මිනිසෙක් මදි බව. ඒ ලිංගිකත්වය සඳහා පමණයි. ලිංගිකත්වයේදී ආදරය වැඩක් නැහැ. ඒක බොරු කතාවක්.

‘‘ලිංගිකත්වය කියන්නේ පුදුම රසවත් දෙයක්. ලෝකේ තියන සුන්දරම දෙය. ඒක කලාවක්. ඒකේ රසය හූරලා ගන්නේ නැති ජීවිතය අපරාදේ. එක්කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරන්න ඕනේ කියන එක ශිෂ්ටාචාරයේ ආපු මහ කුහකම සංකල්පය. ඒක ස්වභාව දහමට පවා විරුද්ධයි’’

‘‘අපි එක අයිස් ක‍්‍රීම් ජාතියක් විතරක් ද කන්න ආස? අපි එක හෝටලයකින් විතරක් ද කන්න ආස? ඒ වගේ තමා ලිංගිකත්වයත්. ඒක විවිධ වෙන තරමට රසය වැඩි. කිසිම වෙලාවක ගැහැණු දෙන්නෙක්ගෙන් එකම වින්දනය ලැබෙන්නේ නැහැ. ඒ රසය සපුරා වෙනස්. රසට එකිනෙකාට අනන්‍යයි. අපි සංස්කෘතික වහල්ලූ. ඒ නිසා අපි එළියට රඟපාලා ඇතුලෙන් රස වි`දිනවා රහසේ. ඒක ගේම් එකක් වගේ. ඒක එතනින් ඉවරයි.’’

ඔව් ඇත්ත. ඒ ගේම් එකක්. මට එතනින් පස්සේ එයා එක්ක එන අනෙකාගේ මුහුණවත් දකින්න ඔ ඕන නැහැ. මොකටද?

‘‘ඔයාට ආදරේ කියන්නේ ඔයා එක්ක විතරක් සෙක්ස් කරනවා කියන එක නෙමෙයි. ජීවිතේම ඔයාව අතහැරලා යන්නේ නැති එක. ඔයා දැක්කම එදා වගේම අදත් හෙටත් මගේ පපුව උණුසුම් වෙනවා කියන එක. තාමත් ඔයා දැක්ක ගමන් හිත ගැස්සෙනවා කියන එක. ඔයා ළඟට එද්දී ඇඟ හිරිවැටෙනවා කියන එක. නිදා ගන්න ඔක්කොම ගෑණු ගැන එහෙම හිතෙන්නේ නැහැ. ඒක මොහොතයි. රසයක් සැපතක්. ඒක එතනින් ඉවරයි. ඔයා එහෙම නෑ. සදාකාලිකයි. සදාකාලික වින්දනය.’’

‘‘ආදරේ නැති ගැහැනියක් එක්ක සෙක්ස් කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒක එතනින් ඉවරයි. බඩගින්න, තිබහ වගේ ඒ ගෑණි, වෙන ගෑණියෙක් ආපහු ඕන වෙනවා. ආදරයයි සෙක්සුයි පටලවා ගන්න එපා. මං ඔයාට ආදරෙයි.’’

එයා එන්න කලින් එන්න කියන ගෑණු ළමයි සමහර විශ්වවවිද්‍යාල ළමයි. සීමාවාසික පුහුණුවට ආපු. එයාලට රස්සාව ස්ථිර කරන්න නම් මෙහෙම එන්න කියලා බල කරලා තියෙන්නේ. එයාලට සිද්ධ වුණේ ඔහුගේ ලිංගය කටේ දාගෙන ලවක් දෙවක් නැතිව උරන්න. නවත්තන්න තහනම්. ශුක‍්‍රාණු තරලය ඒ ළමයාගේ උගුරටම විදින එක එයාගේ වින්දනය. ඒ වෙලාවට ඒ ළමයාට වමනේ ගියොත් ඒ වමනය ලෙවකන්න ඇයට සිද්ධ වුණා. මට වෙලාවකට බලන් ඉන්න කිව්වා. බලන් ඉන්නම අමාරු අර තරුණියගේ වේදනාව. අනික් අතට මම කුරිරු සතුටක් ලබනවා ‘‘ඔහොම ආවා නම් උඹ ඕක වි`දපන්. ආපහු එන එක නවත්තපන්. මං ආස නෑ මගේ මිනිහා උඹෙන් රහක් විඳීනවාට’’ මම එහෙම හිතනවා. තව වෙලාවකට දේවල් මට කරලා පෙන්නන්න කියනවා එයාලට පුරුදු වෙන්න. කොහොම වුණත් ඒ මුලූ කාලයම මටත් ඉන්න වුණේ අමු නිර්වස්ත‍්‍රයෙන්. සමහර ළමයින්ගේ ඇස්වලින් කඳුළු පෙරෙනවා. එහෙම වෙලාවට එයාගෙන් ඊළඟ මොහොතේ හොඳ කම්මුල්පාරක් ඒ ගැහැණු ළමයා කන බව මම දන්නවා. සමහර ලස්සන ළමයි එක්ක එයා කාමරේ ඉන්න අතරේ මට සාලෙන් ඉන්න කියපු දවස් තිබුණා. මට දරාගන්නම බැරි වුණේ එයාලාත් එක්ක ඉන්නවා ඇත්තේ ආසාවෙන් කියලා හිතද්දී.

‘‘සංසාර ආදරේ… එක්ක යන්න එනවාද…’’ ෆොන් එක රිංග් වෙනවා.

‘‘මම දැන් ඉන්නේ නාරාහේන්පිට. ගේට්ටුවේ ලොක් එක ඇරලා දොරේ ලොක් එක ඇරලා තියන්න. ඇඳුම් ගලවලා ඉස්සරහා සෝෆා එකේ ඇලවෙලා ඉන්න. ආහ් මතක ඇතිව අර ජෙල් එක දාගෙන ඉන්න. නැත්නම් පරක්කු වෙනවා. මට ඉක්මනට යන්න ඕන. ඇමතිත් එක්ක මීටින් එකක් තව පැයකින්.’’

ෆෝන් එක තියපු මම දුවලා ගිහින් ගේට්ටුවේ ලොක් එක අරලා දොර තද කරලා ඇවිත් ඉක්මනින් ඇඳුම් උනන්නට පටන් ගත්තා කණ්නාඩිය ඉස්සරහාට ගිහින්.

leave a reply