මේ දවස් වල වරාය කාර්යබහුල වෙලා පොහොර නැව්වලින් –  මහින්ද අමරවීර කියන්නේ

 

අපි දිනපතා පුවත් තුළින් දකින්නේ අරගල කරන ගොවි මහතුන්  ඔවුන් අරගල කරන්නේ පොහොර ටික ඉල්ලලා.  විනාශ වෙන ගොවිතැන රැක දෙන්න කියලා .  ගොවිතැන සීඝ්‍ර විනාශයකට ලක් කරපු අමාත්‍යවරයා  ගෝඨාභය රාජපක්ෂගේ සමයේ  සිකිම් මහින්දානන්දඅලුත්ගමගේ.  ගොවි ජනතාවට බොරු කියමින්  ඔවුන්ව රැවැට්ටුවා.  බොරු පරිසර හිතකාමිත්වය ගෙනල්ල පොහොර ටික ලබාදීම නැතුව. වසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස  ඒ හැමෝටම  ආණ්ඩු බලය අත්හැර පැත්තකට වෙන්න සිද්ධ වුණා. 

දැන් නැවතත් ඒ  නාඩගම වෙනස් විදියට නටන්න කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යය මහින්ද අමරවීර  සැරසෙනවා.  ගොවි ජනතාව තමන්ගේ වගාවට පොහොර නෑ කියමින් ිරෝධතා දක්වනවා මාධ්‍ය හමු පවත්වනවා.  ඒත් මේ ඇමතිවරයා පරණ මහින්දානන්දඅලුත්ගමගේ වගේම  ජනතා මුදල් කාබාසිනියා කරමින්  මාධ්‍ය සංදර්ශන සඳහා  දේවල් කරමින් සිටී.

  අමාත්‍යවරයා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක (දෙසැම්බර් 05 ) දී ප්‍රකාශ කර තිබුණේ දැන් මේ වෙනකොට මෙ වතාවේ පොහොර ලබා දීම ක්‍රියාත්මක වෙනවා.පොහොර නැව් තුනක් අදත් වරායට ඇවිල්ලා තියෙනවා . බණ්ඩි පොහොර නැවක් මෙට්‍රික් ටොන් 41800ක,එ වගේම යූරියා මෙට්‍රික් ටොන් 16 000 ක, හා වෙනම ආධාර විදිහට මෙට්‍රික් ටොන් 9000 කට ආසන්න ප්‍රමාණයක් වරායෙන් ගොඩ බාමින් සිටින බවයි .  මේ දවස් වල වරාය කාර්ය බහුල වෙලා තියෙන්නේ අපේ පොහොර නැව් වලින්.

මහින්ද අමරවීර ට අනුව  හොර මේ තරම් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා නම් ගොවි ජනතාව පාරට බැස උද්ඝෝෂණය කරන්නේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ කිනම් අරමුණක් සඳහාද. එපමණක්ද නොව මේ ගොවිජනතාව කියන්නේ පසුගිය කන්න වලත් මේ ආකාරයෙන්ම ඇමතිවරු බොරු කියමින් ගොවිජනතාව රවට්ටා කන්නේ අවසාන වන තුරු කිසිදු පොහොරක් ලබා දුන්නේ නැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...