රෝහල්වල කිසිම බෙහෙත් නැහැ – ඖෂධ හිඟය ගැන වෛද්‍යවරුන්ගේ අත්දැකීම්

මෙය හොදින් කියවන්න.වරක් නොව දෙවරක් කියවන්න.
මා රජයේ රෝහලක නිර්ව්න්දන අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි.
⁣අද වයස අවුරුදු 29ක කාන්තාවකගේ පියයුරැ පිලිකාවක් නිසා අප එක් පියයුරක් ශල්‍යකර්මයකින් ඉවත් කලා.බොහොම අමාරැවෙන් තිබුන බෙහෙත් හරිම පරිස්සමෙන්.

⁣එවැනි ශල්‍යකර්මයකින් පසු සාමාන්‍යයෙන් රෝගියාට මුත්‍රා බටයක් දමන නමුත් එම රෝගියාට අප මුත්‍රා බටයක් දැම්මේ නැහැ.
ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන වේදනාව සඳහා ගුද මාර්ගයෙන් ඇතුලත් කරන diclofenac නැමැති ඖෂධය සාමාන්‍යයෙන් දෙන නමුත් මෙම රෝගියාට එය දැම්මෙත් නැහැ.
ශල්‍යකර්මය සිදුකළ සිදුකළ ස්ථානයට plaine marcaine නැමැති ඖෂධය වේදනාව අඩු වීම සඳහා විදින නමුත් එම රෝගියාට එය දුන්නේත් නැහැ.

මේ සියලු දේවල් දුන්නේ නැත්තේ අපිට කම්මැලිකමකට නෙවෙයි.ඔය එකක්වත් රෝහලේ නෑ.බොරැනම් රෝහලකට ගිහින් බලන්න .
දැන් ඔය රෝගියා මුත්‍රා පෙරාගෙන කැක්කුමත් ඉවසගෙන වාට්ටුවේ ඉන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි කැක්කුම නිසා එන නියුමෝනියා අවදානම,විෂබීජ ශරීරගතවීමේ අවධානමත් එක්ක රෝගියා මැරෙන්න වුනත් පුළුවන්.
මෙන්න රටේ තත්වය.
ඔබ තවත් බලා සිටින්නේ ඔබනග් මව,පියා,බිරිදට ,දරැවන්ට මේ ඉරනම අත්වෙනකන්ද?
#දැන්වත්වෙනස්වෙන්න.

නිදහස් සෞඛ්‍ය තහවුරු කරනු!!!
රෝහල් කනත්තක් නොකර ඖෂධ හිගය වහා විසඳනු!!!

වෛද්‍ය ජනප්‍රිය ද සිල්වා

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...