ගල්වැව සිරිධම්ම හිමිට නොතීසි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප නියම වූ ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ (11) නොතීසි නිකුත් කර තිබේ.

ඒ ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අධිකරණයට කළ ඉල්ලීමකට අනුවයි.

මෙම කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත්තේ ප්‍රකාශ ලබාදීම සඳහා තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට ගල්වැව සිරිධම්ම හිමිට අවස්ථා දෙකකදී දැනුම් දුන්නද උන්වහන්සේ නොපැමිණී බවත්, විමර්ශනයට සහාය දෙන ලෙසට නියම කරමින් අධිකරණයෙන් ලබාදුන් ඇප කොස්දේසිය ද උන්වහන්සේ විසින් කඩ කරනු ලැබ ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රකාශය ලබාගැනීමට තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නොතීසි නිකුත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...