Breaking News

ගල්වැව සිරිධම්ම හිමිට නොතීසි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප නියම වූ ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ (11) නොතීසි නිකුත් කර තිබේ.

ඒ ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අධිකරණයට කළ ඉල්ලීමකට අනුවයි.

මෙම කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත්තේ ප්‍රකාශ ලබාදීම සඳහා තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට ගල්වැව සිරිධම්ම හිමිට අවස්ථා දෙකකදී දැනුම් දුන්නද උන්වහන්සේ නොපැමිණී බවත්, විමර්ශනයට සහාය දෙන ලෙසට නියම කරමින් අධිකරණයෙන් ලබාදුන් ඇප කොස්දේසිය ද උන්වහන්සේ විසින් කඩ කරනු ලැබ ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රකාශය ලබාගැනීමට තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නොතීසි නිකුත් කර තිබේ.

leave a reply