ඇප මුදල් භාර නොගන්නා ලෙසට යැවූ ලිපිය රිවස් !

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂක ඇප මුදල් භාර ගැනීමෙන් වළකින්නැයි සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ (10) තමන් සිදු කළ නියෝගය ආපසු කැඳවූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පවසා තිබෙනවා. මාධ්‍ය කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ආපසු කැඳවූ බවයි.

ඊයේ දිනයේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් නියෝග කළේ, ඇප මුදල් භාර ගැනීම සිදු කළ යුතු බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් එක් එක් දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ලෙස පත්කර ඇති බැවින් අදාළ ඇප මුදල් භාර ගත යුතු බව එම උපදෙස් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මේ ඇතිවූ තත්වය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වන අතර එහිදී ඒ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවපැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...