ඇප මුදල් භාර නොගන්නා ලෙසට යැවූ ලිපිය රිවස් !

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂක ඇප මුදල් භාර ගැනීමෙන් වළකින්නැයි සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ (10) තමන් සිදු කළ නියෝගය ආපසු කැඳවූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පවසා තිබෙනවා. මාධ්‍ය කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ආපසු කැඳවූ බවයි.

ඊයේ දිනයේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් නියෝග කළේ, ඇප මුදල් භාර ගැනීම සිදු කළ යුතු බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් එක් එක් දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ලෙස පත්කර ඇති බැවින් අදාළ ඇප මුදල් භාර ගත යුතු බව එම උපදෙස් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මේ ඇතිවූ තත්වය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වන අතර එහිදී ඒ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවපැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...