කියුබාවේ නිෂ්පාදිත ‘අබ්දාලා’ කොවිඩ් මර්දන එන්නත වෛරසයට එරෙහිව 92%ක සාර්ථකත්වයක්

කියුබාවේ නිෂ්පාදිත අබ්දාලා (Abdala) කොවිඩ් මර්දන එන්නත වෛරසයට එරෙහිව 92.28% ක්‍රියාකරන බව එරට ජනාධිපති පවසා තිබේ.

ටිවීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියුබා ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් පවසා තිබුණේ “කොවිඩ් 19 සහ එක්සත් ජනපද නමැති වසංගත දෙකකට මුහුණ දෙමින් එරට විද්‍යාඥයන් සියලු බාධක ජයගෙන ඉතා ඵලදායී එන්නත් දෙකක් නිපදවා ඇති බවයි. ඉන් එක එන්නතක් සොබෙරානා 02 (SOBERANA02) නම් වෙන අතර අනෙක් එන්නත අබ්ඩාලා වේ.

මෙම මූලික ප්‍රතිපල සමඟ කොවිඩ් මර්දන එන්නත් හදිසි භාවිතය සඳහා අවසරය ලබාදීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සළකා බැලෙන 50% ක කාර්යක්ෂමතා සීමාව ඉක්මවා යාමකි.

කියුබා ජනාධිපතිවරයා පසුගිය සඳුදා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ කියුබා රජයේ ඖෂධ ආයතනය වන බයෝ කියුබා ෆාම් සොබෙරානා 02 එන්නත මාත්‍රා තුනෙන් දෙකක් පමණ ගත්තද වෛරසයට එරෙහිව 62% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව නිවේදනය කිරීමෙන් දින එකකට පසුවයි.

අබ්දලා එන්නතෙහි සාර්ථකත්වය සනාථ වුවහොත්, කොවිඩ් 19 ට එරෙහිව තමන්ගේම එන්නතක් නිෂ්පාදනය කළ පළමු ලතින් ඇමරිකානු රට කියුබාව බවට පත්වෙනු වනු ඇත.

එන්නත් නිපදවීම පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති කියුබාව , කොවිඩ් වයිරසයට එරෙහිව එන්නත් ලබා දීම ආරම්භ කර නොමැති රටවල් කිහිපය අතරින් එකකි. කෙසේවෙතත් මෙම එන්නත් සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු එන්නත්කරණය ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින බව වාර්තා වේ.

වසර 60 ක් තිස්සේ කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක තවත් දැඩි කරමින් 2017 සිට නව සම්බාධක පනවා ඇති අතර ඉන් කිහිපයක්ම වසංගත සමයේ පවා පනවා තිබේ. එමඟින් දේශීය එන්නත් නිපදවීම සඳහා වුවද වෛද්‍ය සැපයුම් ලබාගැනීම කියුබාවට ගැටළුවක් වී තිබේ.

මේවනවිට වෙනිසියුලාව, ආර්ජන්ටිනාව සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් කියුබාවේ එන්නත් මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...