ණය ගෙවාගන්න බැරුව බංකලොත් වෙලා තියෙද්දී තවත් ණයක් ලැබුණා කියලා සතුටු වෙනවා – පුබුදු ජයගොඩ

ණය ගෙවාගන්න බැරි බංකොලොත් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදීත් තවත් අලුත් ණයක් ලැබුණු බව කියමින් සතුටු වීම විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ අදහස දැක්වූවේ අද දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය මුදලක් ලබාදීමට එකඟ වී ඇති බවට අගමැතිවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.

මර්දනය වගේම ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙලත් විහිළුවක් වී ඇති බව පුබුදු ජයගොඩ පවසයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ,

“ලොකු විනාශයක් වෙනකොට විනාශය උත්සවාකාරයෙන් සමරනවා වගේ එකක් තියෙනේ. මෙච්චරකල් රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ණය අරගෙන ණය ගොඩ ගැහිලා ගෙවාගන්න බැරිවීම. අවුරුද්දකට ඩොලර් බිලියන 6-7 ණය වාරික ගෙවන්න වීම. එහෙම තියෙද්දී සතුටු වෙන්න හේතුවක් විදිහට කියනවා අපිට තව ණයක් හම්බවෙනවා කියලා. මෙතන ප්‍රශ්නේ තව ණයක් හම්බවෙන එක නෙමෙයි. මේවා ගෙවන්නේ කොහොමද කියන එකයි. ණයක් හම්බුනා කියලා සතුටුවෙන අයට අපි කියනවා ඕවා ගෙවනකොට තියෙන සනීපෙ ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. ණය ගන්න කොට ඒ ප්‍රවෘත්ති මී පැණි සේ මිහිරියි. ණය ගෙවනකොට තමයි දාඩිය දාන්නෙ.

මේ වසරේ අප්‍රේල් මාසයේ ණය ගෙවන්න බැරි බංකොලොත් රාජ්‍යයක් කියලා ප්‍රකාශයට පත්කරා. බංකොලොත් රාජ්‍යයක් කියලා ප්‍රකාශයට පත්කරලා ඉන්න ගමන් ඔන්න අපට තව ණයක් ලැබුනා කියලා සතුටු වෙනවා. මර්දනය වගේම මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල කියන්නෙත් විහිළුවක්. මේ විහිලුව නිසා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන මිනිස්සුන්ට කන්න බොන්න නැතිවෙන, දරුවන්ගේ අනාගතය විනාශවෙන බයානක විහිළුවක් මේක. මේ ජෝකර්ලව එලවන්න ජනතාවට ඉක්මනින්ම සිදුවෙයි. නැතිනම් අපි 2022 මුහුණ දුන්නට වඩා භයානක ඉරණමක් 2023දී අපට මුහුණ දෙන්න වෙයි.

රනිල් වික්‍රමසිංහ මුලින් කිව්වා සති දෙකක් ඉවසන්න කියලා. දැන් ඉදිරි මාස 06අමාරුයි කියලා කියනවා. ඔය කිසිදු එකකින් මේ ආර්ථිකේ ඇත්ත ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අඩුම ගානෙ ආර්ථිකේ ඇත්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදීවත් සාකච්ඡා වෙන්නෙ නැහැ. ඒ අර්බුදයට විසඳුමක් කවුරුත් ඉදිරිපත් කරලත් නැහැ. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ඒ සඳහා විසඳුමක් නිර්මාණය කරගන්න, ඒ විසඳූමේදී වැඩකරන ජනතාවගේ අයිතීන් නැතිකරන එක වළක්වන්න, ජනතාවගේ මූලික අයිතීන් දිනාගන්න ජනතාව මැදිහත් විය යුතුයි. “

Share post:

Popular

වෙනත් පුවත්

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...