Breaking News

අයිස් නාඩගමේ ඊළඟ අදියර – පුනුරුත්ථාපන පනත

ආන්දෝලනයට තුඩුදුන් පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (5) විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය ලබන 19 වැනිදා දක්වා කල් දමා තිබේ.

පනත ඉල්ලා අස්කර නොගන්නා බවත් කරන්නේ විවාදය පසුවට කල් දැමීම පමණක් බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

පසුගිය සමයේ පාසල් ළමුන්ගේ බෑග්වල අයිස් තිබේදැයි චෙක් කරමින් ආණ්ඩුව විශාල මධ්ය් මෙහෙයුමක් ගෙනයනු ලැබුවේ මෙම පනත ගෙන ඒම වෙනුවෙන් බවට මත පළවේ.

ආණ්ඩුවේ උත්සාහය වී ඇත්තේ සමාජ සංවාදයකට ඉඩ නොතබා පාර්ලිමේන්තුව තුළ පනත සම්මත කිරීමයි. ‍සූක්ෂම ලෙස මේ පනත ක්‍රියාත්මක කරමින් විරෝධතාකරුවන් අධිකරණ තීන්දු නැතිවම සිරගත කරන්නට ආණ්ඩුවට හැකියාව තිබේ.

මෙම පනතේ භයානක ස්වභාවය සම්බන්ධයෙන් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් තැබූ සටහනක් පහත දැක්වෙනවා.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
පුනරුත්ථාපනයට මුවා වී සිර කඳවුරු නිර්මාණය කිරීම ගැන විවාද කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය කුමක්ද?

මත්ද්‍රවය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර නියාමනය කිරීම සඳහා දැනටමත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සඳහා ප්‍රතිකාර පුනරුත්ථාපනය සම්බන්ධ 2007 අංක 54 පනත ඇත. එය සම්මත කරන ලද්දේ හදිසි පනතක් ලෙසය. ඒ ගැන මහජනතාව අතර විවාදයක් නැත. මේ පනත යටතේ දැනටමත් ‘ප්‍රතිකාර මධ්‍යස්ථාන‘ ක්‍රියාත්මක වන අතර ඒවාද මත්ද්‍රව්‍ය මත යැපීම සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස නොව, ආරක්ෂක ප්‍රශ්නයක් ලෙස සලකමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

එසේ නම් නව පුනරුත්ථාපන කාර්යාංශයක් අවශ්‍යවන්නේ ඇයි? කා වෙනුවෙන්ද?
අපි සිටින්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනි. රජයේ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය ප්‍රතිපාදන නොමැත. මිනිසුන්ට දිනක්වත් ජීවත් වීමට නුසුදුසු සිරගෙවල් අපි දැනටමත් පවත්වාගෙන යමින් සිටියි. ඒ අතර මෙම කඳවුරු පවත්වාගෙන යාමට මුදල් සොයා ගැනීමට රජයට හැකිවන්නේ කෙසේද?
ප්‍රමාදවීමට පෙර ඔබේ මන්ත්‍රීවරයාගෙන් කතා කරලා අහන්න, ඇයි මේකට ඡන්දය දෙන්නේ කියලා. ඔවුන් රනිල්ට ඡන්දය දුන් බව නොසළකා ඇයි මේ පනතට ඡන්දය දෙන්නේ කියලා අහන්න.
සුභ නව වසරක්!

leave a reply