ඉතාලියේ අලුත් රෝගීන්ද මරණ ද අඩුවේ, සැනසුම් සුසුමක ආරම්භයද?

ගෙවුණු දින කීපය තුළ සීඝ්‍ර ලෙස ඉහළ ගිය මරණ අනුපාතය අද වන විට යම් ප්‍රමාණයකට පහත වැටී තියෙනවා. එවගේම අද දිනයේ අලුතෙන් එකතු වුණු රෝගීන් ප්‍රමාණය ද අඩුවක් දකින්න තියෙනවා. අද සිදුවී ඇති මරණ ප්‍රමාණය 651 කි , අලුතින් එකතු වී ඇති රෝගීන් 3957 කි . කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් ඉන්න පිරිස 46 638 යි .

මාර්තු 22 ඉරිදා වන විට චීනය 81.397 ඉතාලිය 59.138 ඇමෙරිකාව 31.057 කොරෝනා වෛරස් ආසාදිතඉන් හමුවී තිබෙනවා. ලෝකයේ සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 14 366යි . සුවය ලබා ඇති සංඛ්‍යාව 95.656 යි.

සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය නිසා මැඩ පවත්වන්නට දිවා රාත්‍රී වෙහෙසවී සේවයේ නියුතුව සිටි ඉතාලි වෛද්‍යවරුන් 18 දෙනෙක්ද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිහින් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ඉතාලියට වෛද්‍ය ආධාර ද වෛද්‍ය සේවය ද හෙද සේවය ද සපයන්නට චීනය, රුසියාව කියුබාව සහ වෙනිසුයිලාව ඇතුළු තවත් රටවල් ගණනාවකින් ම ඉදිරිපත් තියෙනවා.

ප්‍රාන්ත මට්ටමින් කොරෝනා වෛරසය පැතිරී ඇති ආකාරය

යුරෝපය තුල කොරෝනා වෛරසය පැතිරී තිබෙන ආකාරය

ලෝකය තුළ කොරෝනා වෛරසය පැතිරී තිබෙන ආකාරය

වයස අනුපාතය තුළ ඉතාලිය තුළ මරණ සිදුවී තිබෙන ආකාරය

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...