ඉතාලියේ අලුත් රෝගීන්ද මරණ ද අඩුවේ, සැනසුම් සුසුමක ආරම්භයද?

ගෙවුණු දින කීපය තුළ සීඝ්‍ර ලෙස ඉහළ ගිය මරණ අනුපාතය අද වන විට යම් ප්‍රමාණයකට පහත වැටී තියෙනවා. එවගේම අද දිනයේ අලුතෙන් එකතු වුණු රෝගීන් ප්‍රමාණය ද අඩුවක් දකින්න තියෙනවා. අද සිදුවී ඇති මරණ ප්‍රමාණය 651 කි , අලුතින් එකතු වී ඇති රෝගීන් 3957 කි . කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් ඉන්න පිරිස 46 638 යි .

මාර්තු 22 ඉරිදා වන විට චීනය 81.397 ඉතාලිය 59.138 ඇමෙරිකාව 31.057 කොරෝනා වෛරස් ආසාදිතඉන් හමුවී තිබෙනවා. ලෝකයේ සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 14 366යි . සුවය ලබා ඇති සංඛ්‍යාව 95.656 යි.

සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය නිසා මැඩ පවත්වන්නට දිවා රාත්‍රී වෙහෙසවී සේවයේ නියුතුව සිටි ඉතාලි වෛද්‍යවරුන් 18 දෙනෙක්ද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිහින් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ඉතාලියට වෛද්‍ය ආධාර ද වෛද්‍ය සේවය ද හෙද සේවය ද සපයන්නට චීනය, රුසියාව කියුබාව සහ වෙනිසුයිලාව ඇතුළු තවත් රටවල් ගණනාවකින් ම ඉදිරිපත් තියෙනවා.

ප්‍රාන්ත මට්ටමින් කොරෝනා වෛරසය පැතිරී ඇති ආකාරය

යුරෝපය තුල කොරෝනා වෛරසය පැතිරී තිබෙන ආකාරය

ලෝකය තුළ කොරෝනා වෛරසය පැතිරී තිබෙන ආකාරය

වයස අනුපාතය තුළ ඉතාලිය තුළ මරණ සිදුවී තිබෙන ආකාරය

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...