Breaking News

විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් මගේ ජීවිතය කෘතිය

දිනකට රුපියල් දහයකින් වැටුප් කරන ලෙස ඉල්ලා රජයේ සේවකයන් මහා වැඩ වර්ජනයක් දියත් කළ විට ඉදරියේ දී විවෘත ආර්ථිකය ගෙන ඒමට බලාපොරොත්තුව සිටි ජේ.ආර්. එම මහා වැඩ වර්ජනය මර්දනය කිරීමට කටයුතු කළේය වෘත්තිය සමිති ශක්තිමත්ව පැවතීම චිවෘත ආර්ථිකය මෙරට ස්ථාපිත කිරීමට විශාල බාධාවක් බැවින් වෘත්තීය සමිති අකර්මණ්‍ය කිරීමට ක්‍රියා කළේය.වර්ජකයන් හතලිස් දාහක් රැකියා වලින් දොට්ට දමන ලදී. එම 80 මහා වැඩ වර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිති නායකත්වය සමඟ පෙරමුණේම සිටිමින් ලැබූ අත්දැකීම් හා 83 කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අත්දැකීම් ඇතුලත් කර ලියන ලද කෘතිය දෙසැම්බර් 31 දින දොරට වැඩීම කොළඹ මහජන පුස්තකාලශ්‍රවණාගාරයේ දී සිදුවිය.

පොතක මිල රුපියල් හත්සියයක් වේ.⁣තැපැල් මගින්ද ගෙන්වා ගැනීමේදී සියයට විස්සක වට්ටම් ලබා ගත හැකිය.

 

leave a reply