අපට ඔවුන්ව දැනේ. මක්නිසාද අප එකී වෙනස්කමි වලට මුහුණ දී ඇත්තෙමු 

එක්සත් ජනපදයේ මෙන් වෙනස් කොට සැලකීම අවසන් කරන ලෙස ඉන්දියාවේ ‘දලිතයින්’ හඩ නගත්.

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් මිනිත්තු නවයකට ආසන්න කාලයක් දණ නමා ගෙල සිරකර මරාදැමූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට ප්‍රතිචාර වශයෙන් බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවන්ට සහය දුන් බව ‘දලිත්’ උද්ඝෝෂකයෝ කියා සිටියි.

‘‘ මක්නිසාද අපට ඔවුන්ව දැනේ. අපද එකී වෙනස්කමි වලට මුහුන දී ඇත්තෙමු ‘‘ ඔවුහු පැවසූහ.
ඉන්දියාව 1955 දී කුලය පදනම් කරගත් වෙනස්කම් කිරීම තහනම් කළේය. එහෙත් දිලිත් හා අඩු වරප්‍රසාද ලත් කුල කණ්ඩායම්වල සාමාජිකයින්ට එරෙහිව පුරාණ පක්ෂග්‍රාහීත්වය දිගටම පවතින අතර ඔවුන්ට අධ්‍යාපනය හා රැකියා ලබා ගැනීම සහ නිවාස මිලදී ගැනීම අතිශය දුෂ්කර වේ.

වැසිකිළි වලවල් ඉවත් කිරීම, කුණු කානු පද්ධති පවිත්‍රකිරීම හෝ මළ සිරුරු බැහැර කිරීම වැනි “අපිරිසිදු” කාර්යයන් ඉටු කිරීමට ඇතැම් විට බල කෙරුණු දලිතයන් සහ උපලේඛනගත ගෝත්‍රිකයන් – බොහෝ විට හුදෙකලා හෝ අවාසි සහගත ආදිවාසීන් ටය. ඉන්දියාවේ ජනගහනයෙන් හතරෙන් එකක් එනමි බිලියන 1.3 වේ. “සෑම ජීවිතයක්ම වැදගත් බව ජනතාව තේරුම් ගත යුතුයි.“අප්‍රිකානු ඇමරිකානුවන්ගේ අරගලයෙන් ඉන්දියානු ‘දලිතයන්’ ඓතිහාසිකව බොහෝ දේ ඉගෙන ගෙන තිබේ” යැයි දිලිත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ‘රූත් මනෝරාමා’ රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඉන්දියාවේ ආඛ්‍යානයට අභියෝග කිරීමටත්, දිලිත්වරුන්ගේ මර්දනය ගැන කතා කිරීමටත් මෙය හොඳ අවස්ථාවක්. COVID-19 වසංගත සමයේදී පවා දලිත් කුලයේ මිනිසුන්ට ආධාර දීම ප්‍රතික්ෂේප කිරීම වෙනස් කොට සැලකීමක් ලෙස දැකිය හැකිය. ඉන්දියාවේ දැඩි අගුලු දැමීමෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ දලිතයන් වන අතර, බොහෝ විට දේශීය බෙදාහැරීමේ ස්ථානවල ආහාර හෝ මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ඔවුන්ගේ වාරය එනතුරු වැඩි කාලයක් බලා සිටීමට සිදු වූ අතර,පසුව ඔවුන්ව හරවා යැවූ බව ඇය කීවාය.

“දිලිත් හා සුළු ජාතීන්ගේ ජීවිතද වැදගත්” බව අවධාරණය කරමින් 300 දෙනෙකු පමණ පෙත්සමකට අත්සන් තබා ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටින්නේ “කුල භේදයත් වාර්ගික වෙනස්කම්වලින් එකකි” යනුවෙනි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්