අප ජීවත්වන ලෝකය විෂමය,විවිධය. මිනිස්සු ජීවිත්වීම සඳහා අරගල කරති. අපේක්ෂා රෝහලට මා ගියේ පළමු වරටය. එහි මාදුටුවේ අවසන් අවස්ථාව දක්වා ජීවිත්වීම සඳහා අරගල කරන මිනිස්සුය. එකී අරගලය තුළ එකිනෙකා ලබන සහ විඳින ආකාරය වෙනස්ය.
මේ සමාජය තුළ එකිනෙකට වෙනස් ලෙස මිනිස්සු බෙදා ඇත. ජීවිත විඳගන්නේ සහ විඳ වන්නේ ඒ අනුවය. සෑම මිනිසෙකුටම තම ජීවිතය පවත්වා ගැනීම සඳහා කෑම බීම අත්‍යවශ්‍යය. නමුත් ඉහතකී බෙදීම විසින් එම අවශ්‍යතාවය සපුරා ගනු ලබන්නේද බෙදුනු ආකාරයටය. එම බෙදීම උපත ලබන තැන සිට මරණය දක්වා දිවෙන එකකි .
ධනවාදය යනු සියල්ල ලාභය මත පදනම් වූ සමාජයකි. ඒ සඳහා ඕනෑම අයෙකුට රිසිපරිදි ඕනෑම කටයුත්තක් කිරීමට ඉඩකඩ ඇත . මිනිස් අවශ්‍යතාවයන් වුවද සපුරා ගැනීමේදී ලාභය මත පදනම් වන්නේ එ්නිසාය.කෑමට ගන්නා බත සහ අනෙකුත් සියළු ආහාර සකසා ගැනීමට පෙර ඒ සඳහා අදාල සියළු දේ වසවිස මුසුකොට අපට ලබාදෙන බව කව්රුත් දන්නා කරුණකි . එය එසේ වන්නේ මිනිසා ලාභය පසුපස දුවයන හෙයිනි .
මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ජීවත්වීමේ අපේක්ෂාව වෙනුවට මරණයේ අපේක්ෂාව ජය ගැනීමයි. නමුත් දිනපතා මරණය සමග පොරබදින මිනිසුන් දෙස බලා කඳුළු වගුරන දෑස් වලට කිසිදු පිළිසරණක් ධනපති ක්‍රමය විසින් ඉදිරිපත් කර නැත . එබැවින් මේ සියළු කරදර ඇතිව තිබෙන්නේ ධනපති ක්‍රමය මෙහි හේතුව වන නිසාය. ඒනිසා අප සියළු දෙනාට මරණය වෙනුවට ජීවිතය ලබාගත හැක්කේ මෙම අසාධාරණ ක්‍රමය වෙනස් කළහොත් පමණි .
ඒ සඳහා අප සියළු දෙනා එක්ව අරගල කළ යුතුය .