ලිපි ලේඛන වංචා දූෂණ හේතුවෙන් 2025 ඉතාලි වීසා නීතියෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ අවදානමක 

Fiuss නීතිය යටතේ 2025 සඳහා විදෙස් රටවලින් සේවකයන් විවිධ කොන්ත්‍රාත් පදනම් යටතේ  ඉතාලියට  ගෙන්වා ගැනීමේ  අවස්ථාවක් උදා වීමට නියමිතයි . මෙය පසුගිය වසර කිහිපය තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිදු කිරීමට නියමිතව තිබුණත් 2024 වසරේ සිදුවූ අක්‍රමිකතා සහ ලිපි ලේඛන වංචා හේතුවෙන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය  පකිස්තානය යන රටවල් තුනට 2025 නීතිය යටතේ මේ සඳහා ඉල්ලුම් කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමට හෝ ඉල්ලුම් කරන්නන්ගේ ලිපි ලේඛන දැඩි  පරීක්ෂාවකට ලක් කිරීමට ඉතාලි බලධාරීන් කටයුතු කිරීමට නියමිතව  තියනව .  මෙම තත්ත්වය තවමත් සාකච්ඡා මට්ටමින් පවතින අත  සමහර විට 2025 සඳහා මේ රටවල් තුනට වීසා ඉල්ලුම් කිරීමේ අවස්ථාව අහිමි වීමටද නියමිතයි .

මෙය තත්ත්වය උදා වීමට බලපා තිබෙන මූලිකම කරුණ වන්නේ අධික ලෙස මුදල් ඉපයීමේ අරමුණ ඇතිව විවිධ පුද්ගලයන් කූට ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සේවකයන් ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම් කිරීමත් , එසේ ඉතාලිය තුළට ගෙන්වා ගන්නා පුද්ගලයින්ව අත්‍යවශ්‍ය මූලික ලිපි ලේඛන සකසා දීමකින් තොරවම අත්හැර දැමීම වැනි කරුණු කාරණා හෙළිදරව් වී තිබීමයි . එහෙයින් ඉදිරියේදී  මෙවැනි ක්‍රියාවන් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉතාලි රජය කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...