Breaking News

ලිපි ලේඛන වංචා දූෂණ හේතුවෙන් 2025 ඉතාලි වීසා නීතියෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ අවදානමක 

Fiuss නීතිය යටතේ 2025 සඳහා විදෙස් රටවලින් සේවකයන් විවිධ කොන්ත්‍රාත් පදනම් යටතේ  ඉතාලියට  ගෙන්වා ගැනීමේ  අවස්ථාවක් උදා වීමට නියමිතයි . මෙය පසුගිය වසර කිහිපය තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිදු කිරීමට නියමිතව තිබුණත් 2024 වසරේ සිදුවූ අක්‍රමිකතා සහ ලිපි ලේඛන වංචා හේතුවෙන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය  පකිස්තානය යන රටවල් තුනට 2025 නීතිය යටතේ මේ සඳහා ඉල්ලුම් කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමට හෝ ඉල්ලුම් කරන්නන්ගේ ලිපි ලේඛන දැඩි  පරීක්ෂාවකට ලක් කිරීමට ඉතාලි බලධාරීන් කටයුතු කිරීමට නියමිතව  තියනව .  මෙම තත්ත්වය තවමත් සාකච්ඡා මට්ටමින් පවතින අත  සමහර විට 2025 සඳහා මේ රටවල් තුනට වීසා ඉල්ලුම් කිරීමේ අවස්ථාව අහිමි වීමටද නියමිතයි .

මෙය තත්ත්වය උදා වීමට බලපා තිබෙන මූලිකම කරුණ වන්නේ අධික ලෙස මුදල් ඉපයීමේ අරමුණ ඇතිව විවිධ පුද්ගලයන් කූට ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සේවකයන් ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම් කිරීමත් , එසේ ඉතාලිය තුළට ගෙන්වා ගන්නා පුද්ගලයින්ව අත්‍යවශ්‍ය මූලික ලිපි ලේඛන සකසා දීමකින් තොරවම අත්හැර දැමීම වැනි කරුණු කාරණා හෙළිදරව් වී තිබීමයි . එහෙයින් ඉදිරියේදී  මෙවැනි ක්‍රියාවන් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉතාලි රජය කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

leave a reply