බ්‍රිතාන්‍යය 2020 අවසන් වනවිට එන්නත් කිරීම් 400,000ක් කිරීමට සුදානම්

එක්සත් රාජධානිය කොවිඩ් -19 ට එරෙහිව නිල වශයෙන් එන්නතක් ලබාදෙන ලොව පළමු රට වනවා පමණක් නොව මහා පරිමාණ එන්නත් ව්‍යාපාරය ආරම්භ කළ ලොව පළමු රට බවට පත්වීමට නියමිතයි . ජර්මන් බයෝ එන්ටෙක් සහ ඇමරිකානු ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් -19 මර්ධන එන්නත ලබා දීමට දැනටමත් “සූදානම්” බව ජාතික සෞඛ්‍ය සේවාව වන NHS වහාම එන්නත් කිරීමේ ව්‍යාපාරය පවසයි.

වසර අවසාන වන විට 400,000 කට මෙම එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් ප්‍රකාශ කළේය. ඉදිරි කටයුතු එන්නත් නිපදවන බෙල්ජියම් කම්හලේ නිෂ්පාදන ධාරිතාව මත රඳා පවතින බවද ඔහු පවසනවා . 2020 “භයානක වසරක්” නමුත් 2021 “වඩා හොඳ” වනු ඇතැයි හැන්කොක් පැවසීය.

සෑම එන්නතක්ම ලන්ඩන් බලධාරීන් විසින් පරීක්‍ෂා කළ යුතු බවත්, ඒ සඳහා කාලය ගතවන බවත් , එන්නත් කිරීමේ වැඩසටහන මුලින් ප්‍රමාණයෙන් සීමා කර කාලයත් සමඟ “පුළුල්” වන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෑත සතිවල නිකුත් කරන ලද සායනික අත්හදා බැලීම් වලදී, එන්නත 95% ක සාර්තකතා පෙන්වා ඇති අතර , තරුණ හා මහලු සියලු දෙනාටම හොඳ ප්‍රථිපල අත්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

යම් හෙයකින් එන්නත ලබාගැනීමෙන් අනතුරුව යම් අතුරු අබාධ ඇති වුනොත් ඒ සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක්ද ප්‍රකාශයට පත්කර තිබීම මේ අවස්ථාවේ සුවිශේෂී වෙනවා .එය එන්නත පිළිබඳ විශ්වාසය තහවුරු කරලීමට යෙදු උපක්‍රමයක් ද වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...