බ්‍රිතාන්‍යය 2020 අවසන් වනවිට එන්නත් කිරීම් 400,000ක් කිරීමට සුදානම්

එක්සත් රාජධානිය කොවිඩ් -19 ට එරෙහිව නිල වශයෙන් එන්නතක් ලබාදෙන ලොව පළමු රට වනවා පමණක් නොව මහා පරිමාණ එන්නත් ව්‍යාපාරය ආරම්භ කළ ලොව පළමු රට බවට පත්වීමට නියමිතයි . ජර්මන් බයෝ එන්ටෙක් සහ ඇමරිකානු ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් -19 මර්ධන එන්නත ලබා දීමට දැනටමත් “සූදානම්” බව ජාතික සෞඛ්‍ය සේවාව වන NHS වහාම එන්නත් කිරීමේ ව්‍යාපාරය පවසයි.

වසර අවසාන වන විට 400,000 කට මෙම එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් ප්‍රකාශ කළේය. ඉදිරි කටයුතු එන්නත් නිපදවන බෙල්ජියම් කම්හලේ නිෂ්පාදන ධාරිතාව මත රඳා පවතින බවද ඔහු පවසනවා . 2020 “භයානක වසරක්” නමුත් 2021 “වඩා හොඳ” වනු ඇතැයි හැන්කොක් පැවසීය.

සෑම එන්නතක්ම ලන්ඩන් බලධාරීන් විසින් පරීක්‍ෂා කළ යුතු බවත්, ඒ සඳහා කාලය ගතවන බවත් , එන්නත් කිරීමේ වැඩසටහන මුලින් ප්‍රමාණයෙන් සීමා කර කාලයත් සමඟ “පුළුල්” වන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෑත සතිවල නිකුත් කරන ලද සායනික අත්හදා බැලීම් වලදී, එන්නත 95% ක සාර්තකතා පෙන්වා ඇති අතර , තරුණ හා මහලු සියලු දෙනාටම හොඳ ප්‍රථිපල අත්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

යම් හෙයකින් එන්නත ලබාගැනීමෙන් අනතුරුව යම් අතුරු අබාධ ඇති වුනොත් ඒ සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක්ද ප්‍රකාශයට පත්කර තිබීම මේ අවස්ථාවේ සුවිශේෂී වෙනවා .එය එන්නත පිළිබඳ විශ්වාසය තහවුරු කරලීමට යෙදු උපක්‍රමයක් ද වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...