IMF ආර්ථික දත්ත සහ ඇත්ත

එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් විසින් ඒ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත් පසුගිය වසරේ වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව, ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බව ද එහිදී අදහස් පළ විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර, 2024 සහ 2025 දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකිවනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බව පැවසුනද විවිධ සංවිධාන මෙම වැඩපිළිවෙල රටේ දුප්පත්කම වැඩිකිරීමට දායක වී ඇති ආකාරය දක්වා තිබේ. මෑතකදී නිකුත්වූ හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට බලපෑ ආකාරය හෙළිකර තිබේ . එම වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසරේ ගෙවීමට සිදුවූ ණය පොලී අනුපාතය ශ්‍රී ලංකාවේ මුළු ආදායමෙන් 57%ක් බව ය. හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ලෝක බැංකුව 2024 නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ දිළිඳුභාවය 3.9%කින් වැඩි කිරීමට වැට් බදු ප්‍රතිසංස්කරණ බලපා ඇති බව ය.

එසේම ලෝක බැංකුව මෑතකදී නිකුත්කළ වර්තාවක පැවසුනේ ගැලපුමෙන් සියයට 75කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ වක්‍ර බදුවලින් වන අතර ඒවා ප්‍රතිගාමී වන අතර දුප්පතුන්ට අසමාන ලෙස බලපා ඇති බවයි.

එහිදී අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් ආදියේ වර්ධනය වෙනුවෙන් පවතින්නේ ඉතාමත් කුඩා මුදල් ප්‍රමාණයක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...