සතුට නුඹ තුළම ය…

හිල් වූ පියස්සෙත්
එබිකම් පානවා හඳ
පුතේ අර බලාපන්
ගෙයි බිමේ මැවෙන
රටාවල අපූරුව…

ඉඩෝරෙක,
ඉරිතැලූ බිම සිපගන්න
කඩාවැටෙන වැහි බිඳිති
මුහුවෙලා
දූවිල්ලෙන් එන පුසුඹ..

දිගට හුස්මක් අරන්
වින්දෑකි නුඹටත්
පුතේ, ඒ තමයි
සොබාදහමට හුරුව…

සීත පිණි බිඳිති
තණ පළස මත එළා
පා පොඩි සිඹීවී
කිතිකවමින් හිතම
කම් නැතුවා, නැතුවාට
නුඹට මිරිවැඩිසඟළ…

මගෙ පුතු,

ඕනෙ නෑ
සුවිසල් මන්දිර, සඳලුතල…
ලෑලි දොර අස්සෙනුත්
දැකිය හැකි නොවෙද
ලස්සනට
හැඩ කරලා ලෝකය …

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...