සතුට නුඹ තුළම ය…

හිල් වූ පියස්සෙත්
එබිකම් පානවා හඳ
පුතේ අර බලාපන්
ගෙයි බිමේ මැවෙන
රටාවල අපූරුව…

ඉඩෝරෙක,
ඉරිතැලූ බිම සිපගන්න
කඩාවැටෙන වැහි බිඳිති
මුහුවෙලා
දූවිල්ලෙන් එන පුසුඹ..

දිගට හුස්මක් අරන්
වින්දෑකි නුඹටත්
පුතේ, ඒ තමයි
සොබාදහමට හුරුව…

සීත පිණි බිඳිති
තණ පළස මත එළා
පා පොඩි සිඹීවී
කිතිකවමින් හිතම
කම් නැතුවා, නැතුවාට
නුඹට මිරිවැඩිසඟළ…

මගෙ පුතු,

ඕනෙ නෑ
සුවිසල් මන්දිර, සඳලුතල…
ලෑලි දොර අස්සෙනුත්
දැකිය හැකි නොවෙද
ලස්සනට
හැඩ කරලා ලෝකය …

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...