ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය නව රජයටත් විසඳන්න බැරිද? 

දීර්ඝ කාලයක් ඇදී එන ඉතාලියේ රියදුරු බලපත් අර්බුදය නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව යටතේ විසඳා වී යැයි බලාපොරොත්තු තියාගෙන සිටියාට එය ඉක්මනින් විසඳෙන පාටක් පෙනෙන්න නැති බව   මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය ප්‍රකාශ කර සිටිනවා. නව රජය පත්වුණයින් පසුව ඉතාලියට පැමිණ සිටි තානාපතිවරයා තවම  දිව්රුම් දී නොතිබීමත් මේ ප්‍රශ්නය දිග්ගැස්සීමට හේතුවක් බව  පැහැදිලියි . මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විසඳුම් යෝජනා කළත් නව රජයට යම් කාලයක් අවශ්‍ය වී තිබෙන බව අපි පැහැදිලිවම දන්නා කරුණක් . එහෙත්  ගත හැකි යම්  හදිසි පියවරක් තිබේ නම් එය ගැනීම රජයේ ප්‍රමුඛ වගකීම හැටියට අපි විශ්වාස කරනවා . අර්බුදය නිසා විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉතාලිය තුළ  රැකියා අර්බුදයකට මුහුණ දී සිටිනවා .

මේ ගැටළුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම සඳහා ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය විදිහට ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තියෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...