ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය නව රජයටත් විසඳන්න බැරිද? 

දීර්ඝ කාලයක් ඇදී එන ඉතාලියේ රියදුරු බලපත් අර්බුදය නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව යටතේ විසඳා වී යැයි බලාපොරොත්තු තියාගෙන සිටියාට එය ඉක්මනින් විසඳෙන පාටක් පෙනෙන්න නැති බව   මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය ප්‍රකාශ කර සිටිනවා. නව රජය පත්වුණයින් පසුව ඉතාලියට පැමිණ සිටි තානාපතිවරයා තවම  දිව්රුම් දී නොතිබීමත් මේ ප්‍රශ්නය දිග්ගැස්සීමට හේතුවක් බව  පැහැදිලියි . මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විසඳුම් යෝජනා කළත් නව රජයට යම් කාලයක් අවශ්‍ය වී තිබෙන බව අපි පැහැදිලිවම දන්නා කරුණක් . එහෙත්  ගත හැකි යම්  හදිසි පියවරක් තිබේ නම් එය ගැනීම රජයේ ප්‍රමුඛ වගකීම හැටියට අපි විශ්වාස කරනවා . අර්බුදය නිසා විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉතාලිය තුළ  රැකියා අර්බුදයකට මුහුණ දී සිටිනවා .

මේ ගැටළුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම සඳහා ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය විදිහට ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තියෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...