‘ත්‍රිපෝෂ’  සමාගම වසා දමන්න ගත් තීරණය ඇත්තක්, ඒ නිසයි ආණ්ඩුවෙන් සද්දයක් නැත්තේ. 

රජයේ  ‘ත්‍රිපෝෂ’  සමාගම වසා දැමීමට රජය ගෙන ඇති තීන්දුවක් පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරනු ලැබුවා   ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජික පුබුදු ජයගොඩ විසින් . මේ  හෙළිදරව්ව පිළිබඳව  ජාතික ජන බලවේගයට හිතවත් පාර්ශව විසින් විවේචන එල්ල කර තිබුණා .. ඇයි පුබුදු බොරු කියන්නේ  කියලා අහලා තිබුනා.

එහෙත් පුබුදු ජයගොඩ මේ හෙළිදරව්ව කරන්නේ රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරමින් . කතාව බොරුවක් නම් දැන් මේ හැමෝටම පුළුවන් මේ ගැසට් නිවේදනය හොයාගෙන කියවල බලන්න . එම ගැසට් නිවේදනයේ රජයේ  ‘ත්‍රිපෝෂ’  සමාගම ඈවර කරන පණිවිඩය නැත්නම් ඔබට පුළුවන් මීට එරෙහිව  ක්‍රියාමාර්ගයක් ගන්න .

තවම කිසිවෙක් නිල වශයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන්  මේ කතාව බොරුවක් බව ප්‍රකාශයට පත් කරලා නැහැ .

අප දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ  ‘ත්‍රිපෝෂ’  සමාගම පෞද්ගලිකකරණය කරන්නයි . නමුත් මතුවුණු ජනතා විරෝධය හමුවේ එය කරගන්න බැරිවුණා.  ‘ත්‍රිපෝෂ’  සමාගම කියන්නේ පාඩු ලබන ආයතනයක් නෙවෙයි . ලාභ ලබමින් රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල්  එකතු කර දෙන අයතනයක් .

එපමණක් ද නොවෙයි මේ  සමාගම  අපේ රටේ  දරුවන්ට සහ ගැබිණි මාතාවන්ගේ පෝෂණය ආරක්ෂා කරන්න රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ ආයතනයක් . මේ ආයතනය පවත්වාගෙන යෑම සහ සිදු කරන පෝෂණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයක වගකීමක් වෙනවා .

පුදුමයට කරුණ නම් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්න මේ ආණ්ඩුවෙන් මේ වැදගත් ආයතනය  වසා දමන්න තීරණය කිරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...