Breaking News

ඇන්ඳීමේ දේශපාලනය සහ කඩා බිඳ ඉහිරීමේ දේශපාලනය

එළඹෙන පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව ඉදිරිපත් වීමට උත්සාහ කළ එක්සත් ජාතික පක්ෂය එම උත්සාහය අසාර්ථක වීමෙන් පසුව පළාත් පාලන ආයතන කීපයකට එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර ඇති බව පෙබරවාරි 14 වෙනිදා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තියනවා .

ඒ අනුව කොළඹ මහනුවර ගාල්ල නුවරඑළිය යන මහ නගරසභා සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරඟ කරනු ඇත.

අලියා ලකුණෙන් තරඟ කිරීමට හැකියාවක් නොමැති පළාත් පාලන ආයතන වලට වෙනත් කණ්ඩායම් සමඟ සන්ධාන ගතවී හෝ ඔවුන්ගේ නාම ලේඛනයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් ඉදිරිපත් කරමින් ආයතන සඳහා තරඟ කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

රනිල් වික්‍රමසිංහ සුපුරුදු දේශපාලන උපක්‍රමය බාවිතා කරමින් සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයෙදී හවුල්කාර පක්ෂයක් ලෙස ළංකර ගනිමින් සමගි ජන බලවේගය තුළ අර්බුදයක් නිර්මාණය කර දේශපාලනික වශයෙන් සමගි ජන බලවේගය අඩපණ කිරීමට ක්‍රියාත්මක වූ බවට චෝදනාවක් මතුව තිබෙනවා.

පක්ෂ අභ්‍යන්තරයෙන් මතු වූ පීඩනය හේතුවෙන් සජිත් ප්‍රේමදාස ද එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට සාකච්ඡා මේෂයට ඉඳගත්තද ඒ සඳහා තමන්ගේ අනුකූලත්වය දැක්වීමකින් තොරව එය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූ බවට විවේචනයක් සජිත් වෙතද එල්ල වෙනවා.

ඒ අනුව මේ දෙපාර්ශ්වයම තමන්ගේ පාක්ෂිකයන්ගෙන් වන පීඩනය සමනය කර ගැනීම සඳහා වංචනික ලෙස සන්ධානගතවීමේ වැඩපිළිවෙළක් පෙන්වා දෙපාර්ශවයම රවට්ටා ඇති බව සඳහන් .

leave a reply