මාස හයයි විදුලිබල මණ්ඩල ලාභය බිලියන සීයයි 

පසුගිය මාස 6 ඇතුලත විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 100ක ලාභයක් උපයල තියනවා. ඉතිහාසේ ආයතනයක් ලබපු විශාලම ලාභය. නමුත් ඒ ලාභයේ සහනය ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම් නෑ. ආණ්ඩුව විදුලිබිල අඩු කිරීමේ යෝජනාව පස්සට දාලා. අද ලංකාවේ විදුලි සැපයුම කප්පාදු කරපු පවුල් ගණන ලක්ෂ 11ක්. ඒ පවුල්වල දරුවෝ පාඩම් කරන්නෙ කොහොමද ? ඒ ගෙවල්වල ආරක්ෂාවට මොක ද වෙන්නේ ? ඇයි අර උපයපු බිලියන 100ක ලාභයෙන් කොටසක් යොදවල ඒ මිනිස්සුන්ට විදුලිය දෙන්න බැරි ? මොකද ආණ්ඩුව සූදානම් නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් එලියට එන්න. මූල්‍ය අරමුදල තමයි කියන්නේ ආණ්ඩුවට විදුලිබිල අඩු කරන්න එපා කියලා.

ඉහත අනාවරණය කරනු ලැබුවේ දෙසැම්බර් 28 වන දා අනුරාධපුරයේ පැවැති ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ “IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ? ”  සම්මන්ත්‍රණයේ දී   ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...