හදිසියේ තෙල් මිල වැඩිකරේ IOC එකේ ඉල්ලීමකට – පුබුදු ජයගොඩ

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහළ යමින් තිබෙන තත්ත්වයකදී හදිසියේම තෙල් මිල නැවත වතාවක් වැඩි කරනු ලැබුවේ ඉන්දීය තෙල් සමාගමට අධික ලාභ ලැබීම සඳහා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු පවසන්නේ ලබන සති කිහිපයට අවශ්‍ය තෙල් ගෙන්වන ලෙස IOC සමාගම කරන ලද ඉල්ලිමකදී එම සමාගම මිල වැඩිකරොත් පමණක් තෙල් මිල වැඩිකරන බව පවසා ඇති බවයි. එසේම ජුනි 16වනදා තෙල් නැවක් පැමිණීමෙන් පසු නැවත තෙල් ගෙන්වා ගැනීමට අදාළව ආණ්ඩුවට සැලසුමක් නොතිබූ බවද පුබුදු ජයගොඩ පවසා තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ තවදුරටත් පැවසුවේ,

“දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත යමින් තිබෙන්නේ. ලංකාව තුළ තෙල් මිල ඉහළ නංවන්න කිසිම හේතුවක් නැහැ.අනිත් එක ලංකාවේ තෙල් සංස්ථාවට පාඩුයි කියල කියන්නත් බැහැ. දැනට තියෙන සංඛ්‍යා ලේඛණ ආණ්ඩුව 92 පෙට්‍රල් ලීටරයකින් රු 15.57ක ලාභයක් තියෙනවා. 95 පෙට්‍රල් ලීටරයකින් රු 68.61ක ලාභයක් තියෙනවා. සුපිරි ඩීසල් ලීටරයකින් 20.27ක ලාභයක් තියෙනවා. ඔටෝ ඩීසල්වලින් රු 8ක පමණ අලාභයක් තියෙනවා. නමුත් ඒක දෙන්නෙ පොදු ප්‍රවාහනය භාණ්ඩ ප්‍රවාහනය ආරක්ෂා කරගැනීම සඳහා. තෙල් නැවක් ඇවිල්ලා තෙල් නැවට ගිය වියදම පියවගන්න කියන්නත් බැහැ තෙල් නැවක් ආවේ නැති නිසා. හදිසියේ මිල වැඩිකරන්න හේතුව තමයි රජයට තවදුරටත් තෙල් ගෙන්න ගන්න බැහැ. තෙල් ගෙන්න ගන්න සැලසුමක්, පූර්ව සූදානමක්, ඇනවුමක් කිසිම දෙයක් නැහැ. අපිට දැනගන්න ලැබුණු තොරතුරු අනුව තවත් තෙල් සංස්ථාවට තෙල් ගේන්න බැරි බව පවසමින් ලබන සතිවල අවශ්‍ය තෙල් ගෙනෙන ලෙස IOC එකෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එතකොට IOC එක කියලා තියෙනවා තෙල් මිල වදිකරනවානම් විතරයි තෙල් ගෙනත් දෙන්නෙ කියලා. IOC එකට අධික ලාභයක් ලැබීම සඳහා තෙල් මිල වැඩි කරා. දැන් තෙල් තියෙනවද නැද්ද තෙල් මිල තීරණය කිරීමේ බලයක් IOC එක අත්පත් කරගෙන තියෙනවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...