ගුරුවරියන් සාරි ඇදගෙන ඒමට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව කැබ්නට් අමාත්‍යවරයෙක් අද පාර්ලිමේන්තුවේ දී නිල ලෙස දැනුම් දී ඇත..
මූලිකවම ජීවන විලාශ නිර්මාණය වීම යනු අප සිතන ආකාරයට ආහාර මෙන් ම සංස්කෘතික කාරණාවක් බව අපට පිළිගැනීමට සිදු වන මූලිකම අදහසකි… එය සිද්ධිමය උදාහරණයකින් පැහැදිලි කලහොත් ගැරඬි නයි අපේ සංස්කෘතියට අනුව අපිට ආහාරයට ගැනීමට අප්‍රියජනක වන අතර ලෝකයේ ඇතැම් රටවල ගැරඩි නයි යනු ඔවුන්ගේ ජීවන විලාශය ඔවුන්ගේ ආහාර සංස්කෘතියේ අතිශය ආස රස ආහාරයකි..
එය නිර්මාණය වනු ලබන්නේ අප සියල්ල සංස්කෘතික ජීවීන් ලෙස ඊට සරිලන පරිද්දෙනි..
එයට මෙතෙක් අපි ආභාෂය ලැබූ ආගම හා සිරිත් විරිත් පද්ධතීන් සියල්ල බලපාන බව අපිට පිළිගැනීමට සිදුවන කාරණයකි…
දැනට වසර දහයකට පමණ පෙර night rider ඉංග්‍රීසි ටෙලි නාට්‍යය රූපවාහිනී යේ විකාශය වන විට එහි තොල් සිප ගැනීම් night rider නිර්මාණය කළ රටේ දරුවන්ට ප්‍රශ්නයක් නොවුනද එය ඒ මොහොතට සාපේක්ෂව ලංකාව වැනි රටක දරුවන්ට අළුත් දෙයකි..
එහෙත් වසර දහයකට පමණ පසු ව අද වන විට එකී ටෙලි නාට්‍යයේ එම තොල් සිප ගැනීම අද දවසේ දරුවන්ට අළුත් දෙයක් නොවේ..
එයින් අපට සනාථ කර ගත හැකි කරුණක් වන්නේ සංස්කෘතිය යනු වෙනස් වන කරුණාවකි..
දයලෙක්තිකයකි…
එකී මූලික ස්ථාවරයේ සිට ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධ ප්‍රශ්ණය විග්‍රහ කරගත යුතුයැයි අපේ අදහසයි..
රාජ්‍ය සේවයේ සියළුම සේවිකාවන්ට තමන්ට පහසු ඇඳුමකින් සැරසී එන ලෙස චක්‍රලේකණයක් නිකුත් වූ පසු එය ගුරුවරියන්ට කිසිසේත් නොගැළපෙන බවත් සහ ගැලපෙන බවත් සමාජයේ මේ වන විටත් සංවාද විසංවාදයට පත්වී ඇති කරුණකි….
ඒ ගුරුවරිය යන ඓතිහාසික පෞරුෂයට එහි ගෞරවයට එයින් බාධාවක් සිදු වන බව කීයමිනි..
අතීත කාමය ඉස්මුදුනින් පිළිගන්නා බහුතරයක් දෙනා පවසන්නේ ගුරුවරිය යනු අපේ ජීවිතවල ආධ්‍යාත්මයක් බවත් ඔවුන් ඩෙනිම් කලිසම් බ්ලවුස් ඇඳගෙන ආ පසු එහි ගෞරවය විනාශ වන බවත් ය…
සහ ගුරුවරියන්ගේ සරල ඇඳුමට විරුද්ධ වෙන තවත් පාර්ශවයක් පවසන්නේ ඔවුන් සරල ඇඳුමෙන් එන විට බස් රියේ කොන්දොස්තර.. පවා.. “නංගි පස්සට යන්න යනුවෙන්”..ඇමතීම..
සහ ඒලෙවල් වයසේ සිටින තරුණ දරුවන් තරුණ ගුරුවරියක් දුටු විට ” wov.. ලස්සන පස්ස වැනි.. ”
ආමන්ත්‍රණ සිදු කරන විට ගුරුවරියන්ගේ පෞරුෂයට ගෞරවයට එය බරපතල හානියක් සිදුවන බවයි..
ගුරුවරියන්ගේ සරල ඇඳුමට පක්ෂපාතී පාර්ශ්වය පවසන්නේ එසේ නම් පාසල් කාල වේලාවේ හැර ගුරුවරියන් සෑම විටම ගමන් බිමන් යන්නේ සාරිය ඇඳගෙන ද? යන්නයි..
මෙලෙස මේ වන විට මෙය සමාජයේ අතිශය කතාබහට ලක්වෙන සංවාදයක් බවට පත්වී අවසානය…
ඇතැම් ගුරුවරියන් පවසන්නේ සාරි මිලදී ගැනීම ද අපහසු කාරණාවක් වන අතර එක් සාරියක් මිලදී ගැනීමට සඳහා රුපියල් හත් අට දහසක මුදලක් අවමයෙන් වියදම් වන අතර ගුරුවරියකගේ සාමාන්‍යය වැටුපෙන් අනෙක් ප්‍රශ්න විසඳගෙන සාරි ගැනීම.. පහසුවෙන් කළ නොහැක්කක් බවයි..
සහ ගුරුවරියන් සාරිය ඇඳීම ට පක්ෂ අය සහ එකී ගුරුවරියන් පවසන්නේ සාරිය තුලද විශාල විනයක් නැති බවත් එ සේ නම් සාරිය අඳින විට බඩ පෙනීම ලිංගික ආකර්ෂණය සිදුවන්නක් නොවන බව ද ?යනුවෙන් ප්‍රශ්ණ කරනු ලබයි..
සහ පුද්ගලික පන්ති වලදී ගුරුවරියන් පැමිණෙන විට සාමාන්‍යය ඇඳුමෙන් පැමිණෙන විට ගුරුවරියගේ පෞරුෂයට හානියක් සිදු නොවන්නේද යන්නයි..
ගුරුවරියගේ සාරිය අත්‍යවශ්‍යය බව පවසන පාර්ශවය ඊට ප්‍රතිවිරුද්ධ ලෙස පවසන්නේ එසේ නම් ගුරුවරුන් ද ස්කිනියර් ටී ශර්ට් ඇඳගෙන පැමිණි විට එයද ගුරුවරයාගේ පෞර්ෂයට හානි නොවන බවට පිළිගත යුතු බවයි ..
යුරෝපයට ස්කර්ට් බ්ලවුස් සහිත ගුරුවරියන් ප්‍රශ්ණයක් නොවුනද එය ලංකාව වූ වැනි ආසියාතික රටක ගුරුවරියගේ විනයට පෞරුෂයට හානියක් සිදුවන බව යි…
මෙලෙස එකී මෙකී සියළු දෙනා තම තමන්ගේ පාර්ශවයන්ට පක්ෂපාතී ලෙස අදහස් දක්වන අතර…
ඒ කිසිවෙක් තමන්ගේ මතය ජයග්‍රහණය කරවීමට මෙහා මේ සඳහා මධ්‍යස්ථ තැනකින් උත්තරයක් සාකච්ඡා කිරීමට වුවමනාවක් නැති බව පෙනෙන්නට තිබෙන සරල දෙයකි..
ඉහත ඇඳුමෙන් ගුරුවරියගේ ගෞරවය විනාශ වෙනවා පවසන කණ්ඩායමට මතක් නොවන සත්‍යයක් වන්නේ වෛද්‍යවරියන්ට සාරියක් ඇඳගෙන වැඩ කිරීම ඉතාම අපහසු වන අතර ඔවුන් ඔවුන්ට පහසු ඇඳුමක් ඇදගෙන තම වෘත්තීය කරන විට ඔවුන්ගේ පෞරුෂයට හෝ ගෞරවයට හානියක් සිදු වනවාද? යන්නයි..
සැබැවින්ම එය එසේ සිදු නොවේ.. ලස්සන කොට ගවුම් අඳින වෛද්‍යවරියක් වුවටද එකී ඇඳුම නිසා ඇයගේ වෘත්තියට හෝ ගෞරවයට මේ වන තෙක් වනතෙක් කිසිදු හානියක් සිදු වී නැත….
එයින් සනාථ වන්නේ ඇදුම යනු මනෝ මූලික හැඟීමක් බවයි… එහෙත් එවැනි අවුරුදු ගණනක් අපේ මනස වල්, තුල ස්ථාවර වූ මනෝමූලික හැඟීම් එකවර අපට විනාශ කර දැමිය නොහැක..
අප විශ්වාස කල විශ්වාසයන් සහ පද්ධතීන් කඩා බිද දැමිය යුත්තේ ක්‍රමානුකූලව ය..
එය එසේ නොවුන හොත් රසායිනික පොහොර වලට පුරුදු වී සිටි ජනතාවට එකවර කාබනික පොහොර පාවිච්චි කරන ලෙස නියෝග කල ගෝඨාභය රාජපක්ෂට සිදු වූ ඉරණම අත් වීම වැලැක්විය නොහැක..
අවුරුදු ගණනක් එකම ආකාරයෙන් සිතන්නට පුරුදු වූ සහ ජීවන විලාශයක් නැහැ නම් සිස්ටම් එකක් වෙනස් කිරීමට ඊට අභියෝග කල හැකි දියුණු වූ ජීවන විලාශයක් සිස්ටම් එකක් අවශ්‍ය වේ.. එසේ නොවුණහොත් සිදුවන්නේ බරපතල විකෘතියකින් එය අවසාන වීමය.. එය ගුරුවරියන්ගේ සාරියේ ප්‍රශ්නයට අදාළ ය..
සැබැවින්ම මෙහිදී මූලික වම අදාල වෙන්නේ සමාජ මාධ්‍යවල තියරි ලියන කතා කරන වැඩිහිටියන්ට නොව මී මැට්ට දරුවන්ට එය දැනෙන්නේ කෙසේද? යන ප්‍රශ්ණයයි..
දරුවන්ගේ මනස යනු ඉතාමත් සියුම්ය.. ඒවාට අළුත් දේ ලබාදිය යුත්තේ ක්‍රමානුකූලව ය.. එසේම දරුවන් අවුරුදු ගණනක් පුරුදු වූ මනෝ භාවයන් වෙනස් කල යුත්තේද ක්‍රමානුකූලව ය.. එය ළමා මනෝ විද්‍යාවේ සඳහන් වන මූලික ම කරුණකි .. එය එසේ නොවුනහොත් එය දරුවන්ට දරාගත නොහැකි ය..
“සාරියේ ශාපය වෙනස් කරමු ”
යනුවෙන් ඇඳුම වෙනස් කල ගුරුවරියන් පවසන්නේ තමන්ව දරුවන් ඉතා ආදරයෙන් වැලඳගත් බව ය..
ඇත්තටම ඔවුන් කියන එකී කාරණාව සත්‍යය නම් එහි කිසිදු වරදක් ද නැත.. එහෙත් එය සත්‍ය ද අසත්‍ය ද යන්න තීරණය කිරීමට කලබල විය යුතු ද නැත.. එය ක්‍රමාණුකූලව නිර්මාණය කළ යුතු තත්ත්වයකි..
අපේ යෝජනාව එය තීරණය කිරීමට සාරිය වෙනුවට වෙනත් සරල ඇඳුම් අනිවාර්ය කර ගැනීමක් කර ගන්නේද නැතිව..
සාරිය ඇඳීම සහමුලින්ම නවත්වන්නේද නැතුව…
එය ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරු සහ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යන මෝඩ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වැනි දේද නොකර සැබැවින්ම යථාර්ථයට මුහුණදෙමින් සාරිය ඇඳීමේ දුෂ්කර දිනවලට වෙනත් සරල ඇඳුමක් අදිමින්ද එකී ඇඳුම දරුවන්ට සහ සමාජයට ද පුරුදු වන තෙක් විටින් විට සාරියක් ද අඳිමින් ද..
එය සුවිශේෂී තත්ත්වයක්,.. මාතෘකාවක් බවට පත් නොකර ගෙන එය සාමාන්‍යය තත්ත්වයක් බවට පත් කිරීමෙන් මෙකී සංවාදය විසංවාදය සහ ප්‍රශ්නය සහමුලින්ම විස දී යන බවය…..
එම නිසා සාරියේ සාපය අවසන් කරමු යනුවෙන් සටන් වදින ආදරණීය ගුරුවරියණි..
නුඹලාගේ සටන සම්බන්ධව අපට කිසිදු සංස්කෘතික විරෝධයක් නැත.. ඔබට ඒ සඳහා ඇති ශුද්ධවූ අයිතියට අපි ගරු කරන්නෙමු..
ඒත් නැවත වරක් ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් අපි ඔබට මතක් කරන්නෙමු.
සිස්ටම් එකක් කැඩීමට ඊට වඩා දියුණු සිස්ටම් එකක් අවශ්‍ය ය..
එසේ නොවුණහොත් එය බරපතල හාස්‍යයකින් හෝ ඛේදවාචකයකින් අවසන් වීම අනිවාර්යක් ය..
එනිසා සදාකාලිකව ආරක්ෂා කළ යුතුයි යන නියමයෙන් සංස්කෘතික රාමුවක සිට ගුරුවරියන්ගේ සාරියට විරෝධය දක්වන සියල්ලටද…
අපිට මතක් කිරීමට තිබෙන්නේ නයිට් රයිඩර් පෙන්වූ තොල් සිප ගැනීම් මාර වූ කාල වකවානුව සහ මේ මොහොතය.. ඒ සාමාන්‍යයක් වී ඇති ආකාරය..
සහ සංස්කෘතිය යනු ම වෙනස් වන දෙයක් බව අනිවාර්යයෙන් තේරුම් ගත යුත්තක් බව ය ..
එනිසා මේ මොහොතේ රටේ මූලිකම සංවාදයක් විසංවාදයක් බවට පත්වී ඇති ගුරුවරියන්ගේ සාරිය සම්බන්ධ ප්‍රශ්නයේදී අපිට ඇත්තේ එකී සංවාදයේ අන්ත දෙක ම නියෝජනය නොකරන සැබැවින්ම ප්‍රශ්නයක් ආපසු එයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධ විග්‍රහයක් සහිත මේ මොහොතේ යථාර්ථයට මුහුණදෙමින් එකී යථාර්තය වෙනස් කරනවා නම් වෙනස් කරන්නේ කෙසේද යන්න සම්බන්ධව සැබැවින්ම ප්‍රශ්නය විසද ගන්නෙ කෙසේද යන්න සම්බන්ධව ඉතාමත් දියුණු වූ විග්‍රහයක් පිළිතුරක් අවශ්‍යය යන ඉහත සංවාද දෙකටම හසු නොවන නිශ්චිත ප්‍රායෝගික පිළිතුරක් ද සහිතවය..