දයාසිරිට ‘පන්තිය’ මතක් වීම

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පෙන්වන්නේ “පන්ති වෛරය සහ හීන මානය” බව ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර පවසා තිබේ.

දයාසිරි ජයසේකරට හදිසියේ පන්තිය මතක් වී ඇත්තේ සියලු බේද අමතක කොට තමන් ඇතුළු පිරිස එකතුවූ වේ තමන්ගේ පන්තිය බේරාගැනීම සඳහා වීම නිසා විය යුතුය.

තවත් විස්තර කරතොත් දයාසිරිට අමතක වී ඇති ඉතිහාසයේ පන්ති වෛරය ඉතා භයානක ලෙස හිංසනීය ලෙස දිග හැරුණු අවස්ථා අපමණයි. නිදහස් ශ්‍රී ලංකාවේ ඒ හිංසනීය අවස්ථා බොහොමයක් එක්ක රනිල් වික්‍රමසිංහගේ නම ඇඳි තිබේ. බටලන්ද ඉන් මුලික දෙයකි.

තමන්ගේ පන්තියට එරෙහිව සටනක නියැලී සිටි පිරිසක් ඉතා කෘර වධ හිංසා වලට ලක් කරමින් මරා දැමීමට කොතරම් පන්ති වෛරයක් අවශ්‍ය වෙන්න ඇතිද!
සෘජුව පන්ති වෛරය එසේ ප්‍රකාශ වෙද්දී, වරප්‍රසාදිත පන්තියට පමණක් පරිපුර්ණ අධ්‍යාපනයක්, සෞඛ්‍යය සේවාවක් සහ සමාජ ආරක්ෂණ ජාලයක් භුක්ති විදීමට හැකි බවටත්, පොදු ජනයා අව-වරප්‍රසාදිතයින් ලෙස ඔවුන්ගේ පන්තියේම සිටින බවට තහවුරු කිරීමට අවශ්‍යය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීමටත් රනිල් වික්‍රමසිංහ නොපසුබටව නායකත්වය ලබාදෙන ලදී.

අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් පටන් ගෙන, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණ ජාල කඩා බිඳ දමමින් විනාශ කරන්නට ඔහු දුන් නායකත්වය නිසාම ඔහු ‘පිං-ජනපති’ වූ සමයේ ඔහුට ‘විකිණුම්සිංහ’ යන නමත් පටබැඳි තිබුණු බව ජනතාවට අමතක නැත. ඔහු විකිණුවේ ඔහුගේ පුද්ගලික දේපල නොව ශ්‍රී ලංකාවේ පොදු ජනතාවගේ, අනාගතයේ උපදින්නට ඉන්න දරුවන්ට හිමි දේපලයි.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන නායකත්වය යටතේ ඔහුගේ හෙන්චන්යින් වන අර්ජුන් මහේන්ද්‍රන් සහ රවී කරුණානායක පොදු ජනයාගේ ධනය අසීමිතව කොල්ලකන ලදී. තවමත් ඔවුන් ඒ වැරදි වලට වරදකරුවන් වී නොමැත. පිං-ජනපති ලෙස රනිල් නායකත්වය දුන් 17 වන IMF වැඩටහන ශ්‍රී ලංකාවේ පොදු ජනයා වන අපි දුටු දරුණුම පන්ති ප්‍රහාරයයි.

රනිල් වික්‍රමසිංහ වැනි පොදු ජන-විරෝධීන්ට එරෙහිව පොදු ජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ජාතික ජන බලවේගයට නායකත්වය ලබාදෙනු ඇති බව ජනතාවගේ බලාපොරොත්තුව විය. නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ දයාසිරිලාට මතක් වෙන තරම්වත් අනුර කුමාරට පන්තිය මතක් නොවෙන බවයි. රනිල් නියෝජනය කරන පන්ති වෛරය ආර්ථික-දේශපාලන වශයෙන් ක්‍රියාත්මක කරන IMF වැඩසටහන ඉදිරියට ගෙනියාමෙන් ඒ බව හොදින්ම පැහැදිලි වෙයි. රනිල් දේශපාලනිකව පරාජය කිරීමට රනිල්ගේ ප්‍රතිපත්ති එක්ක බැරි බව ජාතික ජනබලවේගය තවමත් වටහා ගෙන ඇති බවක් නොපෙනේ. ඒ නිසා දයාසිරිලා පන්තිය වෛරය ගැන පච ඇදබාමින් ලංකාවේ ජනතාව රැවටීම නැවත්වීම තවත් අමාරු වෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...