කොතලාවල ⁣පනත සම්මත කිරීම තවදුරටත් කල් දමයි!

එළඹෙන 06 දින කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නියමිතව තිබුණමුත් එදිනට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇත. පසුගිය ජුලි 08 වෙනිදා පනත සම්මත කරගැනීමට උත්සාහ කළ අතර සිසු ජන අරගලය උත්සන්න වීමත් සමඟ එය අගෝස්තු 06 දිනට කල් දමන ලදී. දැන් නැවතත් ආණ්ඩුවට දින කල් දැමීමට සිදුව තිබේ.

කොතලාවල පනතට කැබිනට් අනුමැතිය ලබාගත් දින පටන් තීව්‍ර කළ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයේ අරගලය වටා මේ වන විට වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන්, ඇතුළු සමාජයේ සියලු පාර්ශව පෙළගැසී අවසන්ය. දින කල්තැබීම් සිදුවන්නේ එම දැවැන්ත ජනතා විරෝධයේ බලපෑම හේතුවෙනි.

දැන් ආණ්ඩුව කල් මරමින්, සංශෝධන ඉදිරිපත් කරමින් අරගලයේ මාවත ඉදිරිපිට බොරු වලවල් කණිමින් සිටියි. සංශෝධන ඉදිරිපත් කරමින් දැන් ඉතින් ගැටලුවක් නැතැයි නොබෝ දිනකින් නැවත පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කෙරෙනු ඇත.

ජනතා ද්‍රෝහී පනතකට ඡන්ද විමසීම්, සංශෝධන පලක් නැත. මුළුමනින්ම කොතලාවල පනත හකුළාගත යුතුය. ඒ වෙනුවෙන් සටන් වදිමු.
පාර්ලිමේන්තු ඡන්ද, සංශෝධන එපා! ජන මතයට හිස නමනු! කොතලාවල පනත වහා හකුළාගනු!
නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුළා ගනු!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...