විෂය බාර ඇමති තමයි වැරදි – පොදුජන පෙරමුණෙන් තෙල් මිල වැඩිකිරීම ගැන නිවේදනයක්

ඉන්ධන මිළ ඉහළ දැමීමේ තීරණයට සම්පූර්ණයෙන්ම විෂය භාර අමාත්‍යවරයා මුළුමණින්ම වගකිව යුතු අතර මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

තවද ජනතාව කොරෝනා උවදුර මත දැඩි පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී තෙල් මිල වැඩි කිරීම මඟින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිකිරීම නොකළයුතු තත්ත්වයක් බවත් මෙම තත්ත්වය වෙනස් විය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

විෂය බාර ඇමතිවරයා ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි තේරුම්ගෙන නිසි අවස්ථාවන්හිදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාළ විෂය බාර ඇමතිවරයා කටයුතු නොකිරීම මත රජයට මෙවැනි අසීරුතාවයකට පත්වන්නට සිදුවූ බවද පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...