බුද්ධ පුත්‍රයාද මානවයෙකි. ගැහැණිය ද මානවයෙකි.

ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට එරෙහි සතිය අහවරව අපි දැන් දෙසැ10 දින ලෝක මානව හිමිකම් දිනයද ලංකාවේ සැමරුවෙමු.

ඒ අතරේ අපි වෙනදා ලෙසම ජීවත් වෙමු.
එසේ ජීවත් වීම පහසු කරන්නේ සමාජය සුරක්ෂිත වීම නොවේ.

හැම සතියම අලුත් කුණුරස ජීවිතයට එකතු වීමයි.

පසුගිය සතියේ අපි පට්ට ගැසුවේ හිමිනම,ගැහැණිය හා දරු දෙදෙනාය.
අසංවේදී රූප රචනා මැද සංවේදී කවි රචනා අපි තොල ගෑවෙමු.වින්දෙමු.

ලබන සතියේ අලුත් මාතෘකාව එනතෙක් මේ මාතෘකාව පට්ට ගසමු.

ගැහැණිය වරද්දා ගත්තේ පොදු දේපලක් පරිහරණය කිරීම නිසාය.

සංඝයා වහන්සේ පොදුය.සංඝයා වහන්සේ ගොඩනැඟෙන්නේ සමාජයක සාමුහිකත්වයේ,එකඟත්වයේ සංකේතයක් ලෙසය.

එනිසාම සිවුර හැදිකළ ස්වාර්ථයන් අමතක කළ යුතුවේ.

මන්ද සඟසතු දේ යනු පොදුදේ බැවින් එය පෞද්ගලික පරිහරණය සමාජ අවභාවිතයක් වන හෙයිනි.

මෙය ගැහැණියට අමතක විය.පිරිමියාටද අමතක විය

ප්‍රාථමික අවශ්‍යතා ඉටුනොවන කල්හි ඉන් එහා ගිය බුද්ධිමය ,සදාචාරාමය අවශ්‍යතා පිළිබඳ හැඟීමක් නැත.

මිනිසා තිරිසනාගෙන් වෙන්කරන හෘදසාක්ශියේ අදෝනා,වගවීමේ,වගකීමේ බන්ධන මෙවන්විටක බිඳ වැටෙනු ඇත.

ඒ අපි හැමෝම බහුවිධ භේද විභේදනයන් අස්සේ වුව හඹායනේ අවශ්‍යතා තෘප්ත කිරීමේ අසාව නිසයි.
ඉතා සරලව කිවහොත් ජීවත්වීම යනු මෙයයි.

එහෙත් ජීවත්වීමේ මේ නිර්ව්‍යාජ බව වස්ත්‍ර,ඒ මත පැවරෙන බර මතින් ව්‍යාජ කරයි.

හිමිනම වරද්දා ගත්තේ එයයි.වස්ත්‍රය නිර්වස්ත්‍ර කොට අමු වීමට උත්සාහ කළද නැවත සමාජය වස්ත්‍රය අන්ඳවා එහි ඇති බර පෙන්වා දීමට උත්සාහ කළේය.

එහෙත් සමාජය බොහෝවිට හැසිරෙන්නේ දැනුම් පද්ධතිය පරයා හැඟුම් පද්ධතිය ඔස්සේ බැවින් වගකීම ,වගවීම මතක් කරදුන් ස්වරූපය අමානුෂික ය.

වැදීම්,පිදීම්,නැමදීම් පසෙක ලා සාපකිරීම්,බැනවැදීම්,නින්දාකිරීම්,අවමංකිරීම් මතුවූයේ මේ නිසාය.

අපේ බුදුන් පෙරළි පෙරළී වඳින හැඟුම්බර මිනිසාම බුද්ධපුත්‍රයන්ට ගල් ගසන්නට යොමු වන්නේ මේ හැඟුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන බැවිනි.

සමාජය දැනුම් පද්ධතිය මත ගොඩනැගේනම් වරද ,වරද පෙන්වා දීම,දඩුවම හා එහි ස්වරූපය වෙනස්වෙනු ඇත.

ආගමේ හරය හැඟුම් පද්ධතිය කි.
දර්ශනය වූ කලී දැනුම් පද්ධතියකි.

ගැටලුවක් දෙස ආගමික මුහුණුවරකින් නොව දාර්ශනික මුහුණුවරකින් බලන්නට හැකිනම් …..

බුද්ධපුත්‍රයාද මානවයෙකි.
ගැහැණිය ද මානවයෙකි.

ජීවත්වීම මානව අයිතියකි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...