Breaking News

නොවැ. 02 විරෝධතාවයට සහය දෙනවා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්

රාජ්‍ය මර්දනයට සහ අත්තනෝමතික ලෙස වැලැක්වීමට එරෙහිව අද පවත්වන විරෝධතාවයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහයෝගය දක්වන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංවිධානය පවසන්නේ ප්‍රධාන නිදහසන්ගෙන් එකක් වන්නේ විසම්මුතිය සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය බවයි. රජය උත්සාහ කරන්නේ ආර්ථික තාර්කිකත්වය පිළිබඳ පටු තර්කයක් භාවිතා කරමින් විසම්මුතිය යටපත් කිරීමට සහ රට සහ ආර්ථිකය අස්ථාවර කිරීමේ උත්සාහයන් ලෙස නීත්‍යානුකූල මහජන විරෝධතා හෙළා දැකීමට බව එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින්නේ ආණ්ඩුවේ පාලන අසාර්ථකත්වය නිසා බව ආණ්ඩුවට අමතකවී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දළ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

රාජ්‍ය මර්දනයට සහ අත්තනෝමතික ලෙස වැලැක්වීමට එරෙහිව හෙට (නොවැම්බර් 02) කොළඹදී ඒකාබද්ධ විරෝධතාවයක නිරත වන දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සහයෝගීව සිටී.

මේ වසර මුලදී, මෙරට දේශපාලන හා පාලන සංස්කෘතියේ හරවත් වෙනසක් ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අරගලයට සහය දුන් මේ රටේ ඉතිහාසයේ වැදගත්ම සමාජ හා දේශපාලන නැගිටීමක් ශ්‍රී ලංකාව දුටුවේය.

අපේක්ෂිත දේශපාලන වෙනස වෙනුවට අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට අරගලය සමත් වෙද්දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් පසුව බලයට පත් වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රැල්ලක් මුදා හැර තිබේ.

මිනිසුන් සිය ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇත; කොළඹ නගරයේ ඕනෑම ආකාරයක විරෝධතාවක් අසීමිත ලෙස අවහිර කිරීමට පොලිසිය උත්සාහ කර ඇති අතර, ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටේ පුරවැසියන් සඳහා මූලික නිදහස සහතික කර ඇති බව අපි මේ රජයට මතක් කිරීමට කැමැත්තෙමු.

මෙම ප්‍රධාන නිදහසන්ගෙන් එකක් වන්නේ විසම්මුතිය සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියයි. කෙසේ වෙතත්, රජය උත්සාහ කරන්නේ ආර්ථික තාර්කිකත්වය පිළිබඳ පටු තර්කයක් භාවිතා කරමින් විසම්මුතිය යටපත් කිරීමට සහ රට සහ ආර්ථිකය අස්ථාවර කිරීමේ උත්සාහයන් ලෙස නීත්‍යානුකූල මහජන විරෝධතා හෙළා දැකීමට ය.

එහෙත් ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින්නේ ආණ්ඩුවේ පාලන අසාර්ථකත්වය නිසා බවත් මේ වත්මන් රජය සහ ජනාධිපතිවරයා බලයේ සිටින්නේ ජනතාව පාරට බැසීමෙන් බවත් ආණ්ඩුවට අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. දේශපාලන වෙනසක් ඉල්ලා සිටියේය.

තමන් ආර්ථිකය ඵලදායි ලෙස කළමනාකරණය කරන බවත් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ජනතාව විශ්වාස කිරීමට රජයට අවශ්‍ය වන අතර විද්වතුන්ගේ කරුණු සහ අදහස් පවසන්නේ වෙනත් කතාවකි. රජය මේ වන විට සත්‍යය යටපත් කිරීමටත්, දූෂිත නිලධාරීන් සහ දේශපාලනඥයන් ආරක්ෂා කිරීමටත්, තමන් කැමති තෝරාගත් ගජමිතුරු ධනපතියන් පිරිසකට අනුග්‍රහය ලබාදීමටත් ක්‍රමානුකූල උත්සාහයක යෙදී සිටී. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය තවදුරටත් පවතිනවාට ජනතාව කැමැති නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලා සිටින අතර, නොවැම්බර් 02 වැනි දින පැවැත්වෙන විරෝධතාවයෙන් පෙන්නුම් කරන්නේ අරගලය යළි හිස ඔසවන බවයි.

පොහොර හිඟයේ සිට ජීවනෝපාය අහිමි වීම දක්වා වූ ප්‍රශ්න සම්බන්ධයෙන් ක්ෂුද්‍ර මට්ටමේ ස්වයංසිද්ධ විරෝධතා රට පුරා අපට දක්නට ලැබේ. මේ සියල්ල පෙන්නුම් කරන්නේ ආණ්ඩුව දැඩි ලෙස අප‍්‍රසාදයට පත් වී ඇති බවත් පාලනයේදී අසාර්ථක වන බවත් ය. ආණ්ඩුවට මුදා හැරීමට සිදුවී ඇති වැඩිවන මර්දනය ද මෙම අසාර්ථක පාලනයේ දර්ශකයකි. එබැවින් රජය ජනතාවට ඇහුම්කන් දෙන ලෙසත් සාමකාමී විරෝධතාවයේ අයිතිය භාවිතා කිරීමට ජනතාවට ඉඩ දෙන ලෙසත් FUTA ඉල්ලා සිටී.

නොවැම්බර් 02 වෙනිදා සංවිධානය කරන ලද විරෝධතාවයට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින අතර FUTA ලෙස ශ්‍රී ලංකාවේ සාරවත් දේශපාලන වෙනසක් සඳහා උද්ඝෝෂණ කරන සියලු දෙනා සමඟ අපි අධිෂ්ඨානශීලීව සහයෝගීව සිටින බව නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු.

leave a reply