පහලොස් වසරකට ඉහත දී පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපතිවරයා සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට විදේශගතවීම තහනම් කරමින් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි මාස දෙක හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි ඇප මත නිදහස් කිරීමට ඔක්තෝබර් 14 වැනි අගහරුවාදා නියෝග කර ඇත්තේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක විසිනි.
සැකකරුවන් දෙදෙනා නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා එක් අයකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා මුදා හැරීමට නියෝග කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.