පුද්ගල පැහැර ගැනීමකට චෝදනා ලද නාවික හමුදා නිලධාරීන් දෙදෙනාට ඇප

පහලොස් වසරකට ඉහත දී පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදාපතිවරයා සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට විදේශගතවීම තහනම් කරමින් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි මාස දෙක හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි ඇප මත නිදහස් කිරීමට ඔක්තෝබර් 14 වැනි අගහරුවාදා නියෝග කර ඇත්තේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක විසිනි.

සැකකරුවන් දෙදෙනා නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා එක් අයකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා මුදා හැරීමට නියෝග කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...