පරිසර විනාශය සඟවන්න හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය

පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවු අයුරින් පරිසර විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍යය ප්‍රවාත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බවය.

රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැළැ වල පිහිටි ගස් කපා හෙළන බවටත් මෙම වාර්තා මඟින් පෙන්වා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මින් පෙර කිසිකලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට එම පුවත් නිර්මාණය කරන අය උත්සහ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ අදහස වී තිබේ.

ජනතාව නොමඟ යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෑත කාල සීමාව තුළ පරිසර විනාශය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව පවසන්නේ සාමාන්‍ය ජනතාව නොව ඒ පිළිබඳ විශේෂඥයන් වන පරිසරවේදීන් විසිනි. පසුගියකාලයේ වාර්තා වූ පරිසර විනාශයන් හිදී රජය මගින් පැවැත්වූ පරීක්ෂණවලදී ද හෙළිවූවේ එවැනි පරිසර විනාශයක් සිදුවී ඇති බවයි. නමුත් පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර නීති සහ දේශීය නීති පවා කඩ කරමින් සිදුවූ එම විනාශයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන ලදී. දැන් ආණ්ඩුව සැරසෙන්නේ පරිසර විනාශය සම්බන්ධ පුවත් ප්‍රචාරය වීම වළක්වා සමාජයෙන් මතුවන විරෝධය මර්දනය කිරීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...