Breaking News

රනිල් රාජපක්ෂගේ ඉඩම් කොල්ලයට එරෙහිව එප්පාවල ජනතාව පාරට

හේෂාර සේනාල්

පුළුවන් වෙයි කියලා.ඒ වගේම බොහෝම අමාරු තත්ත්වයක ගොවි ජනතාවක් ජීවත් වෙන්නේ මං දන්නවා ඒක.බොහෝම ආර්ථික වශයෙන් අමාරුයි.ඒ අයට නැඟී සිටින්න අපි ආධාර උපකාර රාශියක් කරනවා.දැන් මේ වෙනකොට මෙ වතාවේ පොහොර ලබා දීම ක්‍රියාත්මක වෙනවා.පොහොර නැව් තුනක් අදත් වරායට ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි.බණ්ඩි පොහොර නැවක් මෙට්‍රික් ටොන් 41800ක නැවක් වගේම යූරියා 16 000 ක එකක් හා වෙනම ආධාර විදිහට මෙට්‍රික් ටොන් 9000 කට ආසන්න ප්‍රමාණයක් ඇවිත් තියෙනවා . මේ දවස් වල වරාය කාර්ය බහුල වෙලා තියෙන්නේ අපේ පොහොර නැව් වලින්.

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තීන්දුව වහා හකුලා ගන්නා ලෙස බල කරමින් එප්පාවල මහවැලි ගොවිජන එකමුතුව එප්පාවල නගරයේදී විරෝධතාවක නිරත වූහ.

එප්පාවල පොලිස් මංසන්ධියේ සිට එප්පාවල නගරය දක්වා පා ගමනින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් පැමිණි විරෝධතාකරුවන් එප්පාවල නගරයේදී පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

ජාතිවාදී දොළ පිදේනී මත මහවැලි ඉඩම් මංකොල්ලය වහා නවතන ලෙසත්, රනිල්ගේ අයවැයේ 13 වැනි යෝජනාව හකුලා ගනිව්, මහවැලි අධිකාරියට අයත් ඉඩම් වල අයිතිය ප්‍රාදේශීය ලේකම්ට පවරණ යෝජනාව හකුළා ගනිවු, ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිසම සතු ඉඩම් වල අයිතියට ප්‍රාදේශීය ලේකම්ට පවරණ යෝජනාව හකුළා ගනිව් ආදී සටන් පාඨ කියමින් මොවුන් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ බන්දුල පියරත්න ආර්403 ඩී 3 සොයුරු ගොවි සංවිධානයේ සභාපති

අද දවසේ එප්පාවල ගොවි අම්මා- තාත්තා එප්පාවල නගරයට ආවේ, 2023 අයවැය ලේඛණයේ 13 වැනි පරිච්ජේදයේ රනිල් රාජපක්ෂ කියන, පින් ජනාධිපතිවරයා, කූඨ විදිහට අපේ ජීවිතේ විනාස කරන්න අපේ ඉඩම් මංකොල්ල කන්න සූදානම් වෙලා තිබෙනවා.ඒ ඉඩම් මංකොල්ලයට එරෙහිව.ගොවි අම්මා තාත්තා මහ පාරට ඇවිල්ලා අද කියන්නේ‌ ගොවි ජීවිතත් එක්ක සෙල්ලම් කර සූදානම් වෙන්න එපා.ඒක මහ දැඩිව මේ දින තුනක් තුළ අහෝසි කරන්න කියලා පණිවිඩය දෙන්න ආවේ.එ නිසා රනිල් රාජපක්ෂට අපි කියනවා පහුගිය අවුරුදු දෙකේ ගොවි අම්මා තාත්තා ඇතුළු හැට නව ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීලා ඒ වෙච්ච මුලාවේ දී ගෝඨාභය රාජපක්ෂ ඒ හැටනම ලක්ෂයක් ඇතුළු.මේ රටේ ජනතාව එළවා දමා ඒ ගොවි ජීවිතේට කරපු විනාශයට,නැවත වතාවක් මේ පනතක් ඇතුලේ , මේ අඅයවැය ලේඛනය ඇතුලේ සූදානම් වෙනවා නම් ගොවි අම්මා තාත්තා ගේ ජීවිත විනාශ කරන්න, ගොවියාගේ ඉඩම් මංකොල්ලයක් සිදු කරන්න සූදානම් වෙනවා නම්, රනිල් රාජපක්ෂට අපි කියනවා, ඔයා ජනාධිපතිවරයෙක්. ඔය කරන්නේ රාජපක්ෂ පවුල රකින එක.රාජපක්ෂ පවුල රකිනවා වෙනුවට මේ මහජනතාව රකින්න සූදානම් නම්, මහජනතාවගේ හෙට දවස ගැන හිතනවා නම්, මේ දහතුන්වැනි යෝජනාව අනුව මහවැලිට තියෙන ඉඩම්වල බලතල ප්‍රාදේශීය ලේකම්ට පවරන කූඨ උපක්‍රමය, කූඨ වංචාව නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

leave a reply