Breaking News

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති මංජුල ප්‍රසාද් සේනාරත්න වැලි ජාවාරම් කරුවෙක් ද ?

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

අක්කර 3000 ක මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් මහවැලි ගඟේ ස්වභාවික ඩෙල්ටාවක් වශයෙන් වර්ධනය වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ Safi Nagar ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක් මේ වන විට සිදුවෙමින් පවතී.  මෙම වැලි ජාවාරම නිසා මේ වන විට සාපි නගර ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී පරිසර කලාපය තුළ වර්ග  අඩි 40 පමණ ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු විශාල වළවල් හාරා වැලි ජාවාරම සිදු කර ගෙන ගිය ආකාරය දැකගැනීමට හැකි අතර රාජපක්ෂ ආණ්ඩුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුට  මෙම වැලි ජාවාරම මාරු වී ඇත.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති මංජුල ප්‍රසාද් සේනාරත්න  මෙම වැලි ජාවාරම ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අතර සාපි නගර්හි හෙක්ටයාර විසිහතක් සඳහා මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇත. පරිසර හා ස්වභාදහම් අධ්‍යයන අධ්‍යන මධ්‍යස්ථානය විසින් 2021 වර්ෂයේ මේ බව අනාවරණය කළ ද හිටපු පාරිසරික ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ කිසිදු නීති විරෝධී වැලි ජාවාරමක් සිදු නොවන බවත් මිරිස් වගාවක් උදෙසා අවසර ලබාදී ඇති ලබා දී ඇති බවත්ය. නමුත් මේ සම්බන්ධව විමර්ශන කමිටුවක් පත්කරන බව මහින්ද අමරවීර මහතා කියා සිටියත් එවැනි විමර්ශන කණ්ඩායමක් සිදුකළ විමර්ශනයක් වත් එහි වාර්තාවක් වත් මේ වනතෙක් නොමැත.

2001 වර්ෂයේ සිට 2022 සිදු වූ මහා පරිමාණ වැලි ජාවාරම සම්බන්ධව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින්  google earth යොදා ගනිමින් සිතියමක් සකස් කළ අතර ඒ අනුව දැනට විශාල වශයෙන් වැලි ජාවාරම සිදු වූ ස්ථාන පහත ඡායාරූපයේ හා වගුව තුළ දැක ගැනීමට හැකිය. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අවශ්‍යතාවය මත අහංගම වැලි කැණිම්  සමාගමට මෙ විට බලපත්‍ර  නිති විරොධ ලෙස  භූ විද්‍යා හා පතල් කාර්‍යංශයේ අධ්‍යක්ෂක වරයාගේ අවශ්‍යතාවය මත නිකුත් කර එම බලපත්‍ර අත්හිටුවා   තිබුනත්. බලපත්‍ර වල ඡායාපිටපත් යොදාගනිමින් වැලි ජාවාරම් කරුවන් විසින්  මහවැලි ගඟේ පේලි කණිමින් ඇත.

සොබාවික ඩෙල්ටාවක මහා පරිමාණ වැලි කැණිමට අවසරදීම නිතිවිරොධි බව පරිසර ඇමති   මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තීබු අතර ඒ සදහා තමන් පරික්ෂණයක් කරන බව මාධ්‍යයට පවසා තිබිණි.

නිති විරොධි ලෙස නිකිත් කල IML/A/HO/N/15582 වැලි බලපත්‍රය භාවිතා කරමින් දේශපාලන උදව් ඇතුව මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් ඇත.

භූ විද්‍යා පතල් කාර්‍යංශයශය විසින් මහා පරිමාණ කැණිම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නමි ඒ සදහා පාරිසරික තක්සේරුවක්  සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදී තාවය පිළිබද අධ්‍යයනය කල යුතුය.

එසේ නොමැතිව මහා පරිමාන වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නිති විරෝධි ක්‍රීයාවලියකි. එලෙස නිති විරොධි වැළි ගොඩ දැමිමක් නැවැත්විම සදහා පරිසර ඇමතිවරයාට බලතල ඇතත් භු විද්‍යා හා පතල් කාර්‍යංශය එහි අධ්‍යක්ෂක වරයාගේ  දේශපාලන උවමනාවන් මතමෙහෙයවමින් ඇත. සාෆි නගර්  ප්‍රදේශයේ සුලු පරිමාණ වැලි කැණීම් සඳහා  ප්‍රදේශ වාසින් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැණීම මෙම සොබාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම ප්‍රදේශයේ අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී සොබාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇත. නමුත් එම වැළි නිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීම කරන්නේ නමි ඒ සදහා නිසි ලෙස  අධ්‍යනයක් කල යතුය. වැලි කැණීමකට අවසර ලබා දෙන්නේ ද  වැලි කැනිමි වලින් අනතුරැව ඇති විය හැකි ව්‍යවසනයක් පාලනය කිරිමට හැකිනමි පමණක්ය.

නමුත් මෙහිදි දේශපාලක බලපැමි මත කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව මෙම වැලී කැණිමි මෙි වනවිට සිදුකරමින් ඇත. 2021/57/LS අංකයෙන් නිකුත් වනු 2021 ත්‍රි කුණාමලය ප්‍රදේශයේ වැලි කැණිමි සමිබන්ධව කල වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහ වැලි ගගේ ඉවුරට විශාලි හානි පැමිණ ඇත. එමෙන්ම  ප්‍රදේශයේ ලවණ තාවය වැඩි වි ඇති බවට පර්යේෂණ මගින් සනාත වී ඇත. එමෙන්ම මේ වන විට මහවැලි  ගංඟාවේ  දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ  බලපත්‍ර වම් දුරටත් ලබාදී ඇති අතර සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී  ඇත. මේ  වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ. මහවැලි ගඟ මෙරට ඇති ප්‍රධානම ගංගාවක් ය. පොලොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එල්ලංගා පරිසර පද්ධතිය සක්‍රීය කරන ප්‍රධාන ජල වාහක ද වේ. මහාපරිමාණ වැලි කැණීම් නිසා භූගත ජලජ පරිසර පද්ධතිය විනාශ වී ඇති අතර එය වාරි පරිසර පද්ධතියටත් අහිතකර ලෙස බලපාමින් ඇත.  එම නිසා පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා හා පතල් කාර්‍යංශය මේ සම්බන්ධව තමන්ගේ අවධානය යොමුකළ යුතුය.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.
ජාතික සම්බන්ධිකාරක,
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

leave a reply