නෝම් චොම්ස්කි ( Noam Chomsky) කියන්නේ ඇමරිකාවේ ජීවත්වන දර්ශනවාදියෙක්,සංජානන විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම භාෂා විද්‍යාඥයෙක්.වයස අවුරුදු 91 වන ඔහු තවමත් සක‍්‍රිය ලෙස සමාජ දේශපාලනයේ සක‍්‍රියව සිටිනවා. මෑත කාලයේ ඔහු ප‍්‍රකට වුවේ ලෝකයේ නව ලිබරල් සමාජ ආර්ථික සැකැස්මට එරෙහි දැඩිලෙස අදහස් දක්වන සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙසයි. කැලිෆෝනියා ප‍්‍රාන්තයේ තම නිවසේ ස්වයන් නිරෝධනයේ සිටින අතරතුර ඔහු යුරෝපයේ DiEM25 දේශපාලන සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු වන Seckko Horvat සමග කාලින සංවාදයක නිරත වෙනව. මේ එම සංවාදයේ උපුටාගත් කොටස් කීපයකි.
(කොටස් දෙකකින් සමන්විත මෙම ලිපියේ දෙවන කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න)
Seckko Horvat – ඔබ ඉපදුනේ 1928. මා දන්නා ආකාරයට ඔබ ඔබේ පළමුවන ලිපිය ලියන්නේ වයස අවුරුදු දහයෙදි. ඒ ස්පාඥයේ සිවිල් යුද්ධය ගැන. බාසිලෝනා බිදවැටීමට පසුව එනම්1938. මගේ පරපුරට ගොඩාක් දුර කාලෙක. ඔබ දෙවන ලෝක යුද්දෙට මුහුණදෙනව. හිරෝෂිමා ප‍්‍රහාරයේ ප‍්‍රතිඑල ඔබ දකිනව. ඒ වගේම ලෝක ඉතිහාසයේ සිදුවූ බොහෝ සමාජ දේශපාලනික සහ එතිහාසික සිදුවීම් වල සක්ෂිකාරයෙක්. වියට්නාම් යුද්ධය, ලෝක තෙල් අර්බුදය, චර්නොබිල් කේදවාචකය ජර්මන් තාප්පය බිදවැටීම විතරක් නෙමේ ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථාන ප‍්‍රහාරය (9/11) සහ ඊට යාවුණු එතිහාසික සිදුවීම් වල ඔබ ජීවමාන සක්කිකාරයෙක්. ඔබේ අත්දැකීම් ගොන්න තව දිගයි. මෑත වකවානුවේ වසර 2007-08 ලෝක ආර්ථික අර්බුදය සහ ඒ ආශ‍්‍රිත දේශපාලන සංවාදයට ඔබ සජීවීව දායක වෙනවා. මේ අර්ථයෙන් ඔබට ඇත්තේ ඉතා පොහොසත් ජිවිතයක්. මේ පසුබිමේ ඔබ කොහොමද දකින්නේ කොරෝනාවෙයිරස් වසංගතය දෙස ඔබ බලන්නේ කොහොමද ?
නෝම් චොම්ස්කි – මා ප‍්‍රථමයෙන්ම කිවයුතුයි මගේ ජිවිතේ අතීත මතක දැන් ආයෙත් මා තුලට පොලාපනිනව. ඔබ සදහන් කළ වසර 1930 දී මා විසින් ලියන ලද ලිපිය, බාසිලෝනා බිදවැටීමෙහි අන්තර්ගත වුවේ එකල නොවැලැක්විය හැකි ලෙස යුරෝපය පුරා ව්‍යාප්ත වූ ෆැසිස්ට්වාදයේ ව්‍යාප්තිය සහ එය අවසන් වන්නේ කෙසේද යන්නයි. ඉන්පසු කාලයේ එළිදරවු වුනු එක්සත් ජනපද කේබල් පණිවිඩ වලින්ද කල්තියාම කියවුනේ දෙවන ලෝක යුද්ධයක් ඇතිවන බවත් එම යුද්ධයෙන් පසුව ලෝකය ඇමරිකාවේ ආධිපත්‍ය සහිත ගුවන් කලාප සහ ජර්මනියේ ආධිපත්‍ය සහිත ගුවන් කලාප ලෙස දෙකට බෙදෙන බවයි. ඉතිං මාගේ කුඩා අවදියේ බියකරු උපකල්පනයන් සිහිනයක් නොවේ.
දැන් මේ පැරණි මතකයන් යලිත් වර්ථමානයට ඇවිත්. මා තරුණ ළමයෙක් වී සිටින අවදියේ මට මතකයි මට ඇහෙනවා රේඩියෝ එකේ යනව හිට්ලර් ගේ ජනප‍්‍රිය නර්ම්බර්ග් රැුළි වල වැඩසටහන්. මට ඔහුගේ කථා වල එකදු වචනයක් වත් තේරුනේ නැති උනත් මට වටහාගන්න පුළුවන් උනා එහි තිබු මනෝභාවය සහ තර්ජනාත්මක විලාසය. මට ඒ මනෝභාවයම ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන් දකින්න පුළුවන්. ඔහු හිට්ලර් තරම් ෆැසිස්ට්වාදියෙක් වත් ඔහුට හිට්ලර් තරම් දෘස්ටිවාදයක් වත් නෑ. ඔහු හුදු සමාජ රෝගියෙක් විතරයි. නමුත් ඔහු විසින් සමාජයට ඇතිකරන භයංකර මනෝභාවය හිට්ලර් හා සමානයි. සැබවින්ම රටේ සහ ලෝකයේ දෛවය රැුදී තියෙන්නේ පෞරුෂත්ව සංකුලතා සහිත නිවටයෙකු අතේ. කොරෝනාවෙරස් කියන්නේ ව්‍යසනයක්. එසේම මේ තත්වය නිසා අපි මීට වඩා දරුණු ව්‍යසනකාරී තත්වයකට තල්ලූවී යනව. එය මනුෂ්‍ය ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ සියළු තත්වයන්ට වඩා ව්‍යසනකරියි.
මුලික වශයෙන් අප මුහුණදෙන තර්ජනාත්මක ව්‍යසනයන් දෙකක් තියනව. එකක් තමයි දිනෙන් දින තිවුර වෙන නයෂ්ටික යුද්ධයක් ඇතිවීමේ හැකියාව පිළිබද තර්ජනය. අද අපට තියෙන්නේ ආයුධ වලින් පාලනය වන රෙජිමයන්. අනෙක් කාරණය නම් ගෝලීය උණුසුම් වීම පිළිබද කාරණය. මේ තර්ජන දෙකම පාලනය කල හැකි ඒවා. නමුත් අපට ඒ සදහා විශාල කාලයක් ඉතිරි වෙලා නෑ. එසේම කොරෝනාවෙරස් නිසා අපට ඇති භයංකර ප‍්‍රතිවිපාක වලට මුණ දීමට සිදුවෙනව. නමුත් මේ සදහා ප‍්‍රතිකර්මයක් තියනව. නමුත් දෙවන අනතුර සිදුවුවහොත් ප‍්‍රතිකර්ම නෑ. ඇත්තේ ප‍්‍රතිවිපාක විතරයි. මේවා පාලනය කිරීමට අද අප කටයුතු කලේ නැත්නම් ඒ අපේ අවසානයයි.
මගේ කුඩා කල මතකයන් දැන් වෙනස් අකාරයකින් මා වේදනාවට පත් කරනව. ඔබ දන්නවා ලෝකයේ පරමාණුක විද්‍යාඥයින් විසින් කාල මානයක් හදල තියනව ලෝකය
මහා පරිමාන ව්‍යසනයකට යෑමේ අවදානමේ පරිමාව ගැන අදහසක් ගන්න. ( ෘදදපිා්හ ක්‍කදදන – හැම වසරකම ජනවාරි මස මේ පරිමාණය ගණනය කරනවා. එහි නිර්ණායක තමයි ගෝලීය උන්සුම, නයෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම සහ සයිබ යුද්ධයක් සදහා වන අවකාශය * පසුගිය වසර වලදී එය තිබ්බේ විනාඩි දෙකක අවදානම් කාලෙක. නමුත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ අවදානම් ක‍්‍රියා කලාපය නිසා මෙම වසරේ ජනවාරියේ සිට එය ප‍්‍රථම වතාවට තප්පර වලින් ගණනය කරන තරම් සමීප උනා. මෙම ජනවාරියේ එය ප‍්‍රකාශයට පත් කලේ තප්පර 100 ක් ලෙස. එසේම මෙම වසරේ එයට තවත් පිරිහීම් සාධකයක් ප‍්‍රථම වතාවට ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිරිහීමත් නිර්ණායක සාධකයක් ලෙස අරගෙන තියනවා.
මහජනයාගේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ නිදහස අනියම් ලෙස ඇහිරෙනකොට අසංකුල නිවටයින් කරලියට පැමිණෙනවා. මේ අවදානම් තත්වය දැන් තව තවත් ලංවෙනව. ට‍්‍රම්ප් සහ රටක් ලෙස ඇමරිකාව ක‍්‍රියා කරන හැටි බලන්න. ඔවුන් කියෝටෝ සම්මුතියට අත්සන් කලේ නෑ, රටවල් වලට සම්බාධක දානව, ලෝකයේ ඝාතන මෙහෙයවනව. යුරෝපයත් ඔවුන්ගේ හාම්පුතාව අනුගමනය කරනව. ඉරානයට එරෙහිව සම්බාධක ගැන බලන්න. කැමති උනත් නැතත් හැම රටක්ම ඇමරිකාව අනුගමණය කරන්න වෙනව. නැති උනොත් ඇමරිකාවේ මූල්‍ය බල අධිකාරියෙන් එලියට විසිවෙන්න සිදුවෙනව.
කොරෝනාවෙරස් කාලය තුල උනත් මේ සම්බාධක අයින් වෙන්නේ නෑ. ඉරානය කියන්නේ බොහෝ අභ්‍යන්තර ප‍්‍රශ්ණ තියෙන රටක්. ඒ මතට මේ වෙරස් කරදර ආවම තත්වය දරුණු වෙනව. මේකෙන් තේරෙන්නේ මොකක්ද සම්බාධක නිර්මාණය කරලා තියෙන්නේ තෝරාගත් ජනකොටස් නිරන්තර පීඩනයක රදවල තියන්න.
කියුබාව දැන් දිගු කාලයක ඉදල මේ සම්බාධක විදිනව. ඒ සම්භාදක නිසා දහස් ගණන් මිනිසුන් අත්ලාන්තික් සාගරය තරණය කරන්න ගිහින් මියයනව. ඒත් කියුබාව මේ තීරණාත්මක අවස්ථාවේ යුරෝපයට උදව් කරනව. ඒත් වසර 2008 ලෝක ආර්ථික අර්බුදයේදී ග‍්‍රීසිය කඩාවැටුනම ජර්මනිය ග‍්‍රීසියට උදව්කලේ නෑ. මේ තත්වය විශාල කම්පණයක් ඇතිකරනව. මෙය විග‍්‍රහ කරන්න ශබ්ධකොශයේ වචන නෑ.
මගේ කුඩා කාලයේ මතක – හිට්ලර්ගේ භයංකාරත්වය උලූප්පන කථා වල තිබ්බ මනෝභාවය තමයි සමහර ජනකොටස් ලෝකයේ නොපවතිය යුතු බව. දැනුත් මේ අධිපතිවාදී රටවල් වල මනෝභාවයන් ඒ හා සමානයි.
Seckko Horvat – අද වෙනකොට බිලියන දෙකක පමණ පිරිසක් කිසියම් ආකාරයක තම නිවෙස් තුල, සිරවී සිටිනවා. ඒ කියන්නේ නිවසක හිමිකාරිත්වයකට වාසනාව තියනවනම්. ඒ සමගම අපට දැකගන්න පුළුවන් යුරෝපය මෙන්ම අනෙකුත් රටවල් තම දේශසීමා වසා දමා තිබෙනව. ඒ කියන්නේ බාහිර සහ අභ්‍යන්තර දේශසීමා පවා. ඔබ භාෂා විද්‍යාඥයෙක් නිසා මං මේ ප‍්‍රශ්නය අහන්නේ. මේ කාලෙදි බලධාරීන් භාවිතා කරන වාග් මාලාව දෙස අවධානය යොමු කලොත්, ට‍්‍රම්ප් විතරක් නෙමෙයි, ප‍්‍රංශයේ ජනාධිපති මැක්රෝන්, ඉතාලියේ, බ‍්‍රතාන්‍යයේ නායකයින් කථාකරන්නේ යුද්ධයක් ගැන. මාධ්‍ය කථා කරන්නේ ‘කොරෝනා වෙයිරස් සතුරා ට එරෙහිව යුද්ධය සහ එහි ඉධිරිපෙල විරුවන් දොස්තරලා’ යනුවෙන්. මේ සංවාද මට මතක් වෙන්නේ Victor Klemperer විසින් රචිත පොතක් – The Language of the Third Reich ( නාසි ජර්මන් යුගයේ භාෂාව ) භාෂාව තුලින් දෘෂ්ටිවාදයන් පෝෂණය කිරීම. ඔබ මේ තත්වය දකින්නේ කොහොමද?
නෝම් චොම්ස්කි – මෙතන තියෙන්නේ වාචාලකම නෙමෙයි. මං හිතන්නේ මෙවැනි ව්‍යසනයක් පරදවන්න යුධවාදී යාන්ත‍්‍රණයක් අවශ්‍යයි කියල හැගවුම්කාරකයක් දෙනව. දැන් බලන්න පොහොසත් රටක්. ඇමරිකාව ගන්න. එරටට ශක්තිය තියනව මෙවැනි ආර්ථික අවපාත වලින් ගොඩයන්න. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එරට මීට වඩා අවපාතයකට වැටුන. නමුත් රටේ නිෂ්පාදන සිවු ගුණයකින් වැඩිකොට එරට ගොඩගියා. 2009 දී රට මුහුණ දුන් ිඅසබ කෙමැ වෙරස් තත්වය ගන්න. මිනිසුන් සිය ගානක් මැරුණා. නමුත් රට ඉක්මණින් යථා තත්වයට පැමිණියා.
නමුත් ඉන්දියාව වගේ රටවල තත්වය මීට හාත්පසින්ම වෙනස්. එරට බොහෝ දෙනෙක්ගේ එදිනෙදා ජීවිතය අමාරුයි. මේ තත්වයත් එක්ක එරට බොහෝ දෙනෙක් හාමතේ මියයාවී. ශිෂ්ඨ ලෝකයක මෙවැනි දේ සිදුවිය නොහැකියි. පොහොසත් රටවල් අනෙක් රටවලට උදවු කල යුතුයි, ඔවුන්ගේ ගෙල සිර කරන්නේ නැතුව. මතක තියාගන්න දේවල් මේ ලෙසකින්ම සිදු වුවහොත් දකුණු ආසියාවේ සමහර ප‍්‍රදේශ මනුෂ්‍ය වාසය සදහා නොසුදුසු විය හැකියි. පසුගිය සමයේ ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ උෂ්ණත්වය අංශක 50 ට ගියා. ඉදිරියේදී ඔවුන්ට ජල ප‍්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවෙයි. මේ අතර ලෝකයේ නයෂ්ටික බලවතුන් දෙදෙනෙක් – ඉන්දියාව සහ පකිස්ථානය ජලය මුල්කරගත් යුද්ධයක් අභියස ඉන්නව.
කොරෝනාවෙරස් ගැන අවතක්සේරු කරන්න හොද නෑ නමුත් කොරෝනා කියන්නේ ඇති විශාල ප‍්‍රශ්නයක පුංචි පිලිබිබුවක්. කොරෝනා අපට වහ වහා විසදාගත යුතු ප‍්‍රශ්නයක්. නමුත් ඉන් එහාට අපට ඇති විශාල ප‍්‍රශ්න රාශියක් තියනව. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අර්බුදය ගන්න. එය විසදා ගන්න අපට කාලය නෑ.
( තව කොටසක් ලබන සතියේ )