රාජ්‍ය නාට්‍ය උළෙල අද(17) ඇරඹෙයි

‘රාජ්‍ය නාට්‍ය උළෙල 2021’ හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද (17) සිට මාර්තු 6 වැනිදා දක්වා වේදිකාගත කෙරේ.

අවසන් වටයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තේරුණු කෙටි නාට්‍ය 20 ක් සහ දිගු නාට්‍ය 12 ක් මෙහිදී වේදිකාගත කිරීමට නියමිතය.

මාර්තු 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදීත්, මාර්තු 6 වැනිදා ටවර් හෝල් රඟහලේදීත් එම නාට්‍ය වේදිකාගත කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (17) දිනයේදීත් කෙටි නාට්‍ය තුනක් වේදිකාගත කෙරේ.

මධුරංග ශ්‍රී ලාල්, ඩබ්ලිව්.ඩී.පී දේවින්ද වික්‍රමසිංහ සහ විශ්ව චින්තක තිලකරත්න එක්ව අධ්‍යක්ෂණය කළ ‘ආනන්දනීය බාබර්’ පස්වරු 5.30ට, පී ගනේෂරාජා අධ්‍යක්ෂණය කළ ‘තලෙයියානෙයි මන්දිරම්’ පස්වරු 6.20 ට සහ කේ.ඩබ්ලිව්.ටී හිමාෂි විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ෆ්ලේවර්ස්’ පස්වරු 7.10 ට වේදිකාගත කිරීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...