රාජ්‍ය නාට්‍ය උළෙල අද(17) ඇරඹෙයි

‘රාජ්‍ය නාට්‍ය උළෙල 2021’ හි අවසන් වටයේ නාට්‍ය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී අද (17) සිට මාර්තු 6 වැනිදා දක්වා වේදිකාගත කෙරේ.

අවසන් වටයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තේරුණු කෙටි නාට්‍ය 20 ක් සහ දිගු නාට්‍ය 12 ක් මෙහිදී වේදිකාගත කිරීමට නියමිතය.

මාර්තු 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදීත්, මාර්තු 6 වැනිදා ටවර් හෝල් රඟහලේදීත් එම නාට්‍ය වේදිකාගත කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (17) දිනයේදීත් කෙටි නාට්‍ය තුනක් වේදිකාගත කෙරේ.

මධුරංග ශ්‍රී ලාල්, ඩබ්ලිව්.ඩී.පී දේවින්ද වික්‍රමසිංහ සහ විශ්ව චින්තක තිලකරත්න එක්ව අධ්‍යක්ෂණය කළ ‘ආනන්දනීය බාබර්’ පස්වරු 5.30ට, පී ගනේෂරාජා අධ්‍යක්ෂණය කළ ‘තලෙයියානෙයි මන්දිරම්’ පස්වරු 6.20 ට සහ කේ.ඩබ්ලිව්.ටී හිමාෂි විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ෆ්ලේවර්ස්’ පස්වරු 7.10 ට වේදිකාගත කිරීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...