නාට්‍ය කණ්ඩායමක් අන්තර්ජාති නාට්‍ය උළෙලකට යවන්න නාට්‍යයක් බලමු ද?

ලෝකයේ නාට්‍ය 84 කින් රජා මං වහලා නාට්‍ය නේපාල් අන්තර්ජාතික නාට්‍ය උලලේ හොදම නාට්‍ය 18 සදහා තේරී පත් වී ඇත. නමුත් එම නාට්‍ය උළෙලට සහභාගී වීම සඳහා නාට්‍ය කණ්ඩායමට මුදල් නොමැතිවීම ගැටළුවක් ලෙස පැවතුනි. ඒ සඳහා සහය වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරය වී ඇත්තේ එම අමාත්‍යංශය මේවනවිට මුහුණ දෙමින් සිටින ප්‍රතිපාදන හිඟතාවය හේතුවෙන් එවැනි දෙයකට සහය දිය නොහැකි බවයි.

නමුත් නාට්‍ය කණ්ඩායම උත්සාහය අත්හැර නැත. ඔවුන් නාට්‍ය කණ්ඩායමට එම උළෙලට යාමට අවශ්‍ය මුදල හොයාගැනීමට නොවැම්බර් 06වනදා එල්ෆින්ස්ටන් රඟහලේ විශේෂ දර්ශන වාරයක් සංවිධානය කර තිබේ.

මේ පිළිබඳ තවත් සහෝදර නාට්‍යකරුවෙකු වූ අසංක සායක්කාර තැබූ සටහනක් පහත දැක්වෙනවා.

මේ වගේ post එකක් පළකරන්නේම පට්ට ලැජ්ජාවක් හිතේ තද කරගෙන. චාමික හත්ලහවත්ත ගෙ රජා මං වහලා ලෝකයේ රටවල් 84 ක් අතරින් අන්තිම 18 ට තේරිලා. ඒ නාට්‍ය උළෙල වෙනුවෙන් නාට්‍ය කණ්ඩායමට නේපාලෙට යාගන්න දැන් විදියක් නෑ. ඉතින් චාමික ඇතුළු නාට්‍ය කණ්ඩායමට සිද්ධ වෙනවා මේකට යන මුදල හොයන්න වෙනත් විකල්ප මාර්ගවලට යොමුවෙන්න.

නාට්‍යකාරයෝ මේ වගේ වැඩකට සල්ලි ඉල්ල ඉල්ලා සංස්කෘතික අමාත්‍යංශයේ වාත වෙනවා කියන්නෙම මේ රටේ කලාවට තියෙන රාජ්‍ය අනුග්‍රහය ගැන හොඳටම පේන අවස්ථාවක්. හරිනම් මේ වගේ ගමනක් කාගෙන්වත් ආධාර නොපතා තමන්ගෙ වියදමින් යන්න පුළුවන් ආර්ථිකයක් නාට්‍යකරුවොන්ට තියෙන්න ඕනේ. ඒත් එදා වේල කන්න බැරි රටක ඒවා දවල් හීන. අනිත් ඕන වැඩකට ඉස්සරහට එන බිස්නස් ප්‍රජාව මේ වගේ වැඩදිහා බලන්නෙවත් නෑ. උන්ටත් නාට්‍ය කලාව කියන්නෙ එච්චර වැදගැම්මක් ඇති වැඩක් නෙමෙයි. ඒ නිසා නාට්‍ය කලාව ගැන අබමල් රොණක හරි උනන්දුවක් තියෙන අපිටම තමයි මේ වෙලාවෙ මේ වැඩේ අතට ගන්න වෙන්නෙ.

රජා නාට්‍ය කණ්ඩායම මේ ගමන යන්න සල්ලි හොයන්න නොවැම්බර් 06 දා එල්ෆින්ස්ටන් එකේ නාට්‍ය පෙන්නනවා. එදාට හැම ටිකට් එකක්ම අලෙවි වෙන්නෙ රුපියල් 1000ට. හැබැයි කාටහරි ඊට වඩා වැඩිගාණක් මේ වෙලාවෙ මේ වැඩේට දෙන්න පුලුවන් නම් ඒ ගාණ දීලා ටිකට් එක ගන්න. මේ පණිවිඩය හතර අතේ බෙදන්න. අපි වෙනුවෙන් අපි කියලා හිතාගෙන වැඩේ ගොඩදාලා රජා මං වහලා සෙට් එක රට නියෝජනය කරවන්ප යවමු. 06 වෙනි දා එල්ෆින්ස්ටන් පුරවමු.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...