පුනුරුත්ථාපන කාර්යාංශ පනත තවත් මර්දන පනතක්ද?

පනතේ අරමුණ කුමක්ද හෝ කවුරුන් සඳහා ක්‍රියාත්මක කරන්නේද යන්න පැහැදිලි නොමැති පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත වී තිබේ. පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.

ඒ අවස්ථාවේ සභාවේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුනි.

නීතිවේදීන් පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මුවාවෙන් සම්මත වුවත් මෙහි අරමුණ වෙන එකක් බවයි. එයට හේතුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන හා ප්‍රතිකාර පනත යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට හැකි වීමයි. පුනරුත්ථාපන පනත් කෙටුම්පත තුළ එම පනත් කෙටුම්පත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින්ට අදාළ නොවන බවද දක්වා තිබේ.

එසේම නීතිවේදීන්ගේ අදහස වන්නේ ආණ්ඩුවට විරුද්ධ විශේෂයෙන් පසුගිය කාලයේ පැවති අරගලය හා සම්බන්ධ වූ පුද්ගලයන් මේ පනත යොදාගෙන මර්දනය කිරීමේ සැලසුමක් ඇති බවයි. මේ පනත අනුව නඩු විභාගයකින් තොරව පුද්ගලයන් සිරකර තැබිය හැකි බවද ඔවුන්ගේ අදහසයි. ඒ අනුව මෙම පනතද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සේම මර්දනකාරී පනතකි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...