මඳ සිනහා නගන විල් දිය සමඟ හෙටත් ලියැවිය යුතුය තව කවි ලිට් රූම් – සූම් සංවාදයට

මැයි මස 10 ඉරු දින රාත්‍රි හතට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාදයට රුවන්මලී දීපිකා කොඩිකාර කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන “මඳ සිනා නගන විල්දිය” සහ මේඛලා උදාරි ලියනගේ කිවිඳියගේ දෙවන කාව්‍ය සංග්‍රහය වූ “හෙටත් ලියැවිය යුතුය තව” කාව්‍ය සංග්‍රහයන් දෙක තෝරාගෙන ඇත.

වැඩ සටහනේ සම්පත් දායකත්වය වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියා විසිනි.

ගෞරවණීය ගුරු මාතාවක් ලෙස සේවය කර, දැනට විශ්‍රාමිකව කල් ගත කරන රුවන්මලී කොඩිකාර කිවිඳිය කවිය නම් සුන්දර සාහිත්‍ය කෙරෙහි ඉමහත් සේ පෙම් කරන්නියකි. සිය ළමා කාලයේ සිටම කවිය ඇසුරු කරන රුවන්මලී සිව්දෙස ,වත්මන ,සත්මඬල ,දිවයින ,දිනමිණ ආදී පුවත්පත් වල කවි පිටු හරහා කාව්‍යකරණයට අත් පොත් තැබුවාය. පසු කාලීනව ෆේස් බුක් අවකාශයද ඇයගේ සතතභ්‍යාසයට තෝතැන්නක් කරගත්තීය. රසික, විචාරක පැසසුමට බොහො සේ පාත්‍ර වූ “මඳ සිනා නගන විල්දිය” කාව්‍ය සංග්‍රහය, 2025 වසරේදි, කවිවර ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් පළ විය. පහත දැක්වෙන්නේ එම කවි එකතුවේ හමුවන එක් කවියකි.

කඳු පාමුල සගයාට
තරණය කර කන්ද නෙක් දුක් ගැහැට මැද
මුදුනත සිට හෙළමි නෙත් සැනසීම විඳ
මෙර හිස තබා ගත් සගයෙක් පහළ හිඳ
හෙළු සුසුමකින් කඳු හිස සෙලවුණාව ද

පියගැටපෙළක් වන්නට රිසි කිසිත් නැති
ඔහුට ද ම සේ ම බියකරු රිදුම් ඇති
ඉහළ දී දිසෙයි පාමුල අප නොදුටු පැති
එනු නොපැකිළ ව මේ සිරසට නොගෙන තැති

මේඛලා උදාරි ලියනගේ කිවිඳියගේ දෙවන කාව්‍ය සංග්‍රහය වූ “හෙටත් ලිය විය යුතුය තවත් කවි” කවි එකතුව, 2021 වසරේ පැවති ගොඩගේ අත් පිට පත් තරඟයෙන් අවසන් වටයට නිර්දෙශ වූ කාව්‍ය සංග්‍රහයකි. වෘත්තියෙන් විගණන නිලධාරිනියක් ලෙස රාජ්‍ය සේවයේ යෙදෙන මේඛලා සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස කවිය තෝරා ගත්තාය. ඇය මුල් කාලයේ ෆේස් බුක් අවකශය සිය කවියේ වැඩ බිම කර ගත් ප්‍රතිභා ශක්තියක් ද සුහුරු බසක් ද හිමි දක්ෂ කිවිඳියකි.
2020 වසරේ ගොඩගේ අත් පිටපත් තරඟයේ අවසන් වටයට නිර්දේශ වූ “දම්පාට මේ කුළ” කාව්‍ය සංග්‍රහය මේඛලා උදාරි ලියනගේ කිවිඳියගේ සිංහල කවි කෙතේ කුළුඳුල් අස්වැන්න විය. එම කවි එකතුවේ හමුවන හිමියනි මම ජීවක නම් වෙමි. යන හිසින් යුතු කවිය විවිධ කාව්‍ය රස වින්දන මණ්ඩපයන් මත බොහෝවර සංවාදයට බඳුන් වූ කවියකි.

“හිමියනි මම ජීවක නම් වෙමි
කාසල් හී වෙසෙමි
මෙහි නිතරෝම අඟුල්මල් පිරිත් මිමිණෙති
පෙකෙණි වැල් කැපෙති
රාහුලයෝ සසර දුක දෝතින් දරා පැමිණෙති.”

මට ඔබව දැනෙන තැන, මිහිර සැඟවුණු නිම්නයක සිට, මල් සුවඳැති හිසරදයක් යන කාව්‍ය සංග්‍රහයන් මුද්‍රණයෙන් පළ කොට ක්‍රමයෙන් සිංහල කවියේ ප්‍රවීණත්ව සීමාවට ලඟා වෙමින් සිටින වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියා විසින් මෙම වැඩ සටහනේ විදවත් සටහන තබනු ඇත. හෙට්ටිආරච්චි කවියා 2023 වසරේදි ප්‍රකාශයට පත් කළ “මල් සුවඳැති හිසරදයක්” කාව්‍ය සංග්‍රහය එම වසරේ, ගොඩගේ සාහිත්‍ය සම්මාන උළලේ හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස සම සම්මානයෙන් පිදුම් ලැබුවේය. කාව්‍ය විචාරකයකු ලෙස ද ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටින වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි, නූතන පරපුරේ කවියන්ගේ නිර්මාණ තුලනාත්මකව විමසමින් විචාරාත්මකව සහ සහෘදශීලිව සිය අදහස් බෙදා ගන්නෙකි.

මෙම ලිට් රූම් සූම් සංවාදයේ දි, විශාරද නයනා ශ්‍යාමලි සහ කුමුදිනි මෙන්ඩිස් කිවිඳිය විසින් මනරම් කවි ගායනා ඉදිරිපත් කරමින් සංවාදය රසවත් කරනු ඇත. චම්පිකා විජේසිංහ කිවිඳියද කෙටි අදහස් දැක්වීමක් සඳහා සම්බන්ධ වීමට නියමිතය

මැයි මස 3 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 17 වන සංවාද වාරය සඳහා, කාව්‍ය ප්‍රිය රසික ඔබ සැමට, සම්බන්ධවන ලෙස ලිට් රූම් සාමුහිකය ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)

මෙම සංවාදය සාහිත සංවාද යු ටියුබ් චැනලය ඔස්සේ සජීවී ව විකාශනය වීමට ද නියමිතය.

නිරෝෂ ප්‍රනාන්දු
ලිට් රූම් සූම් සංවාදයට මෙවර ගිනි ගිනි බෝලේ සමග සබ්බං පහාය ගමනීයං
ට්‍රම්පට් හංසයා ලිට් රූම් සංවාදයට

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...