ගෝඨාභය රාජපක්ෂ වසර 11 ක් තිස්සේ අධිකරණයට වෙට්ටු දැමූ හැටි………..!!
ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රබල ක්‍රියාකාරීන් දෙදෙනෙකි. වර්ෂ 2011 දෙසැම්බර් 09 වැනි දින ඔවුන් දෙදෙනා නාදුනන පිරිසක් විසින් පැහැර ගනු ලබන්නේ යාපනය අධි ආරක්ෂිත කලාපයේදී ය. (වසර 11 ක් තිස්සේ අපරාධයක් වසන් කිරීමට කර ඇති “වෙට්ටු” දැමීම් කෙලෙසදැයි ඔබ කියවා ගත යුතුම යි.)
ඉහත පැහැර ගැනීම සම්බන්ධයෙන් ඊට පසුවදාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය යාපනය “අච්චුවේලි” පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර එහි ප්‍රගතිය විමසීමට කිහිපවිටක්ම අච්චුවේලි පොලිසියට ගොස් තිබේ. එවැනි එක් දිනකදී ලලිත් – කුහන් පැහැර ගන්නා විට ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරු පැදිය දක්නට ලැබී ඇත. ඒ පිළිබඳව පොලීසියෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශකර ඇත්තේ එකී යතුරු පැදිය දින කිහිපයක් තිස්සේ පාරේ පසෙක තිබී පසුව පොලීසියට ගෙන ආ බවකි. එහෙත් ඇසින් දුටු සාක්ෂි කරුවන් ප්‍රකාශකර ඇත්තේ ඔවු පැහැර ගත් දිනම එම යතුරු පැදිය පොලීසියට ගෙන ආ බවකි.
කෙහෙළිය රඹුක්වැල්ල ඔවුන් අත්අඩංගුවට පත්වූ බව ප්‍රකාශ කරයි…………!
ඊට දින කිහිපයකට පසු පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලලිත් – කුහන් පැහැර ගැනීම පිළිබඳ එවකට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසා තිබේ. එවිට ඔහු ස්ථීරවම ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දෙදෙනා පැහැර ගෙන යාමක් සිදුවී නැති බවත් , ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ය. ඉදිරි දිනකදී ඔවුන් ආපසු පැමිණෙනු ඇති බවත් හෙතෙම දැනුම් දී තිබේ.
පොලිස් පරීක්ෂණවල ප්‍රගතියක් නොවූ කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය “හබයාස්කෝපුස්” පෙත්සමක් ගොනු කරයි…!
මාසයකටත් වැඩි කාලයක් ඉක්ම ගියද , පොලිස් පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නොවූ කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලලිත් කුහන් පැහැර ගෙන යාම පිළිබඳව අභියාචනාධිකරණයේ “හබයාස්කෝපුස්” පෙත්සමක් ගොනු කළේ ය. ඉන් අනතුරුව නඩු වාර කිහිපයකින් පසු ලලිත් – කුහන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ.
ඉබි ගමනින් යන අධිකරණ ක්‍රියාවලීන් හේතුකොටගෙන එකී විමර්ශන කටයුතු ආරම්භ වී ඇත්තේ 2013 වසරේ දීය. එහෙත් ලලිත් -කුහන් පැහැර ගෙන ගොස් නැතැයි ප්‍රකාශ කළ කෙහෙළිය රඹුක්වැල්ල සාක්ෂි ලබා ගැනීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කැදවා ඇත්තේ 2016 මැයි 03 වන දිනයි. එහිදී ඔහු අධිකරණයට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ තමන් පෙරකී ප්‍රකාශය කළේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරුණු විමසා සනාථ කර ගැනීමෙන් පසුව බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළ ප්‍රකාශය අනුව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙන් කරුණු විමසන ලෙස පැමිණිලි පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව සාක්ෂි ලබාදීම සදහා 2019 මැයි 03 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අධිකරණය මගහරියි
එදින ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥ කණ්ඩායම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතූන් මත එදින තම සේවාදායකයා පැමිණිය නොහැකි බවයි. එකී දැනුම්දීම පිළිගත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය 2019 ජුනි 21 දිනට එකී දිනය දීර්ඝකර තිබේ. ජුනි 21 වැනි දිනද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නොපැමිණි ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ නීතිඥයින් ලවා දැනුම් දී ඇත්තේ තමා අසනීපයෙන් පසුවන බැවින් අද දිනද අධිකරණයට පැමිණිය නොහැකි බවයි. එකී දැනුම් දීමද පිළිගත් අධිකරණය නැවත 2019 සැප්තැම්බර් 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මග හැරීමට අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක්
වතාවන් දෙකක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගහැර සිටි ගෝඨාභය රාජපක්ෂ ඊළග නඩු දිනයට පෙර එනම් 2019 සැප්තැම්බර් 27 ට පෙර සැප්තැම්බර් 24 දින අභියාචනාධිකරණයට ගොස් කරුණු දෙකක් ඉදිරිපත් කරමින් සැප්තැම්බර් 27 දිනට නිකුත් කර තිබූ නොතීසිය ආපසු කැදවීමේ අතුරු තහනම් නියෝගයක් ලබා ගෙන තිබේ.
ඔහු අභියාචනාධිකරණයට දන්වා ඇත්තේ තමන් මේ කාරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැදවීමට බලයක් නොමැති බවත් , යාපනයට පැමිණීමට නිසි ආරක්ෂාවක් නොමැති බවත් ය. ඊට පෙර අවස්ථා දෙකක් දී අධිකරණය මහ හැරියත් ඔහු මෙවැනි හේතු ඉදිරිපත්කර තිබුණේ
නැත. ඒ අනුව 2019 දෙසැම්බර් 03 වැනිදා දක්වා ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නොකැදවීමට අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත්වරයාට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
නීති විරෝධී වාරණ නියෝගයක්
මෙකී වාරණ නියෝගය සම්පූර්ණයෙන්ම නීති විරෝධී එකකි. එවැනි වාරණ නියෝගයක් ලබාදිය හැක්කේ සාමාන්‍යයෙන් උපරිම සති දෙකක කාලයක් සදහාය. එහෙත් අභියාචනාධිකරණය ගෝඨාභය වෙනුවෙන් ලබා දුන් වාරණ නියෝගයේ කාල සීමාව 2019 සැප්තැම්බර් 24 සිට දෙසැම්බර් 03 දක්වා සති පහකි. එනම් 2019 නොවැම්බර් 17 පැවති ජනාධිපතිවරණයෙන් පසුවයි.
ඊටත් අමතරව මෙකී වාරණ නියෝගය ලබාදීම සිදුවූයේ ප්‍රති පාර්ශ්වය කැදවීමකින් තොරවය. (මේ වාරණ නියෝගය නිකුත් කිරීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දරගේ මැදිහත් වීමෙනි ඇයග්ෆ කෙරුවාව ඉදිරි ලිපියකින් හෙළිදරව් කරමි) දෙසැම්බර් 03 දක්වා දීර්ඝ වාරණ නියෝගයක් ලබාදීමේ උප්පරවැට්ටිය නම් නොවැම්බර් 17 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගත් පසු ජනාධිපති “මුක්තිය” යටතේ සම්පූර්ණයෙන්ම අධිකරණයෙන් වහන් වීම පිණිස ය. හාස්‍ය ජනකම කරුණ වන්නේ ලලිත් – කුහන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට විමර්ශනයක් පැවැත්වීම සඳහා නියෝග කළ අභියාචනාධිකරණය විසින්ම එම අධිකරණයේ සාක්ෂි කැදවීමකට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම ය.
ඉහත වාරණ නියෝගය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ කාරණා දෙකම කවර හෝ අධිකරණයකට පිළිගත හැකි යුක්තිසහගත කාරණා නොවේ. පළමු කාරණාව ඔහු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කැදවා ඇත්තේ සාමාන්‍ය සාක්ෂි විමසීමක් සදහා ය. ඊට අභියෝග කිරීම හැකියාවක් නැත. අනෙක් කාරණය නම් එකී කාලය තුළ ඔහු යාපනයේ පැවති ජනාධිපතිවරණය ප්‍රචාරක රැස්වීම් ගණනාවකට සහභාගී වී තිබීම ය. එසේ නම් ආරක්ෂාව පිළිබද කිසිදු ගැටලුවක් තිබිය නොහැක. ඊටත් අමතරව 700 ක් පමණ විශාල ආරක්ෂක බල ඇණියක් ඒ වනවිටත් හිටපු ආරක්ෂක ලේකම් ලෙස ඔහුට ලබා දී තිබුණි.
අභියාචනාධිකරණයේ වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් පෙරටුගාමීන් ගෙන් නැවත අභියාචනයක්
ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කැදවීමට එරෙහිව ලබාගත් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අභියාචනාධිකරණයේම ගොනු කළ අභියාචනය නිසි කරුණු දැක්වීමටවත් ඉඩ නොතබා නිෂ්ප්‍රභා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතරතුර 2019 නොවැම්බර් 17 පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගත් අතර ඉන්පසු ජනාධිපති “මුක්තිය” පෙන්වමින් සාක්ෂි දීමට නොපැමිණ මුළුමණින්ම අධිකරණය මහහැර දමා ඇත.
අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව පෙරටුගාමීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය සිදු කළ විමර්ශනයේ සාක්ෂි ලබා දීම සදහා කළ කැදවීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ලබාගත් වාරණ නියෝගය , නැවත අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේ ය. එකී අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති අතර , ඒ අනුව 2022 ඔක්තෝබර් 19 දින (ලබන මස) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කරන ලෙස නියෝග නිකුත් කර තිබේ. එදිනටත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය මගහරිනු ඇදිදැයි අපි බලා සිටිමු. දැන් ගෝඨාභය රාජපක්ෂට එදා අධිකරණයෙන් වහන් වූ ජනාධිපති “මුක්තිය” ද නැත.
ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ අපරාධ නඩුව ශ්‍රී ලංකාවේ දස දහස් ගණනක් අතුරුදහන් කළ අපරාධ “මුක්තියේ එක් අවස්ථාවක් හෝ “ඈවර” වනු ඇතැයි “යුක්තිය” අගයන්නෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
(ගෝඨාභය රාජපක්ෂ රැක ගැනීම සදහා ලබා දී ඇති වාරණ නියෝගයට මූලික වූ අභියාචනාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර රාජපක්ෂ පවුලේ සහසම්බන්ධය හෙට….)