Breaking News

IPL වලට ගුණ මතීෂ පතිරණ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතියට දායකත්වයක් සපයාවිද

මතීෂ පතිරණ නම් මේ ලාබාල ක්‍රීඩකයා සමඟ කොයි තරම් දුර ගමනක් යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සූදානම් දැයි අපි නොදනිමු. IPL තරගාවලිය තුළ දක්ෂතා පෙන්වමින් කතාබහට ලක්වන මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් වංශ කතාව තුළ පෙරළි කාරයෙකු බවට පත්වීමේ පෙරනිමිති පල කර තිබේ. නමුත් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් වැඩිදියුණු කර ආරක්ෂා කිරීම ලංකා ක්‍රිකට් ලොක්කන්ගේ වගකීමක් වන අතර එය මොන තරම් සාර්ථකව කරාවි ද යන්නත් පිළිබඳව අපට ඇත්තේ පැනයකි. ලසිත් මාලිංග මුත්තයියා වැනි විරල පන්දු යවන්නන් ගේ නාමාවලියට ඇතුල් වීමට හැකියාව තිබෙන ක්‍රිඩකයෙකු බවට මතීෂ පතිරණ මේ වනවිටත් තමන්ගේ හැකියාවන් පෙන්වා තිබේ.

ඉන්දීය ක්‍රිකට් සුපිරි තරුවක් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මනීෂ පිළිබඳව ධනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කරනු ඇතැයි තමන්ට හැඟෙන බවද මහේන්ද්‍ර සිං දෝනි පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තියෙනවා.

මැයි 6 වනදා පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුනා .

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139 ක් රැස් කළ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යන්න සමත් වෙනවා.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 139 කට සීමා කරන්නට මතීෂ පතිරණ ගේ පන්දු යැවීම ඉවහල් වූ අතර මතීෂ පතිරණ කඩුලු 3 ක් දවාගෙන පන්දුවාර හතරේදී ප්‍රතිවාදීන්ට ලබා ලබා දී තිබෙන්නේ ලකුණු 15 ක් පමණයි.

එම තරගයේ වීරයා බවට පත්වන්නේද මතීෂ පතිරණයි. IPL ඉතිහාසය තුළ තරගයේ වීරයා සම්මානය හිමි කරගත් ලාංකීය ලාබාලම ක්‍රීඩකයා ඔහු වෙනවා.


IPL තරගාවලියේ පළමු පන්දුවෙන්ම මතීෂ තැබූ වාර්තාව..

2022 වර්ෂයේදී මතීෂ හට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදාවන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායාමේ ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම නිසාය.

ඇඩම් වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවන මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී යවන ලද පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. එලෙස වාර්තා පොත් අතරට එක්වූ නම වැනි පන්දු යවන්නා ලෙස මතීෂගේ නම වාර්තා අතරට එක්වන්නේ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ෂුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගය.

එම තරගයෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මේ දක්වා තරග 08කට ක්‍රීඩා කර ඇති මතීෂ දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 09කි. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වන්නේ 27.22ක් ලෙසයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මේ දක්වා තරග 08කට ක්‍රීඩා කර ඇති මතීෂ දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 09කි.

මතිෂ පතිරණ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්දු යැවීමේදී පන්දු ඕවරයක දී ලකුණු ලබාදීමේ සාමාන්‍ය ලෙස සටහන් වන්නේ 8.12කි.

එමෙන්ම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් මැයි6 වනදා ලකුණු 15 කට කඩුලු 03 ක් දවා ගැනීමයි .

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේ දී පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 150 සීමාව පසු කිරීමට ද මතීෂ සමත් විය.

එම තරගයේදී මතිෂ යවන ලද එක් පන්දු වාරයකදී ඔහු විසින් පැයට කිලෝමීටර් 150 සහ 149.5 යන වේගයෙන් පන්දු දෙකක් යැවීමට සමත් වී ඇත.

(උපුටා ගැනීම BBC)

leave a reply