කොරෝනා ආසාදිතයින් සහිත බ්‍රිතාන්‍ය නෞකාවකට කියුබාව සිය රටට ඇතුළුවීමට ඉඩ ලබාදෙයි

කොරෝනා වයිරසයට ගොදුරුවූ මගීන් පස් දෙනෙකු රැගත් බ්‍රිතාන්‍ය නෞකාවක් වෙනත් රටවල් විසින් හරවා යැවීමෙන් පසු කියුබාවේ නැව්ගත කිරීමට අවසර ලබාදී තිබේ. The MS Braemar නම් මගීන් 600ක් රැගත් මෙම නෞකාව නැව්ගත කිරීමට අවසර ලබාදෙන රටක් සොයමින් දින දෙකක් පුරා මුහුදේ නැංගුරම් දමා තිබී ඇත. මෙම නෞකාවේ සිටින මගීන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය ජාතිකයන් බවද වාර්තා වේ.

රටවල් කිහිපයක්ම ප්‍රතික්ෂේප කිරීම නිසා බ්‍රිතාන්‍ය රජය කියුබාවෙන් උදව් ඉල්ලා තිබේ. කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ , “හදිසි තත්ත්වය සහ රෝගී ජනතාවගේ ජීවිතවලට ඇති අවදානම සැලකිල්ලට ගෙන කියුබානු රජය මෙම නෞකාව නැව්ගත කිරීමට අවසර දීමට තීරණය කර ඇති” බවයි.

මගීන් ගුවන් මගින් බ්‍රිතාන්‍යට සහ ඔවුන්ගේ මව් රටවලට යැවීමට නියමිත බව වාර්තා වේ. කියුබානු රජය වැඩිදුරටත් පවසන්නේ : “මෙය සෞඛ්‍යය මානව අයිතිවාසිකමක් ලෙස වටහා ගතයුතු , අපගේ පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළයුතු සහ විප්ලවයේ හා අපේ ජනතාවගේ මානවවාදී භාවිතයට ආවේණික වූ සාරධර්ම පෙන්වන සහයෝගීතාවයේ කාලයක් බවයි .”

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...