කිරිපිටි හිඟය ඇතිකරේ ගජමිතුරු ව්‍යාපාරිකයෙක්ට අවස්ථාව දෙන්නද?

දිවයින පුරා කිරිපිටි හිඟයක් ඇතිකර ඇත්තේ රජයට හිතවත් ව්‍යාපාරිකයෙකුට කිරිපිටි ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමටදැයි යන සැකයක් මතුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසනවා.

ඒ, ඊයේ (18) දින ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල සම්පත් ,

“බොන්න කිරිපිටි ටිකක් නෑ. මේ වනවිට කිරිපිටි හිඟය ඉතා උඝ්ර ලෙස හදලා තිබෙනවා. දැන් කිරිපිටි හිඟයක් හදලා මේ කරන්න යන එකේ යටි අරමුණ තමන්ගෙ ව්‍යාපාරික ගජමිතුරෙකුට කිරිපිටි ගෙන්වීම සඳහා අවස්ථාව ලබාදීමද කියන සැකය එනවා.

පොහොර අර්බුදය හැදුවා, තමන්ගෙ ගජමිතුරන්ට දුන්නා කාබනික පොහොර ගෙන්වන්න. ටයිල් නැවැත්තුවා, නානකාමර උපකරණ නැවැත්තුවා, ගජමිතුරො හම්බ කරගත්තා. සීනිවලට බදු සහන දුන්නා, ගජමිතුරො කළේ මොකක්ද සීනි ගෙන්නලා සීනිවලින් හම්බ කරගත්තා. කිරිපිටි පිළිබඳවත් සමාජයේ ප්‍රශ්නයක් මතුකරලා තමන්ගේ ව්‍යාපාරිකයකුට දෙන්න තමයි මේ හදන්නෙ”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...