Breaking News

ලොසිංජර දෙන යෝජනා මැද විනාශකාරී අයවැය යෝජනා පරදවමු- පුබුදු ජයගොඩ

“2024 අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ නන්දා මාලිනි ගැන කිව්ව දේ වැරදියි වගේම බුදු දහම ඔස්සේ කතා කරන බව පෙන්වමින් සමජීවිකතා මූලධර්මය ගැන කිව්ව කතාවත් වැරදියි.
සමජීවිකතා මූලධර්මය කියන්නෙ ණය වෙලා කන එකට නෙවෙයි. බුදු දහමෙ කියැවෙන ආකාරයට ආදායම් වියදම් නිවැරදිව කලමනාකරණය කරමින් ජීවත් වෙන්න කියන ඒ අදහස නෙවෙයි ඔහු මේ අනුගමනය කරමින් ඉන්නෙ. රනිල් වික්‍රමසිංහ හිටිය 1977 බලයට පත් වූ ජේආර්ගෙ ආණ්ඩුවෙන් 1978 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය කියන්නෙ ඊට සපුරා පටහැනි ක්‍රමයක්. පවතින ආදායම් ත්වය වෙනුවට ණය ගැනීමෙන්, ලෝකයේ බලවත් ආර්ථිකයන්ට යටත්වීමෙන් පවත්වා ගෙන යන ආර්ථිකයක් නිසා තමයි අපේ ආර්ථිකය මේ තත්වයට පත් වුණේ
ජනතාව වටන්න පුංචි පුංචි ලොසින්ජර දීලා මොනවද කරන්න යන්නෙ?  පුවත්පත්ස සිරස්තලවලට යවන්න රනිල් පාර්ලිමේන්තුවෙදි මෙනවා කිව්වත් අයවැයේ සිදවන්න නියමිත මොකක්ද කියලා බලමු.
රනිල්ගෙ ප්‍රතිපත්ති, බුදු දහමෙ සංකල්ප සමග පටලවන්න හැදුවට රනිල්ට තියෙන්නෙ වෙනම තුන් සරණය ඒ තමයි, ජනතාව මත වැඩියෙන් බර පැටවීමයි, වැඩි වැඩියෙන් ණය ගැනීමයි, තියෙන දේ විකුණා කෑමයි කියන තුන් සරණ. මේවා තමයි රනිල්ගෙ ආර්ථිකයෙ ප්‍රධාන අංග.
රනිල් 2024 අයවැය ඉදිරිපත් කරද්දි අපට මතක් වෙන්නෙ පහුගිය අයවැයට මොකද වුනේ කියන කාරණය. වෙරිටේ කියන පර්යේෂණ ආයතනය මේ ගැන පසුවිපරමක් කර තිබුණා. 2023 අයවැයේ ප්‍රගතිය තක්සේරු කරන්නවත් මොකුත් තොරතුක් නැති තත්වයක් ඔවුන් වාර්තා කරනවා.  ඔවුන් කියන ආකාරයට අයවැය යෝජනා වලින් ඉහළම වැය කිරීම් අගයන් සහිත ව්‍යාපෘති 25ක් වෙනුවෙන් වැය කරන්න යෝජනා කළ ව්‍යෘපෘති අතුරින් 68% ගැන මොකුත්ම තෙරතුරු නෑ. වෙන විදියකට කිව්වොත් ඒ ව්‍යාපෘතිවලින් 68%ක් මොකුත්ම කරලා නෑ. ඒ ්‍යෘපෘති 25 සඳහා වැයකරන්න වෙන් කළ රුපියල් බිලියන 49කින් බිලියන 47ක්ම සම්බන්ධ කිසිම දෙයක් වෙලා නෑ.  ඒ කියන්නෙ වැය කිරීමට යෝජනා කළ වටිනාකමෙන් 97%ක්ම ප්‍රයෝජනවත් ලෙස යොදවලා නෑ. ඒ නිසා මේ කතා ගැන විශ්වාස කරන්න එපා. මොනවා හරි ක්‍රියාත.්ක වෙලාියෙන අයැවය යෝජනා තියෙන්නෙ 8%ක් පමණයි.
දැන් මේ දේශගුණ විපර්යාස අධ්‍යයනය සම්බන්ධයෙන් පුවත්පත් සිරස්තල මගින් වාර්තා කරනවා. මේවා ප්‍රචාරය වෙනුවෙන් කියන කතා. රනිල් වික්‍රමසිංහ ඔය කියන ජාතය්‍යන්තර විශ්වවිද්‍යාලයක් ගැන ගිය අවුරුද්දෙත් කිව්වා. පහුගිය අයවැයේ කාබන් කොපියක් වගේමයි මේ සැරෙත්. ඒ කියන්නෙ මේවා බොරු කතා විතරයි. ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඇත්තටම වෙන්නෙ ජනතාව මත මහ බරක් පටවමින් ආර්ථිකයෙ සියලු වගකීම ජනතාව මත පැටීම පමණයි.
මේ සෝබන කතා අත් හැරලා ඇත්තම කතාව බලමු. මේ අය රාජ්‍ය ආදායම ඉහළ නංවන්න 2023  රුපියල් බිලියන 2851 සිට 2024 රුපියල් බිලියන4127කට ඉහළ නංවන්න තීන්දුකරලා. හි ලෙකුම පංතුව බදු. ඉතින් බදු ආදායම 2596 සිට රුපියල් බිලියන 3820 දක්වා ඉහළ නංවන්නයි යන්නෙ.
බදුවර්ග 2කක් තිබනවා. එකක් ඉහළ ආදායම් ලබන අයට බලපාන ආදායම් බදු, ඍජු බදු.
දෙවන එක සාදමන්‍ය ජනතාව මත භාණ්ඩ හා සේවා බා ගනිද්දි ගෙවන්න වෙන වක්‍ර බදු. මේ අයවැයටත් කලින් ම එකතු කළ අගය මත බදු, වැට් බදු ජනවාි 1 වැනිදා සිට 18% දක්වා වැඩි කළා. මේ දක්වා වැට් බදු ගහලා නැති බදු සහන ලබාදුන් භාණ්ඩ 150ක් නැවත බදු ගහන්නතීරණය කරලා. ඒ ගොඩේ විදුලිය, පෙට්‍රල්, සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි,  බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන,  අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා, රක්ෂණ කියන මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා.
දැන් මේ අයවැයෙන් රනිල් කියනවා ඍජු බදු ඉහළ නංවනවා කියලා. රුපියල් බිලියන 864 සිට 1080 දක්වා ඍජු බදු ඉහළ නංවන කතාවක් කියනවා. ඒක වන්නෙත් නෑ. මොකද, ඍජු බදු ගෙවන්න තියෙන අය ගෙවා නෑ රුපියල් බිලියන 904ක්. ඉතින් එහෙම ධනකුවේරයන්ගෙන් අය නොකළ, වංචා කළ බදු ගැන වචනයක් නොකියා මේ ආපහු ඍජු බදු ගැන කියන කතාව පිළිගන්න පුළුවන්ද? අනික ධනපතියන්ට බදු වැඩි කරන්නෙ 25%කින්. නමුත් සාමාන්‍ය ජනතාවට අදාළ වක්‍ර බදු ආදායම රුපියල් බිලියන 1376 සිට 2235 දක්වා වැඩි කරන්න යනවා. ඒ කියන්නෙ දුප්පතුන්ගෙන් අය කරන බදු ආදායම 62%කින් වැඩි කරනවා. ඒක අපි භාණ්ඩ හා ස්වා ගනිද්දි ගෙවන්නම වෙනා. ධනපතියන්ට වංචා කරලා සද්ද නැතිව ඉන්න පුළුවන් වුණාට වක්‍ර බදු නොගවා, අත්‍යවශ්‍ය දේවල් මිලදි නොගෙන අපට ජීවත් වෙන්න බෑ.
මේ විදියට වක්‍රබදු ගැහුවම ලංකාවෙ පවුල් ලක්ෂ 58ක් කියලා හිතුවම දැනටමත් මාසෙක රුපියල් 20,000ක් විතර බදු ගෙවනවා. රනිල්ගෙ බදු වැඩි කිරීම නිසා තව රුපියල් 12,342ක් ගෙවන්න වෙනවා. අවුරුද්දක බදු ගෙන්නවෙන විදිය තව තේරුම් කරලා කිව්වොත් මේ අවුරුද්දෙ ගෙවපු බදුවලට වඩා රුපියල් 148,103ක් වැඩිපුර ගෙවන්න වෙනවා. මේක ගෙවන්න වෙන්නෙ දනටමත් ජීවත් වෙන්න බැරි තරම් වියදමක් තිබියදී. හැම පවුලකටම මේ අවුරුද්දට වඩා වැඩිපුර රුපියල් 148,103ක් ඒ කියන්නෙ ලක්ෂ එකහමාරක් විතර වැඩිපුර බදු ගෙවන්න සිදු වෙනවා.
හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයකුවන විජේවර්ධන මහත්මයා   2021 ජනවාරි වෙද්දි 4 දෙනකු ඉන්න පවුලකට මාසයක් ජීවත් වෙන්න තිබුණු වියදම රු. 91,880ක් හැටියට. ඒ වුණාට 2023 ඔක්තෝබර් වෙද්දි ඒක රු. 175,490 දක්වා 91කින් වැඩිවෙලා. වියදම දෙගුණ වෙලා. ඒ මදිවලට ලබන අවුරුද්දෙ වැඩිපුර ලක්ෂ එකහමාරක් බදු ගෙවපල්ලා කියලා රනිල් කියනවා. ඒ විතරක් නෙවෙයි, පිරිවැය ගැලපුම් මිල ක්‍රමය යටතේ විදුලි බිල, ජල බිල, ඉන්ධන වියදම් වැඩි වෙද්දි නැවත නැවත වැඩිපුර ගෙවන්න සිදු වෙනවා.
රනිල්ගෙ ත්‍රිවිධ රත්නයෙ පළවෙනි එක ජනතාව මත අති විශාල බරක් පටවනවා. මේ විදියට අයකරන මුදල් වැය කරන්නෙ කොහොමද? අධ්‍යාපනයටයි සෞඛ්‍යටයි වෙන් කරලා තියෙන වියදමයි ඔක්කොම එකතු කරලා බලන කොට ආරක්ෂක වියදම එක්ක සංසන්දනය කරන කොට තේරෙනවා මොකක්ද වෙන්න යන්නෙ කියලා. පාරවල් හදනවා කියලා අපිව අන්දන්න වෙන්කරන මුදලයි, අපට ගහන්න වැයකරන ආරක්ෂක වියදමයි එකතුව රුපියල් බිලියන 809ක්. අධ්‍යාපනයටයි, අධ්‍යාපනයටයි දෙකටම රුපියල් බිලියන 647ක් පමණයි.
අන්දන්න කියන කතා ගොඩක් අතරෙ අතුරුදන්වූළුන් 170කට මුදල් වෙන්කරලා. කොච්චර අතුරුදන්වූවන් ඉන්නවද මේ රටේ? මැක්ස්වෙල් පරණගම කොමිෂන් වාර්තාවෙම අතුරුදන්වූවන්  24000ක් ගැන තොරතුරු හෙළි කර තිබෙනවා. ඒ නිසා මේ පුංචි පුංචි ලොසින්ජර දෙන එක.
ඊළඟට ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හරහා මේ රටේ ආර්ථිකයේ සැලකිය යුතු පංගුවක් හිමි සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ සිට වෘත්තිකයන්, සුලු පරිමාණ ස්වයංරැකියාවල නියුතුවූවන් සියලු දෙනාගෙම ජීවිත අවදානමට ලක් කරන්න නියමිතයි. මෙවැනි නිදහස් වෙළඳ ගිවිසුම් 12ක් ත්සන්න කිරීමට නියමිතයි.
ඒ නිසා මේ ඇස් බැන්දුම්වලට ලොසින්ජරවලට රැවටෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. මේ විනාශකාරී අයවැය ඉදිරිපත් කරමින් රනිල් ගෙන යන විනාශකාරී ආර්ථික පිළිවෙත් පරාජය කරන්න පෙරට එන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. “

leave a reply