Breaking News

ජයග්‍රහණය වෙත ලංවන ඉතාලියේ රියදුරු බලපත් ගැටලුව!

තිමස් විජිත්

මේ වනවිට කල් ඉකුත් වී වසර තුනකට ආසන්න වන ඉතාලි රජය සහ ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම එහි තිබූ සියලු අඩුපාඩු මගහරවා ගෙන, නුදුරු දිනකදීම අත්සන් තැබීමට හැකි වෙතයි, විශ්වාස කරමු. විශේෂයෙන්ම ඒ තුළින් බලාත්මක කිරීමට නියමිත ලංකා රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීම සඳහා අවසර ලැබීමද ඒ අනුව සිදුවන්නටට නියමිතය. විවිධ පාර්ශ්වයන් එක්ව දිගු කලක් තිස්සේ කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රහණය අත්පත් කර ගන්නට හැකි වූ බවට අපි විශ්වාස කරමු.
නැතිනම් මෙය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස අපි දකිමු. මෙම ගැටලුවට මුහුණ දෙන ඉතාලියේ වෙසෙන ලාංකිකයින්ගේ දැඩි වෙහෙසකර ප්‍රයත්නය නිසාම බොහෝ පිරිස් පිරිස්වල අවධානය ඊට ලැබුණි. විශේෂයෙන්ම ඉතාලියට පත්ව ආ නවතානාපති තුමා ඒ වෙනුවෙන් කළ දැඩි කැප කිරීම අප අගය කළ යුතුය.

ගැටලුව පැන නගින විට තිබුනේ ගෝඨාභය පාලනයයි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ පාලනයට එය මාරු වූ අතර මෙම අරගලය එතැන් සිට ආරම්භ විය. අප මුල සිටම සිටි ස්ථාවරය වූයේ මෙම අරගලයේ ජයග්‍රහණය කරන්නට නම් ඉතාලිය තුළ සිදුකරන මැදිහත්වීම් වලට අමතරව ලංකාවේ ද ප්‍රබල මැදිහත්වීමක් මේ සඳහා සිදුකළ යුතු බවයි. ඒ අනුව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වන්නට ජන අරගල ව්‍යාපාරය සම්බන්ධ කර කරගන්නට අපට හැකි විය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ පැවැති විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගොස් මේ ගැන විමසීම් කරන්නට සහ එය ක්‍රියාවට නගන්න අවශ්‍ය බලපෑම් කිරීම සිදුවිය. ඒ සමගම පැමිණි මැතිවරණ කාලසීමාව නිසා සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු වූයේ මැතිවරණ සඳහායි. අනුර කුමාර මහතා ජනාධිපති වී ගොඩනැගුණු තාවකාලික ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අප වහාම කටයුතු කළෙමු. ඒ මොහොතේ අපිට ලැබුණු ප්‍රතිචාරය වූයේ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන බව සහ ඒ වෙනුවෙන් යම් කාලයක් ගතවිය හැකි බවයි. එහිදී අප නැවත ඔවුන් වෙත අවධාරණය කරනු ලැබුවේ මෙය කල් කල්ගත කර සැලසුම් සකස්කර කළ යුතු කාර්යයකට වඩා ඒ වනවිට දියුරුම් දීම සිදු නොවීතිබූ තානාපතිවරයාගේ දිවුරුම් දීමේ කටයුතු වලට මැදිහත් වන ලෙස සහ ඒ තුළින්ම ද්වීපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වන ලෙසයි.

දෙසැම්බර් වන විට ඉතාලියේ නව තානාපතිවරයා ලෙස සත්‍යා රොඩ්රිිගෝ මහතා නිල වශයෙන් වැඩ භාර ගත් අතර අප වහාම එතුමාගේ අවධානයට මේ කරුණ ඉදිරිපත් කළෙමු. ඉන් ඔබ්බට යමින් ඔහු සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර පසුගිය දෙසැම්බර් 27 වැනි දින නියෝජිත කණ්ඩායමක් ලෙස වූ හා සාකච්ඡා කිරීමට අපට හැකි විය. එහිදී මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔහු ගනිමින් තිබෙන වෙහෙස පිළිබඳ අපිට අවබෝධයක් ඇතිවූ අතර ඊට අමතරව කරුණු ගණනාවක් අවධානයට ලක් කළෙමු. ඒ අතර තානාපති කාර්යාලයේ නුසුදුසු තත්ත්වය, කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම, ඉරු දින තානාපති කාර්යාලය විවෘතව තැබීම, ජංගම සේවා පැවැත්වීම ආදිය ගැනද අවධානය යොමු කළෙමු. විශේෂයෙන්ම රියදුරු බලපත්‍රය පරිවර්තනය කර ගැනීම සිදුවන මොහොතේ මුහුණ දිය හැකි ප්‍රායෝගික ගැටලු ප්‍රමාණයක් ඔහුගේ අවධානයට ලක් කළෙමු. ඒ අතර වීසා අලුත් කිරීමට ලබාදුන් අවස්ථාවේදී අත ඇති රිසිට් පතෙන් එම කටයුත්ත කර ගැනීමට හැකිවන අයුරින් පසුබිම සකස් කිරීම, මේ අත්සන් කිරීමට සෑහෙන කාලයක් ගතවී ඇති හෙයින් එම අහිමි වූ කාලයට අදාළව අවුරුදු හතරේ රෙසිඩන්ස් සීමාව දීර්ඝ කර ගැනීමට අවධානය යොමු කිරීම, රියදුරු බරපත්‍රය සහතික කරවා ගැනීමේදී මුහුණ දීමට සිදුවිය හැකි පමාවන් සහ ගැටලු, මේ වන විට කල් ඉකුත් වී තිබෙන රියදුරු බලපත්‍ර අලුත් කරවා ගැනීමට යෑමේදී ඉතාලියේ සිට එය කරගැනීමට අවස්ථාව ලබාදීම ආදී කරුණු ගන්නාවක් සාකච්ඡා කළෙමු.

ඊට අමතරව විශේෂයෙන්ම විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සහ ඒවා නිරාකරණය කර ගැනීමට ගත හැකි පියවරයන්සම්බන්ධයෙන් කරුණු සහිත ලිපි භාරදුන් අතර ඒ වෙනුවෙන් ලංකා රජයටත් අවශ්‍ය අවබෝධය ලබාදීමට තානාපතිතුමාගේ සහයෝගය ද ඉල්ලා සිටියෙමු.

එහිදී අපට දැනගන්නට ලැබුණේ අදාළ ලිපි ලේඛන සකසා තිබෙන බව සහ ඒවා ඉතාලි බලධාරීන්ට භාරදීම සඳහා අවස්ථාවක් ඉල්ලා තිබෙන බවයි. ඒ අතර යම් යම් ගැටලු පැන නැගිය හැකි බවද ඒවාට ලංකා ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මැදිහත්වීමක් සිදු වීමේ අවශ්‍යතාවයද අවධාරණය විය. ඒ අනුව අප තීරණය කරනු ලැබුවේ නව පාලනයේ විදේශ ඇමතිවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡාවක් ලබාගෙන මෙම කටයුත්තට මැදිහත්වී ඉක්මනින් විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය කරන මැදිහත්වීම සිදුකරන ලෙසටයි. ඒ සඳහා ජන අරගල ව්‍යාපාරය නැවත සම්බන්ධ කර ගනිමින් මෙම ගැටළුවට මුහුණ දී සිටින ඉතාලියේ රැකියා කරන අයගේ පවුල්වල සාමාජිකයින් හා මේ වන විට නිවාඩුවට ලංකාවට ගොස් සිටින කිහිප දෙනකුත් සම්බන්ධ කරගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගොස් ඇමතිවරයා හෝ නියෝජ ඇමතිවරයාරයා මුණගැහි මේ ගැටලුව සාකච්ඡා කිරීමයි. ඒ අනුව ජනවාරි 29 වැනි දින එය සූදානම් කළ අතර වසන්ත මුදලිගේ ලහිරු වීරසේකර සහ ජන අරගල සන්ධානයේ නියෝජිතයින් කීපදෙනෙක් සමග අමාත්‍යාංශයට ගිය නමුත් ඒ මොහොතේම ඇමතිවරයා හෝම ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලැබී තිබුණේ නැත. ඔහුගේ ලේකම්වරයා වෙත අදාල ලිපි භාරදී කරුණු සාකච්ඡා කර මෙය විසඳීමට වහාම මැදිහත් වන ලෙසත් තව දින දහයකින් නැවත පැමිණෙන බවත් ඔවුන් ප්‍රකාශක කර තිබුණි. ඒ අතරම කලින් තානාපතිවරයා ඉල්ලා සිටි අදාල ලේඛන භාරදීමේ අවස්ථාව ඉතාලි පාර්ශවයෙන් ලැබී තිබුණු අතර එම හමුව ජනවාරි 30වන දින සිදුවිය. එම හමුවෙන් පසු අප වෙත දැනගැනීමට ලැබුණේ බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි ආරංචියට සමීප කලින් තත්ත්වයට වැඩියෙන් ඉදිරියට ගිය තොරතුරු කිහිපයකි. ලිපි ලේඛන සහ දත්ත ආරක්ෂණ පද්ධතියේ ගැටලු නොමැති බවත් යම් යම් කරුණු පැහැදිලි කර ගැනීමට ඉදිරියේදී මුණගැසීම් සිදුවීමට නියමිත බවත්ය.

ඒ අතර අද දින දැනගන්නට ලැබුණේ විදේශ ඇමති විජිත හේරත් මහතා ලංකාවේ ඉතාලි තානාපතිවරයා මුණගැසී සාකච්ඡා කළ බවකි.
ඒ අනුව මේ සියලු පාර්ශ්වයන්ගේ මැදිහත්වීම විසින් මෙතෙක් බොහෝ ලාංකිකයින් පීඩාවට පත් කළ රියදුරු බලපත්‍රය ඇතුළු ගැටලු ගණනාවකට විසඳුම් ලැබීමට නියමිත අතර විදේශ ගමන් බලපත්‍ර ගැටලුව විසඳීම සඳහා අදාල ආගමන විගමන නීති සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අපේක්ෂා කරමු. එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා දිගටම අපගේ අරගලය ඉදිරියට ගෙන යමු. ආරම්භයේ සිටම අපගේ අදහස වූයේ යහපත් තානාපති සේවාවක් ලබා ගැනීම සඳහා ලාංකිකකින් සංවිධානය වී කටයුතු කළ යුතු බවයි. එමෙන්ම තවදුරටත් තානාපති සේවාවට දේශපාලන හෙංචයියන් එවන කටයුත්ත නැවැත්වීම සඳහා දැඩි බලපෑමක් කළ යුතු බවයි. ඉතාලිය සම්බන්ධයෙන් ඒ පිළිබඳ යම් සතුටුදායක තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කල යුතු අතර විශේෂයෙන්ම යුරෝපා රටක් වන ඉතාලියේ ශ්‍රී ලාංකීය පුරවැසියන් එක් ලක්ෂ පනස්දාහකට වැඩි ප්‍රමාණයක් වාසය කරන බවත්, ඔවුන්ගෙන් බහුතරය උපයන මුදල් ලංකාවට යවන බවත් ඒ පිළිබඳ සැලකිල්ල යොමු කර ඊට සරිලන යහපත් තානාපති සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලි පහසුකම් හා කාර්ය මණ්ඩලය ලබාදෙන ලෙසටද මතක් කර සිටිමු. තමන්ට පුද්ගලිකව බලපාන ගැටලු හමුවේදී පමණක් නොව පොදුවේ ලාංකීය ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය සඳහා අවශ්‍ය මැදිහත් මැදිහත්වීම් කිරීමට ද සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමු.
https://vivaranews.com/archives/54523
https://vivaranews.com/archives/54499

leave a reply