ඔමික්‍රෝන් පැමිණීම වළක්වන්න වහාම ගුවන්තොටේ දී පැමිණෙන මගීන්ගේ PCR කරන්න – රවී කුමුදේශ්

දකුණු අප්‍රික්‍රාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයට මෙරටට ඇතුළු වීමට ඉඩ නොතැබීම සඳහා ඉතාම සැලකිලිමත් වියයුතු බවත් ඒ සඳහා ගුවන්තොටුපලේ ඇති රසායනාගාර භාවිතා කර පැය තුනෙන් ප්‍රතිඵල ලබාගත හැකි PCR පරීක්ෂණ සිදුකිරීම වහාම ආරම්භ කළයුතු බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරයි

“අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා.

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි.

ඒත් අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. වහාම ඔන් අරයිවල් PCR පරීක්ෂණ ඇරඹිය යුතුයි. පැහැදිලිවම අපි රජයට කියනවා කරුණාකරලා මේ හෝටල් මාෆියාවට සහ PCR මාෆියාවට යටවෙන්නෙ නැතුව ගුවන් තොටුපලේ තියෙන ගුවන්තොටුපල අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසයනාගාර පාවිච්චි කරලා පැය තුනක් ඇතුළත කරලා දෙනවා කියන මේ PCR පරීක්ෂණය වහාම ආරම්භ කරන්න”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...