ජනාධිපති අත්සන් තැබූ වදකාගාර ගැසට් එක

වසංගත සමයේ පවා මර්දනකාරී අරමුණු සහිතව ආණ්ඩුව ගෙන යන කටයුතු ශක්තිමත් කිරීම පිණිස නව රැඳවුම් ස්ථාන නම් කරමින් තිබෙන බව අනාවරණය වේ.

2021 ජූනි 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් කොළඹ 5, කිරුළපන ඇවනිව්හි අංක 145 දරණ ස්ථානය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9වන වගන්තියේ කාර්යය සඳහා රැඳවුම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මර්දනයට නියමිත පුද්ගලයන් මෙම ස්ථානයේ රඳවා තැබීමට අදහස් කරන බව පෙනී යයි. මේ වන විට ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ ඇතැම් පියවර විවේචනය කිරිමත් දේශපාලන නායකත්වයේ දුබලතා හාස්‍යයට ලක් කිරීමත් නිසා නව මර්දනකාරී පියවර ගැනීමේ උවමනාව ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් අනාවරණයකර ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ ව්‍යවස්ථාපිත අයිතිය උල්ලංඝනය කරමින් මෙම හේතු යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් රඳවා තැබීමට ඉහත ස්ථානය නම්කර ඇති බව පෙනී යයි. මේ වනවිට රජයේ ප්‍රකාශිත රැඳවුම් මධ්‍යස්ථාන සියල්ලම පාහේ කෝවිඩ් ආසාදන වැළැක්වීමේ නිරෝධායන ක්‍රමයට අනුගත බැවින් අලුතින් අත්අඩංගුවට ගැනීමට අපේක්ෂිත පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නව රැඳවුම් කඳවුරට ගෙනයාම සිදු වෙතැයි අනුමාන කෙරේ.

කෙසේවෙතත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් මෙවැනි ගැසට් නිවේදනයක් පළ කරන්නට අත්සන් යොදා ඇත්තේ ජනාධිපති ධුරය භාවිත කරමිනි. එහෙත් මෙවැනි ගැසට් නිවේදනයකට අත්සන් යෙදීමට බලයලත් තැනැත්තා වන්නේ ආරක්ෂක ඇමතිවරයා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...